බුද්ධිගේ ග්‍රන්ථද්වය හෙට

Friday, ජනවාරි 17, 2020 - 11:00

 

බුද්ධදාස ගලප්පත්ති විසින් රචනාකළ නවතම කාව්‍ය සංග්‍රහය පසළොස් පැය සහ එදවස සොඳුරුමය තිරු ලිපි එකතුව එළිදැක්වීම මෙම මස 17 වැනිදා එනම් හෙට සවස ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී සිදුවේ. ආචාර්ය නන්දා මාලිනි මෙදින මුලසුන හොබවනු ඇත. මහාචාර්ය ආරියරත්න ඇතුගල, ධනුෂ්කා නිෂාදි කුලරත්න සහ කේ. බී. හේරත් මෙදින දෙසුම් පැවැත්වීමට නියමිතය. විශාරද දීපිකා ප්‍රියදර්ශනි. ප්‍රදීපා ධර්මදාස, ඉන්දිකා උපමාලි, මාධිනි මල්වත්තගේ, සමන් ලෙනින් සහ නිලක්ෂි හැලපිටිය කාව්‍ය ගායනයෙන් එකතුවේ. සභාව මෙහෙයවිම බන්ධුල නානායක්කාරවසම් විසිනි.

 

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න