වර්ෂ 2022 ක්වූ June 30 වැනිදා Thursday
කලාභූමි රන් ස්වර හෙට සව්සිරිපායේ දී
නුගේගොඩ, කලාභූමි සෞන්දර්ය ආයතනයේ ශිල්ප හදාරන සිසුසිසුවියන් අතරින් දක්ෂතමයින් තෝරා ඔවුන් ඇගයීමේ ප්රාසාංගික දැක්ම කලාභූමි රන් ස්වර නමින් හෙට (21 වැනිදා) කොළඹ, සව්සිරිපායේ දී පැවැත්වේ.
අවුරුදු 12න් පහළ 18න් පහළ සහ 18න් ඉහළ වයස් කාණ්ඩයන් යටතේ කලාභූමි ආයතනයේ ශිල්ප හදාරන සිසු සිසුවියන් අතරින් දක්ෂතමයින් අභිෂේක ගැන්වීම ප්රවීණ විනිසුරු මඩුල්ලක් විසින් මෙහිදී සිදු කෙරෙනු ඇත. එමෙන්ම කලාභූමියේ ශිල්ප හදාරන සියලු සිසුසිසුවියන්ගේ දායකත්වයෙන් විවිධ තේමාවන් යටතේ ප්රාසාංගික ඉදිරිපත් කිරීමද මීට සමගාමීව සිදුවේ. ආචාර්ය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, මංජුලා සෙනෙවිරත්න යන ගුරු මඩුල්ලෙහි පූර්ණ ආශිර්වාදයෙන් කලාභූමි ආදිසිසු හවුල විසින් මෙය සංවිධානය කරයි.