සතුටු සිතක් දෙතැනක

Wednesday, පෙබරවාරි 19, 2020 - 09:45 to Sunday, මාර්තු 8, 2020 - 09:45

නෙල්සන් කන්නන්ගර විසින් අධ්‍යක්ෂණය කළ ‘සතුටු සිතක්’ වේදිකා නාට්‍ය පෙබරවාරි 22 සෙනසුරාදා සවස කොළඹ නව නගර ශාලාවේදීත්, මාර්තු 08 වන දින මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේදී වේදිකා ගත වේ. මෙහි නිෂ්පාදනය රේණුකා ශාමලි සියඹලාපිටියගෙනි. අංග රචනය ශර්මිලා රණවීර. මෙහි මානෙල් වානගුරු, රත්නශිලා පෙරේරා, රාජසිංහ ලෝලුවාගොඩ, ප්‍රසාද් ගලප්පත්ති, රුක්ෂානා දිසානායක, ඉමේෂ් නෙල්ලිගහවත්ත හා සමන්ති ආටිගල යන නළු නිළියන් රංගනයෙන් දායක වෙති.

- කාවින්ද්‍යා