සාලින්ද ගෙන එන පෝක් වීදිය

දෙසැම්බර් 17, 2020

සහාය අධ්‍යක්ෂවරයකු මෙන්ම රංගන ශිල්පියකු ලෙසට නමක් දිනා සිටි සාලින්ද රත්නායක ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසට කලඑළියට එන්නට සූදානමිනි. ඔහු කුඳුලේ නිර්මාණය කරන ටෙලි සිතුවම නම්කොට ඇත්තේ පෝක් වීදිය යනුවෙනි. එහි මුහුරත් උළෙල පසුගියදා පන්නිපිටියේ දී පැවැත්විණ.

සනත් විමලසිරි, සුජානි මේනකා, ධර්මප්‍රිය ඩයස්, දමිතා අබේරත්න, දුලිකා මාරපන, සරත් කොතලාවල, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මිෂෙල් දිල්හාරා, සංගීත් ප්‍රභූ, සමිත සුදේශ්වර, ප්‍රතිභා හෙට්ටිආරච්චි, ශෂී ඇන්ජලීනා, තාරුක මුණසිංහ, කස්තුරි ජයවර්ධන කංචන ගිම්හාන් ඇතුළු පිරිස පෝක් වීදිය ටෙලි සිතුවමේ නළු නිළියෝය.

රූපවාහිනී රචනය අසංක සායක්කාරගෙනි. රන්ජන් ප්‍රසන්න රේඛීය නිෂ්පාදකවරයාය. කැමරා අධ්‍යක්ෂණය ඉන්දික ලක්මාල් විසිනි.

ප්‍රසන්න නිරෝෂන් විජේසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් දායක වේ.

වේශ නිරූපණය මනනුවන් රූපසිංහගෙනි. කලා අධ්‍යක්ෂණය වජිර ප්‍රියශාන්තයි. තරිඳු චතුරංග නිෂ්පාදන කළමනාකරණයෙන් එක්වේ. වීඩියෝ රාජ් ප්‍රඩක්ෂන් ඉදිරිපත් කිරීමකි. චමිත්ෂා අම්බලන්ගොඩ නිශ්චල ඡායාරූපකරණයෙන් එක්වෙයි.