වර්ෂ 2018 ක්වූ සැප්තැම්බර් 19 වැනිදා බදාදා




මිණිගං දෑලක ජීවන අන්දරය
ඉත්තෑවෙක් කියා දූරියන් බදාගත් දෙවැනි යුද්ධය
අසරණ ලොව මුතු අහුරක ඉරණම කෙබඳුද?
දෙයියෝ සාක්කි මේ දෙයියන්ගේ රටේ?
හතර දෙනෙක් ගැන හතර වරම් කතාවක් ඉලන්දාරියෝ
ඔබත් මමත් ඇයත්
බටහිර අහසේ අසිරිය වින්දෙමි
නිකිනියානේ ‘කැලෑහඳ’ මෝදුවන අයුරු කැන්දකැටියවත්තේ සිට බලා සිටියෙමි
පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....
විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්
හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
ඉත්තෑවෙක් කියා දූරියන් බදාගත් දෙවැනි යුද්ධය

ඉත්තෑවෙක් කියා දූරියන් බදාගත් දෙවැනි යුද්ධය

තිස් අවුරුද්දකට වඩා පැරැණි මනස් රූප පෙළක් මේ දිනවල කළුතර අවටදී සිනමාවට හැරේ. ඉංගිලිසි නවකතාවක් කියවාගෙන යනවිට ඒ රූප මනසේ ඇඳී තිබුණේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේය. ඔහු වෙනත් කවුරුවත් නොව වී. සිවදාසන්ය.

සිංහල සිනමාවට ශිවා අයියා වී සිටින අද අපේ කතාවේ අමුත්තා කල් බලා තිබුණේ මේ චිත්‍රපටයට බර පැන දරන්නකු සොයා ගැනිමට පමණක් නොවේ. එහි එන පිහිණුම් තටාකයක පිහිණුම් ඇඳුමින්ම සැරසුණු රූමතියකගේ චරිතය මවන්නට කෙනකු සොයන්නටත් ශිවාට සිදුව තිබේ. මුලින් නදීෂා හේමමාලි ඒ චරිතයට යොදා ගැනීමට ශිවාගේ තිබුණු කල්පනාව ඔහුගේ හිත් පෑලැස්සේම මියැදී තිබුණේ නදීශා මේ 'දෙවෙනි යුද්ධය' චිත්‍රපටයේ එන චරිතය මවන්නට අදි මදි කළ හෙයිනි.

ඉනික්බිතිව ඉන්දියාවෙන් ඊට තරුණියක් සෙවූ ශිවා ඒ රටට ගොසින් කිහිප දෙනකු ගැනම බලාපොරොත්තු ඇතිකර ගත්තේය. එහෙත් ඇමෙරිකාවෙන් නිවාඩු ලබා ලංකාවට පැමිණ විවේක සුවයෙන් සිටියදී හදිසියේම ශිවාගේ ඒ අදහස වෙනස් විය. ඒ වෙනස ඇති කළේ ඔහු නිවෙසේ ආලින්දයට වී පුටුවකට බර දී බලබලා සිටිය ටෙලි නාට්‍යයක් නිසාය.

එවේලේ එහි චරිතයක් මැවූ රූමතියක් කෙරෙහි ශිවාගේ සිත ඇදිණ. ඇයට පෙර නදීශාට බාර කිරීමට අපේක්ෂවෙන් සිටි චරිතය දීමට සිතක් ශිවාට පහළ විය. එවේලේම දෙවැනි යුද්ධයෙන් සහයා අධ්‍යක්ෂ කීර්ති රුවන් ලාල්සන් ඇමතූ ශිවා විමසා තිබුණේ ඒ නවක නිළිය කවුරුන්ද යන්නය. ඒ වන විට ලාල්සන් ළඟ තිබූ ඇයගේ සේයාරුවක් හරහා අන්තිමේදී තුෂිණි ප්‍රනාන්දුට සිංහල සිනමාවේ දොරටු විවර වූයේ දෙවැනි යුද්ධයේ ත්‍රිත්ව චරිතයක වගකීමත් පැවරෙමිනි.

ඉඳින් මේ චිත්‍රපටයේ කැපී පෙනෙන චරිතයකට පණ පොවන පුබුදු චතුරංග පිළිබඳ පවා ශිවා පසුගියදා සරසවියට අදහස් දැක්වූයේ හදපිරි සතුටිනි. ඒ පුබුදු මෙහි එම චරිතයට ආවේශ වී එය මවාපාන අපූරුව පසසමිනි.

ටික කාලෙකට පසුව ජයලත් මනෝරත්න මැද පන්තියේ පවුලක ගෘහ මූලිකයකු ලෙසින් සිනමාවෙන් අප හමු වන්නේ ද ශිවදාසන්ගේ සිනමා දසවැන්න වන දෙවැනි යුද්ධයෙනි. ඒ වටා තාක්ෂණික සහ කාර්මික මෙන්ම විවිධ කලාංගවලට එක් රොක්ව සිටින පිරිස් පිළිබඳ ද කතබහ නොකර බැරි තරම්ය.

දැනට ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලම නිෂ්පාදන කළමනාකාරවරයා වශයෙන් පිළිගැනෙන සරත් විජේසේකර ඉන් කෙනෙකි. ඔහු තිස්ස අබේසේකර වැනි ප්‍රවීණයන්ගේ සිට අද දක්වාම ක්ෂේත්‍රයේ නියැලී සිටී. දර්ශන තල තේරීමේ පටන් අගත් මුලත් සෑම තැනකදීම චිත්‍රපටයේ බරට උරදෙන කෙනකු විදියටයි සරත් නිෂ්පාදන කළමනාකරණ භූමිකාව විස්තර කළේ.

ශිවා චිත්‍රපටයට අංග රචනයෙන් එක්වන රංගන ශිල්පී අනුර ජයසේකර මෙවර චිත්‍රපටයක වැඩට අතගසා ඇත්තේ විසි අවුරුද්දකට පසුවයි. මෙතෙක් නිර්මාණ චාරිකාව දෙස හැරී බැලූවිට සිතට සීතල සතුටක් ගෙන දෙන්නේ ප්‍රේක්ෂක තුති පැසසුම් පමණක්ම බව අනුර කීවේ ඔහු වඩාත්ම කතාබහට ලක් වූ පබා ටෙලියේ චරිතයත් සිහි කරමින්.

එතෙකින් නිම නොවන දෙවැනි යුද්ධය රූ ගැන්වීම් අතරතුර ලොකු ලොකු යුද්ධ නැතත් පුංචි පුංචි කලබැගෑනි ද නැතුවා නෙවේ. ඒ බොහොමයක කතානායිකාව වී සිටින්නේ දිගු කලක් ඉතාලියේ ජීවත්ව තිබෙන මෙහි රඟන තුෂිණිිය.

