පාට පාට මිනිස්සු පොහොය දා ස්වාධීන රූපවාහිනියේ

දෙසැම්බර් 24, 2020

ප්‍රභාත් දුෂ්‍යන්ත අධ්‍යක්ෂණය කරන පෝදින ටෙලි චිත්‍රපට මාලාවේ තෙවැනි ටෙලි චිත්‍රපටය මේ මස 29 වන දින උඳුවප් පෝදා දහවල් 1.00ට විකාශනය වේ. පාට පාට මිනිස්සු ලෙස නම් තබා ඇති මෙහි ජනක කුඹුකගේ, ෆර්නි රෝෂනී, කෝකිල පවන්, තනූජාවී විජේවික්‍රම රංගනයෙන් දායක වෙති. ඇහැලියගොඩ ප්‍රදේශයේ රූපගත කළ මෙම ටෙලි චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂණය ගයාන් මහගලගේගෙනි, ධම්මික සම්පත් කැමරා අධ්‍යක්ෂවරයාය. කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රභාත් මධුසංඛ සහ චතුර ජයරුවන් දායක විය. අංග රචනය නවෝද්‍ය සත්සරගෙනි. තිවංක රත්නපාල ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය පටිගතකිරීමෙන්ද, ගයාන් මංජුල, මංජුල ජයවර්ධන, අරෝෂ් උදයංග, පහන් රූබසිංහ ආලෝකකරණයෙන්ද, ප්‍රියාන් රංදික සහය නිෂ්පාදනයෙන්ද පාට පාට මිනිස්සු සඳහා දායකත්වය ලබා දුන්නෝය. මෙම පෝදා ටෙලි චිත්‍රපටය ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාදනයකි.