කරළිය යළි ඇරේ

ජූලි 15, 2021

 

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසා දැමූ රංගශාලා නැවත විවෘත වීමත් සමඟ එළඹෙන අගෝස්තු මස සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ නාට්‍ය වේදිකාගත කිරීම ඇරඹේ. "සැබෑ වේදිකාවේ රඟපෑම් නැවතත් ඇරඹේ!" යන තේමා පාඨය මුල් කරගනිමින් වේදිකා නාට්‍ය අටක් වේදිකා ගත වීමට නියමිතය. ඒවා මෙසේයි.

 

අගෝස්තු 07 - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ"

අගෝස්තු 08 - දයානන්ද ගුණවර්ධනයන්ගේ "මධුර ජවනිකා"

අගෝස්තු 14 - අශෝක හඳගමගේ "Antique කඩයක මරණයක්"

(වැඩිහිටියන් සඳහා පමණක් අනුමත නාට්‍යයකි)

අගෝස්තු 15 - ආර්.ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම"

අගෝස්තු 21 - සෝමලතා සුබසිංහගේ "පුංචි අපට දැන් තේරෙයි" සමග "තොප්පි වෙළෙන්දා"

අගෝස්තු 28 - චමිල ප්‍රියංකගේ "සඟ වෙද ගුරු ගොවි කම්කරු"

අගෝස්තු 29 - රෝහණ දන්දෙණියගේ "රාස්ස සහ පරාස්ස"

 

ඉහත දිනවල දර්ශන වාර දෙකකදී මෙම වේදිකා නාට්‍ය වේදිකාගත වීමට නියමිත අතර ප්‍රවේශ පත්‍ර වෙන් කරනුයේ ආසන ප්‍රමාණයෙන් 50%කට පමණි.