විවාහ සැලසුම

ජූලි 15, 2021

 

තාප්සි පන්නු වර්තමානයේ බොලිවුඩයේ කා අතරත් කතාබහට ලක් වූ නිළියකි. ඇය බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වන මතියස් බෝ සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව මෙ වන විට ප්‍රසිද්ධ කරුණකි. ඒ කෙසේ නමුත් ඇය තවමත් ඇගේ විවාහය තහවුරු කර නැත.

මෑතකදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ තම මවුපියන් සමඟ ගැටලුවක් ඇති කිසිවෙකු සමඟ විවාහ නොවන බවයි. තම මව්පියන්ට තමාගේ විවාහය දැකීමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් කරදර වන බවත් තාප්සි පවසන්නීය. එහෙත් තමා මේ වන විට වෘත්තීය ජීවිතය කෙරෙහි අවධානය යොමු කර සිටින බැවින් පෞද්ගලික ජීවිතයට පසුව කාලය ලබා දෙන බව ඇය සඳහන් කරන්නීය. තාප්සිගේ රංගනයෙන් හැඩ වූ සිනමාපට කිහිපයක්ම නිකුත වීමට නියමිතව ඇත. 'ලූප් ලැපෙටා', 'ෂබාෂ් මිතු', 'රශ්මි රොකට්', 'දෝ බාරා' ඒ අතරින් කිහිපයකි.