බොරදියමල් මුහුරත් උලෙළ

ඔක්තෝබර් 22, 2020

අනුර දායන්ජිත්ගේ නවතම ටෙලි නිර්මාණය "බොරදියමල් " හි සමාරම්භය පසුගියදා හෝමාගම ග්‍රීන් කොර්ට් හෝටලයේදී සිදු විය.

ෆ්‍රෙන්ඩ්ස් ක්‍රියේෂන්ස් නිෂ්පාදනයක් වන බොරදියමල් විජිත් නුවන්ගේ පිටපත් රචනයෙකි. මිතුන් කරුණාතිලක කැමරාකරණයෙන්ද සුමිත් දැරණියගල ගේ කලා අධ්‍යක්‍ෂණයෙන් හිමාල් කරුණාතිලකගේ සංස්කරණයෙන් බොරදියමල් නිර්මාණය වීමට නියමිතය. සහාය අධ්‍යක්‍ෂක සහ නිෂ්පාදන කළමනාකරු ලෙස චාමර උපෙක්ෂිත කටයුතු කරන අතර අංගරචනයෙන් සංඛ රණසිංහ දායක වේ.

ක්ලීටස් මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල්, රමණී සිරිවර්ධන, ජනක රණසිංහ, අනිල් ජයසිංහ, අජිත් නයනප්‍රිය, හසිනිකා කරලියැද්ද, පවිත්‍රා වික්‍රමසිංහ, උදේනි නදීකා, අමන්දා ජයරත්න, දේව් සුරේන් , රොහාන් රණතුංග, බනුර මලිත්, අශාන්ති වරුණසුරිය, විරාජ් ධනුක, පූජනි භාග්‍යා, අභිශේක් ප්‍රමුදිත, චතුරංග දිසානායක, මනීෂා කන්දෙකුඹුර, ආලෝකා ධනංජනී, සදුනී නවාංජනා, දෙවංගනී දිසානායක, ජෝන් දිනේෂ්, චතුරිකා රණසිංහ, සචිත්‍රා,මෙන්ම තවත් ප්‍රවීණ සහ නවක කලාකරුවන් රැසක් බොරදියමල් සමඟ එකතුව සිටිති.