වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 12 වැනිදා අඟහරුවාදා




පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....
විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්
හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
කෝපි කඩේට තිස් වසරයි
තුන්වැනි පරම්පරාවේ වංශවත් අරගලය
ෆ යනු වැලක් සහ ඩබල්, ඩබල් කෝච්චියක් එක්වූ ෆේස් ටු ෆේස්
මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ
හිරු නාළිකාවේ ‘සෙවණැලි’ තනද්දී බියකරු සිදුවීමක්
ජනතාවට හොඳ සම්මාන උලෙළක් දීලා බැනුම් අහන්න මම බය නැහැ
තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය
ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි
සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු
එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ
යුදකාමී රැජනකගේ වීර කාව්‍යය
ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්
ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම
ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?
ආදරය ගින්දරක් 1 දා සිට
ජාතික රූපවාහිනියේ අලුත්ම විදේශීය ටෙලි නාට්‍යයක් ‘සූරිය දියණි’
සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු

සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු

බූරු ඇඳේ පතබෑවිච්ච මං ඉන්නේ නින්ද එනකල් මඟ බලන්. මට මෙහෙම නම් එක දිගට දහ දොළොස් දවසක් තිස්සේ ටෙලි නාට්‍යයක් කරන්න මහන්සි ගන්න මිනිස්සුන්ට කොහොම ඇතිද කියලත් මට හිතෙනවා. එතකොටම පංචස්කන්ධෙ බූරු ඇඳේ තියලා මං සිතින් ටික ටික මහඉලුප්පල්ලම ඇතුළු අනුරාධපුර රූ ගැන්වෙන ඒ ටෙලියේ මතක ජවනිකා අස්සෙන් පල්ලම් බැහැගෙන බැහැගෙන යනවා.

ගමට කෘමිනාශක නැති කෘෂිකර්මය ගෙනයන්න උදව් කරන රොටවේටර වාගේ සද්දන්ත නවින යන්ත්‍ර සුත්‍රවල එතකොට මගේ ඇස් ගැටෙනවා. ඒවා මේ ටෙලි නාට්‍යය හරහා රටටත් දැකගන්න ලැබේවි. ඒ දිහෑ බල බලා ඉනිඅල, මහ කුකුළල, ප්‍රථම දේශීය දෙමුහුන් මිරිස් යායවල් පහුකරන මට ඉලව්ගෙයක් මුණ ගැහෙනවා.

කැමරා ආම්පන්න ලක ලෑස්ති කරන් දැන් වකුගඩු ලෙඩෙන් මැදි වයසට කලින් මැරිච්ච පුංචිරාළගේ මළගමේ දර්ශනේ රූගත කරන්නයි හදන්නෙ. ඒ කෙරුවාව දැකබලාගන්න සේනපුර, එප්පාවල, ඈඳගල ගම්මු ආසියාවේ විශාලම කෘෂිකර්ම පර්යේෂණ ගොවිපළ විරුදාවලි ලබන මේ මහ ඉලුප්පල්ලම ගොවිපළට එක්රොක් වෙලා සිටිනවා.

'කවුද අප්පා මේ ටෙලි නාට්‍යයේ නළුවො, කුතුහලය උහුලගන්න බැරිම තැනදි ෂූටිං බලන්න ඇවිදින් හිටිය ගම්මු තැන තැන ඉඳන් එහෙම මුමුණනවා. එක අතකට ඒකේ පුදුම වෙන්න දෙයකුත් නෑ. හරක් බානක්ම බලා කියාගෙන කුඹුරු යායක් අස්වද්දන ගොවියකු වෙන සිරිල්ගේ චරිතෙට පණ දෙන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි එවෙලේත් සරොං කෙටියට යට කරගත්ත දෑකැති පොඩිත්තක් ඉනේ ගහන් ඇඟේ තැවරිච්ච මඩ පිටින්ම එතැන ඉන්නේ. මේ වැඩේට බැස්සම එහෙම කඩියො වගේ වැඩ කළාට හැන්දෑකරේ ෂූටිං ඉවර කරලා ලොජ් වුණාට පස්සේ බලන්න එපැයි මේ නළු නිළි රොත්තේ කොලොප්පං වැඩ. ඒ එක එක්කෙනාට ගහගන්න මඩ පෝස්ටර්, කැලෑ පත්තර, පැදුරු සාද, ප්‍රිය සම්භාෂණ ඒ සේරම සෙල්ලම් ඉතින් රෑ වෙනජාමෙට තමයි.

