වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
කැන්ඩි ලමිස්සි රැගෙන චාමර අන්තර්ජාලයට

ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ චාමර පීරිස් ප්‍රථම වතාවට යූ ටියුබ් නාළිකාවක් වෙනුවෙන් ටෙලි නාට්‍යයක් නිර්මාණය කොට තිබේ. කැන්ඩි ළමිස්සී යනුවෙන් එය නම් කර ඇත. reelys නමැති නාලිකාව ඔස්සේ ළඟදීම එය නැරඹීමට හැකි බවයි. කවුරුත් දන්නා එහෙත් කවුරුත් කතා නොකරන මාතෘකාවක් ඔස්සේ කැන්ඩි ළමිස්සී නිර්මාණයවේ. එය විනාඩි 15 කින් සමන්විත කොටස් 15කින් යුක්තය. එම කොටස් සියල්ලම යූ ටියුබ් නාළිකාව ඔස්සේ එකවර මුදා හරිනු ඇත. කමල් දේශප්‍රිය, පූර්ණිමා විදේශිකා, මිලින්ද මඩුගල්ල, රොශානා ඔන්ඩච්චි, හේසර වික්‍රමආරච්චි, චාකේත දාබරේ, මාෂා මාටිං, හිරෝෂිණී ගුණසේකර, මයුර වික්‍රමරත්න කැන්ඩි ළමිස්සි රංගනයෙන් හැඩ කරති. මංජුල කුමාරතුංග කැමරා අධ්‍යක්ෂවරයාය, ලක්රුවන් දසේරම්ගේ සංස්කරණයකි, ගීත ගායනය ජය ශ්‍රී සංගීත කණ්ඩායමෙනි, තුෂාණි බුලුමුල්ල, ගී පද රචනා කොට ඇත, මධුර වික්‍රමරත්න පසුබිම් සංගීතය නිර්මාණය කරනු ලැබීය, හිරෝෂිණී ගුණසේකර සහාය අධ්‍යක්ෂවරියයි. මාලින්ද මධුශංක කලා දක්ෂ වරයාය. පිටපත චාමර පීරිස් ගෙනි. කපිල නවරත්න කැන්ඩි ළමිස්සී නිෂ්පාදනය කොට තිබේ.
අයාල්, යාය 4, පියවි, ඇසිඩ්, ඇතුළු නාට්‍ය ගණනාවක් චාමර මීට පෙර අධ්‍යක්ෂණය කොට තිබේ. ඒවා ඔහු රූපවාහිනී නාළිකාවන් සඳහා නිර්මාණය කළ ද යූටියුබ් නාළිකාවක් වෙනුවෙන් ප්‍රථම වතාවට නිර්මාණය කළේ කැන්ඩි ළමිස්සී ටෙලි නිර්මාණයයි.