සිනමාශාලා හෙට (16) විවෘත වේ

උදවු කළ සියලුදෙනාට ස්තූතියි
කබඩි, කලම්බො, උතුරු සුළඟ නැවතත්...
ජූලි 15, 2021

කෝවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට වසා දමා ඇති සිනමාශාලා ජූලි මස 16 වැනිදා සිට එනම් හෙට නැවත විවෘත කරන බව චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය නිවේදනය කරයි. ජූලි 08 වැනි දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සමඟ පවත්වන ලද සාකච්ඡාවෙන් අනතුරුව සිනමා ශාලා නැවත විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇත.

ඒ සඳහා කටයුතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, විෂයභාර කැබිනට් අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතාට, බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය අංශයේ සියලු නිලධාරීන්ට, ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලක මහතාට සහ සියලු මාධ්‍ය සගයන්ට චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ස්තුතිය පළ කරයි.

ඒ අනුව සිනමාශාලාවල ආසන ධාරිතාවෙන් 50% ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඇතුළු කිරීමට හැකි වන අයුරින් විවෘත කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ. එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිනමාශාලා විවෘත කිරීම සිදු කළ යුතු වේ. චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට පෙර තම සිනමාශාලා විෂබීජහරණය කොට ප්‍රේක්ෂකයන්ට සෞඛ්‍යාරක්ෂිතව චිත්‍රපට නැරඹීමේ පහසුකම් ලබා දෙන ලෙස සියලු සහෝදර සිනමාශාලා හිමියන්ගෙන් චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඉල්ලා සිටී.

සිනමාශාලා විවෘත කළ පසුව කබඩි, කලම්බො, උතුරු සුළඟ, ව්ධඡධඤර, ඉනචජඥ බ්චථ 2 යන සිනමාපට තිරගත වීමට නියමිත බව චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී. රැකව මහතා සරසවියට පැවසීය.