පාංශු විශේෂ දැක්මක් සහ කතාබහක්

Wednesday, අගෝස්තු 26, 2020 - 14:45 to Monday, අගෝස්තු 31, 2020 - 14:45

විසාකේස චන්ද්‍රසේකරම්  විසින් අධ්‍යක්ෂණය කළ පාංශු සිනමාපටයේ විශේෂ දර්ශන ද්විත්වයක් මෙම මස 29 සහ 30 යන දිනයන්හී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ  අනුව 29 වැනිදා සවස 4 ට ගම්පහ රීගල් සිනමා ශාලාවේදී එක් දර්ශන වාරයක් පැවැත්වේ. 30  වැනිදා පාංශු විශේෂ දර්ශනය පැවැත්වෙනුයේ කුරුණෑගල නිව් ඉම්පීරියල් සිනමා ශාලාවේදී සවස 6 ටය. මෙම දර්ශනයන් අවසානයේදී සහෘද සංවාදයක් ද සංවිධානය කොට ඇත. මෙම විශේෂ පාංශු දර්ශන වාර සඳහා චිත්‍රපටයේ ප්‍රධාන නිළි නීටා ප්‍රනාන්දු සහ පාංශු නිර්මාණ ශිල්පීන් සහභාගිවීමට නියමිතය.