වර්ෂ 2023 ක්වූ September 26 වැනිදා Tuesday
ගායක-ගායිකාවන්ගේ මහ සභා රැස්වීම 30 දා
ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ මහ සභා රැස්වීම මෙම මස 30 වැනිදා උදෑසන 9.30 ට කොළඹ ග්රීන්පාත්හි නවනගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය. සියලුම සාමාජික සාමාජිකාවන්ට මේ සඳහා සහභාගි වන ලෙස සංගමයේ සභාපති විශාරද ජානක වික්‍රමසිංහ ඇරැයුම් කර සිටියි. කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් ගායක ගායිකාවන්ගේ වෘත්තීමය ජීවිතය කඩා වැටීමකට ලක් විය. ඒ කාලයේදී රුපියල් දස දහසක මුදලක් පරිත්‍යාගයක් ලෙස සෑම ගායක ගායිකාවකට හිමි වූ බව සභාපතිවරයා සඳහන් කරයි. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් ලබා දුන් ණය මුදල පිළිබඳ සංගමය අතිශය කෘතඥ වන බව සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි. සංගමයේ වත්මන් ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ රොහාන් ද සිල්වාය.