වර්ෂ 2018 ක්වූ මැයි 28 වැනිදා සඳුදා




හතර දෙනෙක් ගැන හතර වරම් කතාවක් ඉලන්දාරියෝ
ඔබත් මමත් ඇයත්
බටහිර අහසේ අසිරිය වින්දෙමි
නිකිනියානේ ‘කැලෑහඳ’ මෝදුවන අයුරු කැන්දකැටියවත්තේ සිට බලා සිටියෙමි
පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....
විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්
හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
කෝපි කඩේට තිස් වසරයි
තුන්වැනි පරම්පරාවේ වංශවත් අරගලය
ෆ යනු වැලක් සහ ඩබල්, ඩබල් කෝච්චියක් එක්වූ ෆේස් ටු ෆේස්
මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ
හිරු නාළිකාවේ ‘සෙවණැලි’ තනද්දී බියකරු සිදුවීමක්
ජනතාවට හොඳ සම්මාන උලෙළක් දීලා බැනුම් අහන්න මම බය නැහැ
තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය
ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි
සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු
එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ
යුදකාමී රැජනකගේ වීර කාව්‍යය
ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්
ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම
ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?
ආදරය ගින්දරක් 1 දා සිට
ජාතික රූපවාහිනියේ අලුත්ම විදේශීය ටෙලි නාට්‍යයක් ‘සූරිය දියණි’
බටහිර අහසේ අසිරිය වින්දෙමි

බටහිර අහසේ අසිරිය වින්දෙමි

තිර රචක හා අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්

පසුගිය දිනෙක ‘සරසවිය’ ලද තොරතුරක් මත අපි කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි රජයේ සෞන්දර්ය නිකේතනය වෙත උදෑසනම පිටත් වූයෙමු. ඉතාමත් කලබලකාරී පරිසරයක පිහිටි ‘බෙල්වුඩ් නිකේතනය’ ඇතුළත ඉතා නිසංසලය. එය සකල කලාවට සෙඳුරු තෝතැන්නකි.

එසේ වූ නමුත් අප එහි ළඟා වූ රිය, එහි ප්‍රවේශ මඟට හෝ ඇතුළු කිරීමට පවා අපට අවකාශ නොවීය. රූගන්වීමට අදාළ බඩු බාහිරාදිය, විදුලි ආලෝක උපකරණ රැගත් විශාල රථයක් එහි පිවිසුම් මඟ අහුරාගෙනය.

රිය පාරේ අයිනේ නවතා යන්තමින් එහි ඇතුළු වූ අපට එකවර දක්නට ලැබුණේ කිසියම් ශිල්පියෙකු වෙස් ගන්වන ආකාරයයි.

‘කොතැනද Shoot එක කෙරෙන්නේ?’ අපි ඔවුන්ගෙන් විමසුවෙමු.

‘ඔතනින් උඩට යන්න’

ලද පිළිතුරට අවනත වූ මමත්, මාගේ මාධ්‍ය සගයාත් සපත්තු අඩි පොළවට ගෑටෙන හඬ සඟවා ගනිමින් සෙමින් උඩු මහලට සේන්දු වීමු. හමු වූ පළමු කාමරය තුළ කිසිදු බාහිර ශබ්දයක් නොමැති වුව ද, සුන්දර ලලනාවන් දෙදෙනකු බර කතාබහක නියැළෙමින් සිටියේය.

‘ඔයා මේ තරම් අහන්නේ එයා ගැන Interest වගේ

‘ඇන්ඩ්‍රියා’ ඉංගිරිසි ඌරුවට ‘විශා’ගෙන් විමසුවාය. ඊට සෘජු පිළිතුරක් නොදෙන ‘විශා’ දෙනෙත් කුඩා කරමින් මුවගට නඟා ගත් සිනහවකින් ‘ඇන්ඩ්‍රියා’ට තම සිතැඟි දැනෙන්නට ඉඩ හරී.

රූ ගැන්වෙන දර්ශනය දෙස මොනිටරයෙන් දෙනෙත් යොමා සිටින ගමන්ම අධ්‍යක්ෂවරයා අතින් අපට සංඥා කළේය. ඊට අවනත වූ අපි හෙමින් සීරුවේ රූ ගැන්වීම් සිදු කෙරෙන කාමරයට ඇතුළු වීමු.

දර්ශනය රූ ගැන්වෙන අතරවාරයේදී ඊට අදාළ දෙබස ඇන්ඩ්‍රියා අතින් ගිලිහුණි.

‘අපි ඒ ටික ආයෙමත් ගනිමු නේද?’

‘ඊට කලින් පොඩි Touch එකක් දෙන්න’

වෙස්ගැන්වීම් ශිල්පියාගේ සහයක පැමිණ ‘ඇන්ඩ්‍රියා’ ගේ මුහුණේ නැඟි දහඩිය ටිෂූ කඩදාසියකින් සෙමින් පිස දමා නැවත යන්තමින් ආලේපන ගල්වා වෙස් ගැන්වූවේය.

‘වැඩේ යන ගමන්ම Still ටික පුළුවන් නම් ගනිමු නේද?’ අධ්‍යක්ෂ අපට යෝජනා කළේ එලෙසිනි. ඔහුට අනුව අපි ‘මචංලාය’. ඒ තරමට ඔහු අපට සමීපය. ඒ මීට ඉහත කාලයක ඔහු ද පත්තර මහ ගෙදර සිටි සමයේ අප සමඟ පැවති සබැඳියාවයි. ඒ ළෙංගතුකම් අදටත් එලෙසම බව වචනෙන් දෙකෙන් ඔහු අපට දැනෙන්නට ඉඩ හරී.

Click එක Boom එකට යයිද? Flash එක  Visual එකට එයිද?’

