මායා මන්ත්‍රී අයි.ටී.එන්. ඔස්සේ

ඔක්තෝබර් 29, 2020

සුමිත් කුමාර අධ්‍යක්ෂණය කරනු ලබන මායා මන්ත්‍රී ටෙලි සිතුවම එළඹෙන නොවැම්බර් මස 05 වැනිදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 7 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතය. පාලිත සිල්වා, ජනක කුඹුකගේ, හිමාලි සයුරංගි, අනුරුද්ධිකා පාදුක්කගේ, කුමාරි මුණසිංහ, තුෂාර වේහැල්ල, අනුලා බුලත්සිංහල, ගාමිණී අම්බලංගොඩ, දසුන් මධුසංඛ, සුනිල් ප්‍රේම කුමාර, සංජු රසාංග, උදේනි අල්විස්, චන්ද්‍රසෝම බිංදුහේවා, ඩී. බී. ගංගොඩතැන්න, රොහානි වීරසිංහ සහ අනුපමා කබ්රාල් මෙහි චරිත මවති.

මායා මන්ත්‍රී නලින් කුමාර් නඩේෂන්ගේ නිෂ්පාදනයකි. කේ. බී. හේරත් රූපවාහිනි රචකයාය.

විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂවරයාය. අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සහ දයා සූරියආරච්චි කැමරා අධ්‍යක්ෂවරුන්ය. ප්‍රගීත් ද සිල්වාගේ නිෂ්පාදන කළමනාකරණයකි. ආනන්ද ගමගේ සංගීත අධ්‍යක්ෂවරයාය. ආචාර්ය අජන්තා රණසිංහ ගීත රචනා කර තිබූ නාට්‍යයකි. ගීත ගායනය ජැක්සන් ඇන්තනිගෙනි. ජගත් වීරතුංග සංස්කරණ ශිල්පියාය. රසික තෙන්නකෝන් සහ රොඩ්නි වෑන්කට් අංග රචනා ශිල්පීන්ය. ධම්මික ප්‍රියන්ත කලා අධ්‍යක්ෂවරයායි.

හර්ෂණ වික්‍රමසිංහ දෙවැනි සහාය අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ.