ලොකු ඉස්කෝලේ මහත්තයා පෝය දවසට ITN එයි

නොවැම්බර් 26, 2020

ප්‍රභාත් දුෂ්‍යන්ත අධ්‍යක්ෂනය කරන පෝය ටෙලි චිත්‍රපට මාලාවේ දෙවැන්න, ලොකු ඉස්කොලේ මහත්තයා මේ මස විසිනව වැනිදාට යෙදෙන ඉල් පෝදින දහවල් 1.00ට ස්වාධීන රෑපවාහිනියෙන් විකාශනය වේ. පාදුක්ක,වාරියපොල ප්‍රදේශවල රූගත කරන ලද මෙම ටෙලි චිත්‍රපටයේ දිමුතු චින්තක, හිමාලි සයුරංගි, සුරංග කුරුප්පුආරච්චි, විරාජ් මධුෂාන්, තිලිණි ජයමාලි, නේහා බාලසූරිය, ඩිල්කි බාලසූරිය, ජනූ විදුවර, කෙවන් සෙන්මිත ඇතුළු පිරිස රංගන දායකත්වය සපයති. තනූජාවී විජේවික්‍රමගේ රූපවාහිනි රචනයකි, ගයාන් මහගලගේ සහය අධ්‍යක්ෂවරයාය, ධම්මික සම්පත් කැමරාකරණයෙන්ද, අරුණ දිසානායක අංග රචන⁣යෙන්ද, ප්‍රභාත් මධුසංඛ සහ චතුර ජයරුවන් කලා අධ්‍යක්ෂනයෙන්ද, ප්‍රියාන් රන්දික සහය නිෂ්පාදනයෙන්ද, හිමාල් චතුර ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය පටිගත කිරීමෙන්ද, තිවංක රත්නපාල සහය කැමරාකරණයෙන්ද, සුරංග බස්නායක සහ ඉසුරු අධිකාරි ඩ්‍රෝන කැමරාකරනයෙන්ද, ගයාන් මංජුල, අරෝෂ් උදයංග, මංජුල ජයවර්ධන ආලෝකකරණයෙන්ද, පහන් රූබසිංහ, සෙනාල් වඩුගේ සහය ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය පටිගත කිරීමෙන්ද මෙයට දායක වූහ. ලොකු ඉස්කෝලෙ මහත්තයා ස්වාධීන රූපවාහිනීයේ නිෂ්පාදනයකි.