About

ලාංකික සිනමා කලා ප්‍රකාශනයන් අතර අඛන්ඩව දීර්ඝ කාලයකු මුළුල්ලේ පළවන එකම පුවත්පත සරසවියයි. මෙකී වසර ගණනාව ඇතුළත ලාංකික කලාවේ  කවර සංසිද්ධියක් වුව සරසවියට මග හැරී ගියේ නැත. එබැවින් සරසවිය යනු මෙරට සමස්ත කලා ලෝකයේ ජීවය පිරි පුත්පතයි. 1963 වසරේ අප්‍රේල් මස 10 වැනි දින සරසවිය ආරම්භ වනුයේ එවකට ලේක් හවුස් සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ අදහසක් පරිදිය. සරසවිය පුවත්පතට එම නම යෙදුවේ ප්‍රවීණ කිවිවර හක්ගල්ලේ පී.කේ.ඩී.සෙනෙවිරත්න විසිනි. ඒ සඳහා  බඹරැන්දේ සිරි සීවලි හිමිපාණන් ද අනුමැතිය පළ කළේය. පවුලේ සියල්ලන්ට සුදුසු සියලු කලාවන් නියෝජනය වන ආකාරයේ සතිපතා ප්‍රකාශනයක්  ලෙස එළි දුටු සරසවිය. පසුකලක ලේක් හවුස් ප්‍රකාශන ලෙස එළි දුටු මිහිර,තරුණි, සුබසෙත  වැනි ප්‍රකාශන සඳහා ද මුල පිරුවේය. මුල් සරසවියේ පළ වූ ළමා පිටු මිහිර පුවත්පත ලෙස ද කාන්තා පිටු තරුණි පුවත්පත ලෙස ද ජ්‍යෙතිෂ පිටු සුබසෙත  පුවත්පත ලෙස ද පසුකාලිනව එළි දැක්කේ සරසවිය සියයට සියයක්ම කලා පුවත්පතක් බවට පරිවර්තනය වෙමිනි.

සරසවිය ආරම්භක මුල් පිටුවේ චිත්‍රය එවකට ප්‍රවීණ චිත්‍ර ශිල්පි ඒ.එල් ගෞතමදාස විසින් අඳින ලද අතර සරසවිය අදට ද භාවිතා කරනු ලබන එහි ශිර්ෂ පාඨය අඳින ලද්දේ තලංගම ප්‍රේමදාස මහතා විසිනි. සරසවිය ආරම්භක කර්තෘ ධුරය දැරුවේ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන මීමන ප්‍රේමතිලක විසිනි. ආරම්භයේ සිට සරසවිය වෙනුවෙන් ඇප කැප වූ හා ඒ සඳහා වෙහෙස වූ ප්‍රවිණ කිවි වර විමලසිරි පෙරේරා 1963 ජූනි මාසයේ දී එහි කතු පදවියට පත් විය. සරසවිය සිය අනන්‍යතාව ගොඩ නගා ගත්තේ ද සිනමා සම්මාන උලෙළ ආරම්භ කරන ලද්දේ ද එම යුගයේය.

  • විමලසිරි පෙරේරා (1963-77)
  • ධර්මදාස බොතේජු (1977-79)
  • ග්‍රෑන්විල් සිල්වා (1979-89)
  • ඒ.ඩී.රංජිත් කුමාර (1989-1994)
  • තිලකරත්න කුරුවිට බණ්ඩාර (1994-2000)
  • සුසිල් ගුණරත්න (2001)
  • අනුර බණ්ඩාර රාජගුරු (2002-03)
  • දීප්ති ෆොන්සේකා (2003-05)
  • සුනිල් මිහිඳුකුළ (2005-07)
  • ගාමිණී සමරසිංහ (2007-10)

එහි කතු පදවි පිළිවෙළින් හෙබවූවෝ වූහ. 2010 වසරේ සිට එහි ප්‍රධාන කර්තෘ වරයා අරුණ ගුණරත්නය.

 

වර්තමාන කර්තෘ මණ්ඩලය

ප්‍රධාන කර්තෘ

අරුණ ගුණරත්න

 

නියෝජ්‍ය කර්තෘ

ආචාර්ය නුවන් නයනජිත් කුමාර

 

උප කර්තෘ

චන්දන දයාසිරිවර්ධන

අරුණි මුතුමලී

තුෂරී නේරන්ජා වික්‍රමසිංහ

ප්‍රසාද් සමරතුංග

 

මාධ්‍යවේදීන්

යතේජා ඥනරත්න

 

ඡායාරූප ශිල්පී

නිශ්ශංක විජේරත්න