කෝපි කඩේ ලියන ගමන් චිත්‍ර අඳින අතුල

මාර්තු 4, 2021

වසර 30ක කාලයක් විවිධ කලා අංශයන් හි දස්කම් දක්වන්නෙකු ලෙස නිහඩව කටයුතු කළ අතුල සෙනරත් යාපා නම් වූ කලා ශිල්පියා වෙනස්ම විදිහකට චිත්‍ර නිර්මාණය කරන්න පටන් අරන් ඒ ගැන ඔහු සමග සරසවිය අප කළ කතාබහකි මේ.

 

කවුද මේ අතුල සෙනරත් කියන්නේ ඔබ ගැන විස්තරයක් කළොත්,

මගෙ පදිංචිය බියගම. මං මූලීක අධ්‍යාපනය ලැබුවේ පිලියන්දල කණිෂ්ඨ විද්‍යාලයෙන් හා කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්. පස්සේ උසස් පෙළට ලුම්බිණියට ගියා. ලුම්බිණිය තමයි මාව කලාකරුවෙක් කරන්නේ. ලුම්බිණි රඟහල එයට හොද තෝතැන්නක් වුණා. පාසල් නාට්‍යවලත් රගපෑවා.

 

ඒ දවස්වල චිත්‍රකතා පත්තරේටත් ඇන්දලු නේද?

පාසල් කාලේ රගපෑවට මගෙ හැකියාව තිබුණේ චිත්‍ර අදින්න. ඒ කාලේ හරිම ජනප්‍රිය අංගයක් තමයි චිත්‍රකතා. ඉතින් මං කතා රචකයෙකු,චිත්‍ර ශිල්පියෙකු මෙන්ම කාටූන් චිත්‍ර ශිල්පියෙකු ලෙසත් චිත්‍ර ඇන්දා. ඒ දවස්වල ලංකාවේ ජනප්‍රියම චිත්‍ර කතා ප්‍රකාශන වුණ සතුට, සිත්තර, දසුන, චිත්‍රමිත්‍ර, මධුර වැනි ඒවට මං ඇන්දා. ඒ වගේම දේශපාලන පත්තරේකට මං චිත්‍ර ඇන්දා. ඒවා ඒ කාලේ හරියට කතා බහට ලක්වුණ චිත්‍ර.

 

 

චිත්‍ර ඇද ඇද හිටපු අතුල සෙනරත් කොහොමද පිටපත් රචකයෙක් වෙන්නෙ?

මං ජාතික කතෝලික සිනමා පර්ෂදය (ර්‍ණඛ්ධ්ඛ්) මෙහෙය වූ රූපවාහිනී සිනමාකරණ පාඨමාලාවට සම්බන්ධව සිනමාවේදී ඇන්ඩෲ ජයමාන්නයන් යටතේ තිර රචනා පිළිබදව හැදෑරුවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනිය මෙහෙයවූවා වැඩමුළුවක් විජය කුමාරතුංග අනුස්මරණ පදනම හා ලක්හඩ එක්ව එයත් තිර රචනා පිළිබද එකක් එකී වැඩමුළුවෙදි තිස්ස අබේසේකර, ධර්මසිරි ගමගේ, සෝමවීර සේනානායක, බන්දුල විතානගේ වැනි අයගේ ගුරුහරුකම් ලැබුණා...

මේ කාලෙදී ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ යනවා. කෝපිකඩේ 250වෙනි පිටපතේ ඉදලා මේ දක්වාම මං කෝපිකඩේට පිටපත් රචනයෙන් දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව සත්සර රංගන කතාංග මාලාවටත් පොහෝදින ඒකාංගික කතා සඳහාත් පිටපත් රචනා කරලා තියෙනවා.

 

ලේඛන කලාවට ලොකු නැඹුරුවක් තිබිලත් පිටපත් රචනා විතරද කරලා තියෙන්නේ?

නෑ. මං මාධ්‍යවේදියෙක් විදිහට පුවත්පත් කිහිපයකම ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළා. දේශපාලනඥයින්, ජනප්‍රිය කලාකරුවන්, විද්වතුන් රාශියක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡා දේශපාලනික සමාජීය කරුණු පිළිබද කළ රචනා, තීරූ ලිපි කෙටිකතා එහෙමත් ලියලා තියෙනවා

 

මොකද්ද මේ අලුත් චිත්‍ර ඇඳිල්ල?

මේකට කියන්නේ නචනඥප ඳභඪතතඪදඨ ක්‍රමය කියලා. දැන් මේ ක්‍රමය යොදා ගන්නේ ඡඪපබඩඤචර ජචපඤඵ වගේ දේවල් වලට. ඒ ක්‍රමය චිත්‍රවලට ගෙන ඒම තමයි මං කරන්නේ. ඒක ඉතාම සූක්ෂ්ම ව කරන්න ඕන වැඩක්

 

කොයිතරම් කාලයක් ගතවෙනවද මේ චිත්‍රයක් නිර්මාණය කරන්න?

සාමාන්‍යයෙන් දින හතරකින් වගේ මේ චිත්‍රය ඇඳලා ඉවරකරන්න පුළුවන්.

 

කාටහරි ඔබව සම්බන්ධ කරගන්න අවශනම් චිත්‍රයක් නිර්මාණය කරගන්න ඒක කරන්නේ කොහොමද?

මගෙ දුරකතන අංකය 0763951527 මේ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්.