වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි
සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු
එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ
යුදකාමී රැජනකගේ වීර කාව්‍යය
ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්
ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම
ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?
ආදරය ගින්දරක් 1 දා සිට
ජාතික රූපවාහිනියේ අලුත්ම විදේශීය ටෙලි නාට්‍යයක් ‘සූරිය දියණි’
ටෙලිනාට්‍ය කලාවේ උණුසුම් පුවත්

="font-size: 16pt"> ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි

සමන් එදිරිමුණි පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙස නම ප්‍රකට වූ අයෙකි. එමෙන්ම ගුවන් විදුලි නාට්‍ය කිහිපයක්ම එදිරි අතින් රචනා විය. අනුත්තරා, සඳ ඔබ මගේ, ආදරේ අහස තරම් සහ සේයා ඉන් කිහිපයකි. මෙවාට අමතරව මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන සිඳු නමැති ජනප්‍රිය ළමා ටෙලි සිතුවම ද එදිරිගේ කතා පුවතකි. සිඳු හරහා පැමිණි සෝරත පොඩි හාමුදුරුවෝ, සිඳු සහ සරණ නමැති පූස් පැටවා අද වන විට අතිශය ජනාදරයට පාත්‍ර වී ඇත. එදිරි ඔබ පිළිබඳ දන්න අයත් මේ ක්ෂේත්‍රයේ ඇති. නමුත් බොහෝ දෙනෙක් ඔබගේ ආරම්භය ගැන දන්නේ නැහැ. වඩාත් හොඳයි මේ කතාව එතනින්ම පටන් ගත්තා නම්? මං කොළඹ කොල්ලෙක් නෙවෙයි. ගම උඩවලව. උඩවලව මහා විදුහලෙනුයි අධ්‍යාපනය ලැබුවේ. පුංචි කාලේ ගැමි සිරිය ඉතා උපරිමයෙන් වින්දා මං. මං පුවත්පත් කලාවට යොමුවිම පිටුපස අපූරු කතාවක් සැඟවිලා තියෙනවා. ඒක කොහෙන් පටන් ගන්න ද කියලා මට හිතාගන්න බැහැ. මම මෙහෙම අහන්නම්. 
 

....සම්පූර්ණයෙන් කියවන්න
 

සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු

බූරු ඇඳේ පතබෑවිච්ච මං ඉන්නේ නින්ද එනකල් මඟ බලන්. මට මෙහෙම නම් එක දිගට දහ දොළොස් දවසක් තිස්සේ ටෙලි නාට්‍යයක් කරන්න මහන්සි ගන්න මිනිස්සුන්ට කොහොම ඇතිද කියලත් මට හිතෙනවා. එතකොටම පංචස්කන්ධෙ බූරු ඇඳේ තියලා මං සිතින් ටික ටික මහඉලුප්පල්ලම ඇතුළු අනුරාධපුර රූ ගැන්වෙන ඒ ටෙලියේ මතක ජවනිකා අස්සෙන් පල්ලම් බැහැගෙන බැහැගෙන යනවා. ගමට කෘමිනාශක නැති කෘෂිකර්මය ගෙනයන්න උදව් කරන රොටවේටර වාගේ සද්දන්ත නවින යන්ත්‍ර සුත්‍රවල එතකොට මගේ ඇස් ගැටෙනවා. ඒවා මේ ටෙලි නාට්‍යය හරහා රටටත් දැකගන්න ලැබේවි. ඒ දිහෑ බල බලා ඉනිඅල, මහ කුකුළල, ප්‍රථම දේශීය දෙමුහුන් මිරිස් යායවල් පහුකරන මට ඉලව්ගෙයක් මුණ ගැහෙනවා. කැමරා ආම්පන්න ලක ලෑස්ති කරන් දැන් වකුගඩු ලෙඩෙන් මැදි වයසට කලින් මැරිච්ච පුංචිරාළගේ මළගමේ දර්ශනේ රූගත කරන්නයි හදන්නෙ. ඒ කෙරුවාව දැකබලාගන්න සේනපුර, එප්පාවල, ඈඳගල . . . .  
 

....සම්පූර්ණයෙන් කියවන්න