මං මතකෙ හැඩිවෙච්ච ඔය වගේ මතක සිතින් තෝර තෝර එක්කාසු කර ගනිද්දී වුණේ හරිම අලකලංචියක්.

ඇත්තම තමයි අද වනවිටත් මේ කෘෂිකාර්මික වකුගඩු ලෙඩෙන් අපේ රටේ ගොවියෝ ගෙවිළියෝ විසි හතර දහකට වඩා මියැදිලා හමාරයි. තවත් හැත්තෑ පන්දහසකට අධික රෝගින් සංඛ්‍යාවක් මේ මොහොතේත් රුධිර කාන්දු කිරීම් ඇතුළු වේදනා විඳිමින් අපා දුක් විඳ විඳ මරණය කිට්ටු වෙමින් ජීවත් වෙනවා. එච්චරක් නෙවෙයි, මේ වකුගඩු රෝගය ඇඟ ඇතුලේ තිබෙන නමුත් ඒ වග නොදන්නා තවත් ලක්ෂයකටත් වැඩි පිරිසක් ගොවි ගම්මානවල ජීවත්වන බවක් තමයි ඒ පිළිබඳ පුළුල් පර්යේෂණ සිදු කළ රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන කියන්නේ. මේ රෝගයේ තවත් බැරෑරුම්කමක් වෙන්නේ රෝගීන් හඳුනා ගන්නා විටත් ඔවුන්ගේ වකුගඩු බේරාගත නොහැකි තත්ත්වයට මේ රෝගයෙන් නැසී වැනසී ගොස් තිබීමයි.

ඔන්න දැන් මේ ටෙලියේ යටි පෙළින් දිවෙන ඒ කාරණාවල බරපතළකම තව තවත් වැටහෙද්දී අපට ජාත්‍යන්තර ජාවාරම්කරුවන් උපායශීලීව තිළිණ කරලා තියෙන්නේ ලස්සන මල් වඩමක් නේද කියලත් සිතෙනවා.

වෛද්‍ය චන්න ජයසුමනගේ 'වකුගඩු සටන' කෘතිය එළිදැක් වූ පසුගියදා වෛද්‍ය වසන්ත බණ්ඩාර රටට හෙළි කළ මේ කරුණු කිහිපයත් මේ ටෙලියේ හරහාම මගේ මතකේ ඉහත්තාවටම එනවා.

අප් රටට කෘමිනාශක ගෙන්වන සමාගම් අවුරුද්දකට වෙන් කරන ඇඩ්වර්ටයිසින් බජට්ටෙක විතරක් රුපියල් මිලියන දස දහසකටත් වැඩියි. රට රටවල ආහාර සුරක්ෂිතාවේ බලය තමන් අතට ගැනීම නව යටත් විජිතවාදී උපක්‍රමවල එක් ලක්ෂණයක්. ඒ හරහා ඒ ඒ රටවල ආහාර වෙළෙඳපොළ හැසිරවීමේ බලය තමන් අතට ගැනීමටයි ජාත්‍යන්තර ජාවාරම්කරුවන් කැස කවන්නේ. අදාළ රටේ ආහාර සුරක්ෂිතාව අනතුරට හෙළීම, බීජ, කෘෂි රසායන සහ ඊනියා කෘෂි දැනුම ඒ රටේ ජනතාවගේ නහරවලටම කාවද්දන්නයි ඔවුන්ට වුවමනා කරන්නේ.

