සුනාමි මංගල දර්ශනය අද උදේ 10.30 සියලු රසිකයන්ට නොමිලයේ

Thursday, ජනවාරි 16, 2020 - 10:30

ආචාර්ය සෝමරත්න දිසානායක, අධ්‍යක්ෂණය කළ සුනාමි චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරැඹෙන අතර එහි මංගල දර්ශනය අද 16 වැනිදා වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී ප. ව. 6.30 ට එහි රඟපෑ සියලු නළු නිළියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

2004 වසරේ සුනාමි ඛේදවාචකයේ එක් සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය කොට ඇති සුනාමි චිත්‍රපටය දැනට ලෝක සිනමාවේ භාවිතා වන ඉහළම තාක්ෂණය යොදාගනිමින් නිර්මිත අන්තර්ජාතික මට්ටමේ සිනමා කෘතියකි. සිංහල, දෙමළ, ඉංග්‍රිසි තෛ‍්‍රභාෂාවලින් නිර්මාණය කොට ඇති මෙම සිනමා කෘතිය සඳහා නෙරංජනී ෂම්මුගරාජා, දර්ශන් ධර්මරාජා, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, මෙනාරා වීරතුංග, සුනෙත් ශාන්තප්‍රිය, ස්වේතනී බර්නි, විශ්වජිත් ගුණසේකර, ගිරිරාජ් කෞශල්‍ය, ජේ. යෝගරාජ්, අශෝක සේරසිංහ, සම්පත් තෙන්නකෝන්, කුමාර තිරිමාදුර, සරත් චන්ද්‍රසිරි, රත්නා ලාලනී, රංජනී රාජ්මෝහන්, චින්තක කුලතුංග, අනුරුද්දිකා පාදුක්කගේ, ලලිත් ජනකාන්ත. අරුනි මෙන්ඩිස්, ජයන්ත මුතුතන්ත්‍රී, ගිහාන් ප්‍රනාන්දු, සිනෙති අකිලා, රංගනයෙන් දායකවෙති.

විදුර අබේධීර වේෂනිරූපණයෙන්, මෙත්නුවන් විජේසිංහ ඇඳුම් නිර්මාණයෙන්, කසුන් මාලින්ද දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණයෙන්, සුනිල් විජේරත්න, ජානක ප්‍රසාද් කලා අධ්‍යක්ෂණයෙන්, චාමර සේලාර සහය අධ්‍යක්ණනයෙන් ප්‍රියන්ත කළුආරච්චි ශබ්ද පරිපාලනයෙන්, අජිත් රාමනායක සංස්කරණයෙන්, ආනන්ද බණ්ඩාර වර්ණ සංකලනයෙන්, ආචාරය් සෝමරත්න දිසානායක ගීත රචනයෙන්, විශාරද හර්ෂන දිසානායක සහ හිරුනි නිමේෂිකා ගායනයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් විශ්ව බාලසූරිය කැමරා අධ්‍යක්ෂයෙන්, රේණුකා බාලසූරිය නිෂ්පාදනයෙන්, ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සුනාමි නිර්මාණයට දායක වෙති.

 

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න