CRUMBS බර්ලින් යයි

නොවැම්බර් 12, 2020

 

Life short film festival 2020 සමඟ එක්ව නිර්මාණය වුණු "Crumbs" කෙටි චිත්‍රපටය Berlin Flash Film Festival –  – 2020 සහ Long distance film festival – – 2020 චිත්‍රපට උලෙළ සඳහා නිල තෝරාගැනීම කාණ්ඩයෙන් තෝරාගෙන ඇත.

රුවින් ද සිල්වා සහ සකීනා අලිඅක්බර් සම අධ්‍යක්ෂණය වුණු Crumbs  කෙටි චිත්‍රපටය මුදිඳු බිනෝයි විසින් සංස්කරණය කරන ලදී. වින්ද්‍යා ප්‍රනාන්දු සහ රුවින් ද සිල්වා මේ සඳහා රංගනයෙන් දායක වෙති.

ප්‍රේමවන්තයන් දෙදෙනෙක් සියලු මුණගැසීම් නවත්වා නිශ්චිත කාලයකට ශාරීරිකව වෙන් කොට තැබුවොත්, ඔබේ අදහස අනුව මේ ප්‍රේමයට කුමක් විය හැකිද..? ඔවුන් දෙදෙනා තුළ පවතින ප්‍රේමය, හැඟීම් සහ දුරස්ථ බව සමග මේ පෙම්වතුන් දෙදෙනාම යම් අරගලයක නිරත වේවි. එහි අවසානය මේ දෙදෙනා අතර පවතින සම්බන්ධය තවත් දැඩි බැඳීමක් බවට පත්වීම හෝ ඔවුන් එකිනෙකාගෙන් වෙන් කරවීම යන දෙකින් ඕනෑම එකක් විය හැකියි. Crumbs තුළින් කතා කරන්නේ ඒ පිළිබඳවය.

 

********************

 

මෙහෙම වුණානම් වඩාත් නිවැරැදියි

 

ස්කෝප් සිනමා සංකීර්ණයේ චිත්‍රපටයක් නැරඹීමට ආසන දිනා ගැනීම සඳහා පැවැත්වූ තරගයේ 29 වැනිදා ජයග්‍රාහකයා වන එම්.එම්. ජයන්ත රංජිත් ප්‍රනාන්දුගේ නම එම්.එම්. ජයරත්න රංජිත් ප්‍රනාන්දු ලෙස පළ වී ඇති අතර එය එම්.එම්. ජයන්ත රංජිත් ප්‍රනාන්දු ලෙස නිවැරදි විය යුතුය.