මේ විදියට යම්කිසි රටක් වවන්න ඕනෑ මොනවාද? ඒ මොන විදියටද? ඒ සඳහා යොදාගන්න ඕනෑ යෙදවුම් මොනවාදැයි ආදී සැලසුම් පිඹුරුපත් සාදන්නේ ඔවුන්මයි. ඒ උගුලේ කරමුලටම සිර වී සිටින ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාවේ තත්ත්වය ඛේදජනකයි.

ඉහමොළ රත්වෙන මේ කරුණු කාරණා මතක් වෙද්දී 'සමනලුන්ට එන්න කියන්න' නමින් නිර්මාණය වෙන මේ ටෙලි නාට්‍යයේ නාමලීලා සිහිවනවා. (නයනතාරා වික්‍රමසිංහ). නාමලී කුඹුරුවල බැස බැස හරි අපූරුවට මවන ඒ චරිතයෙන් මවුපියන් කෘෂිකාර්මික වකුගඩු රෝගයෙන් මියැදෙන දස දහස් ගණන් පවුල්වල දරු දැරියන්ගේ අඳුරු අනාගතේ පැතිකඩක් පෙන්වන්න හදනවායි සිතෙනවා. ඒ නමුත් නාමලීලාට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමන කෘමිනාශක ගෙන්වන්නන් ගොවියන්ට වගා ඉඩම් බෙදාදීම වැනි කටයුතුවලටත් හවුල්වීම හරහා ජාවාරම්කරුවන් සුදු වතින් සැරසී සමාජය ඉදිරියට පැමිණ ඒ සමාජයෙන්ම ගරු සත්කාර ආදියත් පෙන්වන්නාක් වැනි දෙයක් මේ ටෙලියෙන් කියන්න හදනවා වගෙයි මට පෙනෙන්නේ.

'පොලොන්නරුවේ ගොවි ගම්මාන බොහොමයක රුපියල් සියයකින් පාන් ගෙඩි තුනක් විතර මිලට ගතහැකි. ඒ තරමටම ඒවා සුලභ කරලා ගොවීන්ට හුරු කිරීමේ කටයුතු ජයටම කෙරෙනවා. ඒත් අවුරද්දකට රජයෙන් ගොවියන්ට ලබාදෙන මුළු පොහොර සහනාධරයට සමානයි, අපේ රටට අවුරුද්දකට ගෙන්වන පාන් පිටිවලට අපි පිටරටට ගෙවන සල්ලි කන්දරාව.

කෘමිනාශක නිර්දේශ කරන කෘෂිකර්ම රටාවට කැසකවන අධ්‍යාපනයක් පිටරටදී සපයන ඒ හා සම්බන්ධ උපාධි, පශ්චාත් උපාධිවලට ශිෂ්‍යත්ව විදියට සමහර පිරටවලින් අපට මුදල් ගෙවන බව ඇත්තයි . ඒත් ඔවුන් ඒ දරන වියදම ඒ රටවල විශ්වවිද්‍යාලවල සේවය කරන කම්කරුවකුගේ වැටුපටත් අඩු මුදලක්. ඩොලර් මිලියන 7 ත් 10 ත් අතර වාර්ෂිකව ඔවුන් සහනාධාර විදියට අපට ගෙවන මුදලත් අපෙන් සූරාගන්නනා ධනස්කන්ධය ඉදිරියේ සොච්චමක්.

මේ කෘෂි රසායනවල නාමික විෂ විතරයි තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැයි කිව්ව හිටපු පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයෙක් අද පවුල පිටින්ම ස්විට්සර්ලන්තයේ පුරවැසියන් කරලා තියෙන්නේ. කෘමි නාශක කන්ටේනර් ගණන් එක දිගට ගෙන්වනවාට විරුද්ධව කටයුතු කළ හිටපු රේගු නිලධාරියෙක් මරණ තර්ජන නිසා අදටත් ශ්‍රී ලංකාවට එන්නේ නැතිව පිටරටකයි ජීවත් වෙන්නේ. බහු ජාතික සමාගම් විසිහයක ඒ හැසිරිම අපට තවම වටහා ගන්න පුළුවන් වෙලා නැහැ.

