වර්ෂ 2023 ක්වූ March 29 වැනිදා Wednesday
මේ GAME දිනන්නේ එක කවුද?

“ගේම්” එකක් ද නැත්නම් ගේම්ද රජ හොරු, .මයි නේම් ඉස් බංදු, හොරා පොලිස්,සහ තිරගත වීමට නියමිත කිඩ්නැප් සිනමාපට අධ්‍යක්ෂණය කළ සුරංග ද අල්විස්ගේ නවතම සිනමාපටයේ තොරතුරු මෙවර සරසවියට ගෙන එන්නට හැකි විය.
ධ්.ර්ථ.අජේ සහ ධ්.ර්ථ. විජේ මිතුරන් දෙදෙනකි. ඔවුන් සේවය කරන්නේ සමරදිවාකර නම් ස්ථානාධිපතිවරයාට භාර පොලිසියේය. දිනක් හදිසිය සමරදිවාකරට එන දුරකන ඇමතුමකින් පවසන්නේ අබිරහස් මිනීමැරුමක් ගැන තොරතුරක් අජේට පැවසීමට ඇති බවයි. ඒ වන විට පොලිස් ස්ථානයේ අජේ නොසිටි නිසාත්, එම තොරතුරේ ඇති වැදගත්කම නිසාත්, සමරදිවාකර විජේට, අජේ ලෙස පෙනි සිට එම තොරතුරු ලබාගාන්නා ලෙස නියෝග කරයි. ඉතා දැඩි අකැමැත්තෙන් එයට එකඟ වන විජේ, අජේ ලෙස දුරකත ඇමතුම ලබාදුන් ගංගා මුණගැසීමට යයි. එහිදී ඉතා වැදගත් තොරතුරක් විජේට දැනගැනීමට ලැබේ. එනම් අන්තවාදී කල්ලියක් විසින් සැලසුම් කරන ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන ප්‍රධාන සැකකරු ගංගා හරහා හඳුනාගනී. මේ අතර ජෙනී නැමැති රහස් පරීක්ෂක නිළධාරිනිය අන්තවාදී නායක සියාම් පසුපස හඹා යයි. සියාම් සහ විජේ විසින් සොයා ගන්නා ලද තොරතුරු අනුව බුද්ධධි අංශය විසින් සොයන ප්‍රධාන සැකකරුව කොටු කර ගැනීමට ආරක්ෂක අංශයට හැකි වේ. මේ අතර ගංගා සමඟ පෙම් සබඳතාවයක් විජේ පටන් ගන්නා අතර අජේ, විජේගේ නැගණිය සමඟ පෙම් සබඳතාවයක් පටන් ගනී. මේසේ සිදුවේද්දි දිනක් විජේ ඝාතනයට ලක්වේ. අන්තවාදී නායක සියාම් ඔහුගේ ඉලක්කය කරා යාමට නුවරඑළියේ සිට තම දියණිය සමඟ සිටින ටයිගර්ව කොළඹට රැගෙන එයි. ටයිගර් හරහා ප්‍රබල ප්‍රභූවරයකු ඝාතනයට සැරසෙන සියාම්ට තම ඉලක්කය කරා යාමට අපහසු වන ලෙස ටයිගර් හැසිරේ. මේ ටයිගර් කවුද ? ඝාතනය කරන්න ගිය ප්‍රභූ වරයා කවුද ? ඉ.ධ්. අජේට සිදුවුයේ කුමක්ද මේ සියලුම දේ “ ගේම්”එකක් ද නැත්නම් ගේම්ද යන්න ඔබට ඉදිරියේදී තිරගත වීමට නියමිත ගේම් සිනමා පටයෙන් දැකගත හැකි වේ.
නිශ්ශංක විජේරත්න