‘හරි ඕක ඉවර වුණාම අපේ වැඩේ කරන්නම්’

අපි සැකයේ වාසියට ඉඩ හරිමින් රූ ගැන්වීමට අවස්ථාව සලසා දුන්නෙමු.

දර්ශන රූ ගැන්වීම අවසානයේ මම නිදහසේ අවට බැලුවෙමි. ‘හසිනි’ හා ‘අශාන්’ විවේකීව පසුපසට වී දර්ශන රූ ගැන්වීම් දෙස බලා සිටිනු නෙත ගැටුණි.

‘අපි මොනවා හරි කාලා බීලා ඉඳිමු නේද?’

අධ්‍යක්ෂවරයාගෙන් ආරාධනයකි.

‘මල්ලි මේ මගේ කොල්ලො දෙන්නෙක්’

නැවත වරක් සුපුරුදු ළයාන්විත බවින් යුතුව සහෘද අධ්‍යක්ෂවරයා අපිව පිරිසට හඳුන්වා දුනි.

‘කන්න බොන්න මොනවා හරි ගේන්න’

ඒ අතරතුර ඔහු අපිත් සමඟ කතාවට එක් වුණි.

‘හෂිණි කසාද බැඳපු කෙනෙක්. එයාගේ Husband කනිෂ්ක එයාව Campus එවන්නේ Masters කරන්න. ඔය අතරෙදි තමයි හෂිණිට අශාන්ව හමු වෙන්නේ.

අධ්‍යක්ෂවරයා හැඳින්වීම කළේ එලෙසිනි. ඒ අතරතුර කඩවසම් තරුණයෙකු තේ සහ විස්කෝතු රැගෙන අප වෙතට පැමිණෙන අයුරු ද එහි වූ සිදුවීම් අතර සරසවිය කැමරා කාචයට හසු විය.

‘ගන්න එපා! තේ ගෙනාවට ඔය Tea Boy  නෙමෙයි’

පිරිසේ සිටි තරුණයෙක් හඬ නැඟුවේ පුවත්පතක ඔහුගේ රුව Tea Boy  ලෙස පළ වේ යැයි තිබූ අනියත බිය නිසා විය හැකිය.

සියලු දෙනාට තේ පානය සඳහා අස්වැසිල්ලකි. ‘ඇන්ඩ්‍රියා’ ‘හෂිණි’ ‘අශාන්’ ‘විශා’ මෙකී නොකී සියල්ලෝම එක එක තැන තමන්ට රිසි පරිදි ගිමන් හරිනු අපි දුටිමු. කෙනෙක් තේ පැන් තොල ගාමින් පසෙකට වී ගිමන් හරියි. තවත් කෙනෙක් පිටපත පිරික්සයි. ඒ සියල්ලම හැරුණු විට සුහදව කතාබස් කරමින් උස් හඬින් සිනාසුන අය ද එහි වූහ.

 ‘Costumes change කරගන්න! ඊළඟ Scene එකට setවෙන්න’

විවේකය අතරතුර අධ්‍යක්ෂකගෙන් විධානයකි. පිරිස යුහුසුළුව ඊළඟ දර්ශන රූ ගත කිරීම් සඳහා සූදානම්වීමට විසිර ගිය නමුත් කිහිප දෙනෙක් එහි රැඳුණි.

යෞවනයේ වසන්තයට ඔබ්බෙන්, එහි සොඳුරු බව පරයා නැගෙන තාරුණ්‍යයේ තවත් පැතිකඩ අත්දැකීම් ප්‍රස්තුත කොටගෙන පුංචි තිරයේ හිරු නාළිකාවේ විකාශය වන ‘බටහිර අහස’ පසුගිය දිනෙක කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි රජයේ කලා නිකේතන පරිශ්‍රයේ රූ ගැන්වුණේ එපරිද්දෙනි. තාරුණ්‍යය සුන්දරය. විසිතුරුය. එහෙත් හැමවිටම නොවේ. ගතානුගතික සම්ප්‍රදායන් තුළ තරුණ සිතුම් පැතුම්, භෞතික අරමුණු කෙරෙහි ඇදී යද්දී, එකී යම් අරමුණු සඳහා ප්‍රතිරෝධී සමාජමය අදහස් උදහස් තාරුණ්‍ය හා ගැටීම හමුවේ පරම්පරා දෙකක නියෝජනය හා ප්‍රතිචාර ඊට අනුවර්තනය වීමේ උකටලී වූ පසුබිම අපූරු ලෙස ගෙනහැර දැක්වීමට මෙම නිර්මාණය සමත් වී තිබේ.

මාධ්‍යකරණය තුළ පෑනෙන් පෙළහර පෑමේ සිට කැමරාවෙන් සිත්තම් කිරීම දක්වා වූ පුළුල් පරාසයක අත්දැකීම් බහුලත්වය මත ‘බටහිර අහසේ’ රූ දර්ශන මනාව ඔපමට්ටම් වී තිබේ. දෙබසක ගැඹුර මෙන්ම අර්ථය රූපයෙන් මතු කිරීමට ‘බටහිර අහස’ තුළ අධ්‍යක්ෂවරයා දරන වෑයම ඊට මනාව සාක්ෂි දරයි.

‘බටහිර අහස’ දීර්ඝ ටෙලි සම්ප්‍රදායට අයත් තවත් එක් ටෙලි නාට්‍යයක්ම නොවන්නේය. වියපත් වපසරියක විනිවිදන තාරුණ්‍යයේ හෂිණිලා, කණිෂ්කලා, අශාන්ලා, විශාලා ගේ ඒ අත්දැකීම් සමඟ ‘බටහිර අහස’ හෙටත් ඔබ දකිනු ඇත.