මේ ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්ස, වෛද්‍ය චන්න ජයසුමන, වෛද්‍ය වසන්ත බණ්ඩාර ආදීන් අවධාරණය කළ තවත් කරුණු.

මේ තරම්ම ගැඹුරු යටි පෙළක් ස්පර්ශ කරන 'සමනලුන්ට එන්න කියන්න' ටෙලි නාට්‍යය අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක්. මේ ටෙලියේ විදියට කෘෂි රසායන ගෙන්වන නීතිඥ පළුගස්වැව ඔහුගේ පුතුට විදෙස් රටකදී අධ්‍යාපනය ලබා දෙන්නේ ඒ කෘෂිකර්මය සම්බන්ධයෙන්මයි. කෙවින් පළුගස්වැවගේ ඒ චරිතයට චින්තක කුලතුංග පණ පොවනවා. ඒ නමුත් කෙවින් පළුගස්වැව පවුලේ සල්ලි මිටි බඳින කෘමි නාශක අලෙවිය වෙනුවට වෙනස් මඟකට ඔහු රාජකාරිවල යෙදෙන කනදරාව ගමේදී යොමු වන බවක් තමයි අසන්නට ලැබෙන්නේ. ඒ අතරවාරයේ ගැමි තරුණියක සහ ඔහු අතර අප්‍රකාශිත ආදර අන්දරයකුත් ගලා යනවා. ඒ ප්‍රාසංගික ටෙලි වෘත්තාන්තයේ රූගැන්වීම් දින ගණනාවක් තිස්සේ අනුරාධපුරය අවටදී සිදු කෙරුණා. මේ වනවිට රූගත කිරීම් අවසන් අදියරේ පවතින එය ළඟදීම පුංචි තිරයෙන් ඔබේ ආලින්දයේ දිග හැරෙන්නට නියමිතයි.

නයනතාරා වික්‍රමසිංහ, චින්තක කුලතුංග, බුද්ධදාස විතානාරච්චි, දයා තෙන්නකෝන්, ග්‍රේස් තෙන්නකෝන්, ගයේෂා පෙරේරා, හංසමාලා ජානකී, නෙතින් ජයසුරිය, සංගීතා සදාගි, අයේෂා දිසානායක, ඇන්ටන් කුරේ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, භද්‍රා නන්දනී, අයෝධ්‍යා දක්ෂිකා, අංජන ප්‍රේමරත්න, දයාසිරි හෙට්ටිආරච්චි, අනෝජා වීරසේකර, ජයන්ත මුතුතන්ත්‍රි, සුනෙත් ප්‍රියශාන්ත, කෞශල්‍ය සමරසිංහ, රොහාන් රණතුංග, දිලිප් මමෝහර, බුද්ධික ලොකුකැටිය, කැලුම් විජේසූරිය, ආර්. ජේ. රණතුංග ආදීහු 'සමනලුන්ට එන්න කියන්න' ටෙලි නාට්‍යයට චරිත මවති.

අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක් වන මේ ටෙලි නාට්‍යය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.

සහාය අධ්‍යක්ෂණයෙන් ශෂික හේරත් ද චින්තක සෝමකීර්තිගේ කැමරාකරණයෙන් ද, විශ්වනාත් විජේසුරිය අංග රචනයෙන් ද, සංජීව කරුණාරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද, සුලෝචන අකලංක නිෂ්පාදන කළමනාකරණයෙන්ද එක්වන එහි සංස්කරණය චන්දන ලියනගේගෙනි. ආරියවංශ ධම්මගේ ගේ කතාවක් වන මෙහි පිටපත නිහාල් බණ්ඩාර ගේ වන අතර රචනා කරන ලද්දකි. 'සමනලුන්ට එන්න කියන්න' කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශීය ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ඉදිරිපත් කිරීමකි.