වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
‘අන්ටච්ඩ්’ හා ‘ඈන් ෆ්‍රෑන්ක්’ එල්ෆින්ස්ටන් රඟහලේ
ටවර් හෝල් රඟහල පදනම සංවිධානය කරන ප්‍රේක්ෂා නාට්‍ය උලෙළට ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය දෙකක් වේදිකා ගත වෙයි. එහි පළමු නාට්‍ය ප්‍රවීණ නාට්‍යවේදී එම්. සෆීර් අධ්‍යක්ෂණය කළ ලෝප්‍රකට ඈන් ෆ්‍රෑන්ක් දිනපොත ඇසුරෙන් නිෂ්පාදනය කරනු ලැබූ ‘ඈන් ෆ්‍රෑන්ක්’ සිංහල භාෂා නිෂ්පාදනයයි. ඒ නාට්‍යය මේ මස 31 වැනිදා මරදාන එල්ෆිනිස්ටන් රඟහලේ වේදිකා ගත වෙයි. ජයනාත් බණ්ඩාර, විශාකා ජයවීර, ඉමායා බෝගොඩ, ප්‍රිමාල් කේ. පෙරේරා, චිත්‍රිනා මෙන්ඩිස් මෙහි රංගනයෙන් දායක වන අතර, වීඩියෝ හා චිත්‍ර නිර්මාණ සාලිය ලියනාරාච්චිගෙනි. සංගීතය එම්. ශාරෆ්ගෙනි. රංගාලෝකය වසන්ත කුමාර ද, වේදිකා කළමනාකරණය සිළුමිණී අලගියවන්න හා එම්. ශාරෆ් ද, අංගරචනය තෙල්මා දීපිකාගෙනි. පිටපත රචනය එම්. ගෝමස් හා සෆීර්ගෙන් වන අතර පසුතල හා අධ්‍යක්ෂණය ද එම්. සෆීර්ගෙනි.
එහි ම දෙවැනි නාට්‍යය ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යක්ෂණය කර ඇත්තේ සුජීව පතිනිසේකරයි. ‘අන්ටච්ඩ්’ නමින් සැප්තැම්බර් 02 වැනිදා මරදාන එල්ෆිනිස්ටන් රඟහලේ වේදිකා ගතවීමට නියමිත මේ නාට්‍යය ප්‍රථමවරට මහජන දර්ශනයක් ලෙස පෙන්වන පළමු අවස්ථාව ද මෙය වෙයි. එමිර් රාජ්‍යයේ ෆුජෙයිරා හා ඉන්දියාවේ කල්කටා ඩුම් ඩුම් නාට්‍ය උලෙළ නියෝජනය කළ ‘අන්ටච්ඩ්’ නාට්‍යයේ රංගනයෙන් දායක වන්නේ සුබුද්ධි ලක්මාලි ය. රංග වින්‍යාසය හා පසුතලය එම්. සෆීර් ද, සංගීතය වින්දක වීරසිංහ ද, රංගාලෝකයෙන් වසන්ත කුමාර ද සහය වෙයි. වේදිකා කළමනාකරණය එම්. ප්‍රිමාල් කේ. පෙරේරා හා ශාරෆ් ගෙනි.
- තිලානි ශානිකා