ඇයට මදි නො කියන්නට ත්‍රාසය, භීතිය කැන්දා තිබුණේ මේ පුබුදු චතුරංග සහ දෙවැනි යුද්ධයට රංගවස්ත්‍රාභරණ සපයන දිනේෂ් ජයශාන්තය. වතාවක් රුගත කිරීම් නිම වී ගොම්මනේ නවාතැන වෙත යද්දී පුබුදු තුෂාණිව බිය ගැන්වූයේ ඉත්තෑවකුගේ කියා දුරියන් ගෙඩියක් බදාගෙනය. ඒ මඟ දිගටම හොල්මන් අවතාර කියමින් තමන්ව බය කරන්න දඟලන පුබුදුට තුෂිනි කියන්නට වූයේ 'අනේ මෙයා අපි වෙන ලස්සන දෙයක් ගැන කතා කරමුද' කියාය. තුෂාණි එසේ වෙද්දී උදාරි වර්ණකුලසූරිය දර්ශන තලයෙන් ඉවතට පැනදිව ගොස් කැලෑ වැදුණු සිද්ධියේ සිටින්නේ අනුර ජයසේකර සහ දිනේෂ් ජයශාන්තය. එවේලේ අනුර සහ දිනේෂ් දෙදෙනාට දෙදෙනා බොරු තරහවක් ආරූඪ කර ගත්හ. ඒ සමඟම ඇති කරගත්තේ ද බහින්බස්වීමකි. මේ අතරවාරයේ අනුර සඟවාගෙන සිටි පිහියක් ඉවතට ගත්තේය. දිනේෂ් එවේලේ සිටියේ උදාරිගේ ආයිත්තමක් සකසමින් උදාරිත් සමඟය. ඉඳින් අනුරගේ මේ වියරුවෙන් දිනේෂ්ටත් වඩා තැති ගත්තී උදාරිය. ඒ බයින් වෙව්ලමින් උදාරි එතැනින් පැන දිව්වේ දිනේෂ්ව ද තල්ලු කර දමමිනි. මේ ආටකනාටක මැද්දේ මේ වන විට දෙවැනි යුද්ධයේ රූගත කිරීම් නිම වන්නට ආසන්නය. ශිවා මේ අලුත් චිත්‍රපටය හෘද සාක්ෂිය ජය ගන්නට, හිතක් කළ යුද්ධයක කතාවක් විදියට තේමා පාඨයක් ද යොදා ඇත්තේය.

දෙවැනි යුද්ධය දර්ශන තලයේදී බොහෝ විට පිරිමින් කරනා තවත් එක්තරා යුද්ධ දෙකක් කරමින් සිටිනා කාන්තාවන් දෙදෙනකු අපට හමු විය. මේ චිත්‍රපටයේ දෙවැනි සහාය අධ්‍යක්ෂිකා භාග්‍යා ලියනගේ ඉන් කෙනෙකි. ඇය සරසවියට කීවේ කවදා හෝ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වීම එකම සිහිනය බවය. එසේම මෙහි එන චරිතයකටත් පණ පොවමින් ඊට කොණ්ඩා සැකසුම් සිදු කරන්නී කුමුදු ළමාහේවාය.

පුබුදු චතුරංග, ජයලත් මනෝරත්න, දිල්හානි අශෝකමාලා, තුෂිණි ප්‍රනාන්දු, උදාරි වර්ණකුලසූරිය, සරත් කොතලාවල, රුක්ෂානා දිසානායක, අනුර වරාගොඩ, කීත් රංග, බුද්ධික ජයරත්න, සාගරිකා ධර්මපාල සහ එස්. අයි සමරක්කොඩි ශිවාගේ දෙවැනි යුද්ධයේ චරිත මවති.

සම අධ්‍යක්ෂණයෙන් කීර්ති රුවන් ලාල් සන් ද දෙවැනි සහාය අධ්‍යක්ෂණයෙන් භාග්‍යා ලියනගේ ද, කැමරාවෙන් සුජිත් නිශාන්ත ද, කලා අධ්‍යක්ෂණයෙන් රොහාන් සමරදිවාකර ද, වේශ නිරූපණයෙන් අනුර ජයසේකර ද, රංග වස්ත්‍රාභරණ සැපයුමින් දිනේෂ් ජයශාන්ත ද, සංගීතයෙන් ඉන්දියානු ශිල්පී උදයන් වික්ටර් ද, නිෂ්පාදන විධායක ලෙසින් සරත් විජේසේකර ද නිෂ්පාදන කළමනාකරණයෙන් සිනිල් විජයදේව ද, මාධ්‍ය සම්බන්ධිකරණයෙන් සුනිල් ධර්මසිරි ද එක්වන දෙවැනි යුද්ධයේ තිර රචනය බර්නාඩ් ජයතුංගගෙනි. දෙවැනි යුද්ධයේ බරපැන අඒ අඒ ර්‍ථපධඤභජබඪධද වෙතිනි.