තට්ටු දෙකේ ඉස්කෝලේ ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට

ජූලි 15, 2021

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන 'තට්ටු දෙකේ ඉස්කෝලේ' එළැඹෙන අගෝස්තු මස ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්‍තයේ නගර 24ක ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ජගත් චමිල සමඟ ළමා නළු නිළියන් වන සුදම් කටුකිතුල, තෙෂලි දෙව්මිනි, දුලංක ඒකනායක, ඉමාෂ් ලක්ෂාන් ප්‍රධාන චරිත රඟන මෙම චිත්‍රපටය නිශාන්ත ප්‍රගීත්ගේ නිෂ්පාදනයකි. චිත්‍රපටයේ සෙසු චරිතවලට මංජුලා කුමාරි, ප්‍රියන්ත සිරිකුමාර, දමිතා අබේරත්න, නයනා හෙට්ටිආරච්චි, මෞලි ෆර්ඩිනැන්ඩු රංගනයෙන් දායක වී ඇත.