වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
ලාංකේය සිනමාවේ කිතුනු පිය වත

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ දීර්ඝ කාලීන සිහිනයක් මල්ඵල ගන්වමින් 1976 වසරේ තිර ගත කළ චිත‍්‍රපට සදහා ජූරියක් මගින් ශ‍්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ උත්තමාචාර පිදීමේ උලෙලේ පටන් 1977 පෙබරවාරි මස 5 වැනි දින ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ.
කතෝලික පදවි පූජකවරයෙකු වශයෙන් තමා සේවය කළ මීසම් වල ගිහි ජනතාවට සිය උපරිම සේවය ලබාදීම ද කිසිවිටෙක අඩු නොකළ අර්නස්ට් පෝරුතොට පියතුමන් ශ‍්‍රී ලාංකේය සිනමාවේ උන්නතිය වෙනුවෙන් කැප වෙමින් තරුණ සිනමාකරුවන් දිරිමත් කරමින් කළ මෙහෙය ජාතියේ ගෞරවය හිමි විය යුතුය.
කිතු දහම මෙරටට ගෙන එන ලද්දේ පෘතුගිසින් විසිනැයි බොහෝදෙනෙකු තුළ මතයක් තිබුණද අද ඉතිහාසඥයන් විසින් එය සත්‍යයක් ලෙස පිළිගනු නොලැබේ. 1912 වසරේ දි අනුරාධපුරයේ දී තිබී සොයා ගන්නා ලද ගල් කුරුසිය එකල කිතුනුවන් මෙරට සිටි බවට කදිම සාක්ෂියක් සපයයි. ශ‍්‍රී ලංකාවට ප‍්‍රථම වරට ධර්ම¥තවරුන් පැමිණියේ ක‍්‍රිස්තු වර්ෂ 1543 වසරේ කෝට්ටේ රජ සමයේ හත්වන බුවනෙකබාහු රජ තුමාගේ ආරාධනයෙනි. ෆ‍්‍රැන්සිස්කානු ධර්ම¥තවරුන් සිවු දෙනෙකු මෙලෙස වැඩම කළ අතර රජුගේ මුණුබරු වූ ධර්මපාල කුමරුට ධර්මය ඉගෙන්වීම මෙයින් එක් අයෙකු වූ කොණ්ඬේ පියතුමන්ට බාර දෙන ලදී. 1557 වසරේ දී ධර්මපාල රජු ක‍්‍රිස්තුධර්මය වැළඳ ගැනීම ලක්දිව සිංහල ජනතාව අතර කිතුදහම පැතිර යාමේ සැළකිය යුතු අවස්ථාවකි. එහෙත් ජාතික සංස්කෘතියට හුරු නොවූ ක‍්‍රිස්තු ධර්මය වැළද ගැනීමට ලාංකිකයන් මැලිකමක් දක්වන්නට වීම නිසා සිංහල ජනතාවට ඔබින ලෙස ධර්මය ඉගැන්වීමට සිංහල භාෂාවෙන් ධර්මෝපදේශ පොත් හා නාට්‍ය රචනා කරන්නට විදේශ ධර්ම¥ත වරුන්ට සිදුවිය. ඒ වුව ද මේ පොත් අද සොයා ගැන්ම ට නොමැති බව සග සැපත් අති උතුම් දේවධර්මාචාර්ය සුප‍්‍රකට ඉතිහාසඥ එඞ්මන්ඞ් පීරිස් නි.ම.නි පියතුමන් විසින් පවසා තිබේ. ක‍්‍රි.ව. 1658 වසරේ දී ලන්දේසින්ගේ පැමිණිමෙන් කිතු සමයේ පීඩිත සමය උදාවිය. ජෝශප් වාස් පියතුමා 1687 දී ලංකාවට වැඩම කළේය. එතුමාගේ සහායට 1696 වසරේ දී ගෝවෙන් පූජකවරුන් තිදෙනෙක් පැමිණියහ. ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා ඉන් කෙනෙකි. ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා සිංහල කතෝලිකයන්ගේ අවශ්‍යතාවන් වටහා ගැනීමෙහිලා තියුනු මනසක් ඇත්තෙකු විය. ඔවුන්ට කිතු දහම හඳුන්වා දිය යුත්තේ ඔවුන්ගේ ම සංස්කෘතිය හරහා බැව් අවබෝධ කර ගත් ගොන්සාල්වේස් පියතුමා බෞද්ධ යතිවරයන්ගෙන් හා ගස්කොන් අදිකාරම් ගෙන් සිංහල බස ප‍්‍රගුණ කළේය. එතුමාගේ සිංහල භාෂා දැනුම කෙතරම් දුරට පරිණත එකක්වී දැයි එතුමන් විසින් රචනා කරන ලද ග‍්‍රන්ථ දෙස බැලීමෙන් පෙනේ.
විදේශීය රටවලින් පැමිණ සිංහල බස හැදැරූ ශේෂ්ඨ සිංහල ලේඛකයන් දෙදෙනෙකු අපට සාහිත්‍ය ඉතිහාසයෙන් හමුවේ. මේ දෙදෙනාම පැවිද්දෝය. ඉන් පළමුවැන්නා ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන්ය. දෙවැන්නා ටිබෙට් ජාතික එස්.මහින්ද හිමිපාණන්ය. ගොන්සාල්වේස් පියතුමා ලක්දිව කිතුසසුන ජාතික සංස්කෘතියට අනුකූලව වැඩෙමින් ඉදිරියට යායුතු බව කලින්ම අවබෝධ කර ගත්තෙකි. එතුමා බෞද්ධ භික්ෂූන් ඇසුරු කළේය. බෞද්ධ ජනතාවගේ සත්කාර සම්මානයට පාත‍්‍ර විය. සිංහල ග‍්‍රන්ථ වල දක්නට ලැබුනු උපමා, වර්ණනා, අලංකාරොක්තින් හා ශෛලීන් ආදිය ඇසුරු කරමින් පොත පත ලීවේය. එතුමා විසින් රචනා කළ පොත් අතර අඥාණ ඖෂධය, දේව වේද පුරාණය, දුක්ප‍්‍රප්ති සංග‍්‍රහය, ආනන්ද කලිප්පුව (පද්‍යා* වේද කාව්‍යය, පසන් පොත (පද්‍ය* මංගල ගීතිය (බැති ගී* ප‍්‍රධාන තැනක් ගනී. මෙම සියලූම පොත් ක‍්‍රි.ව. 1712-42 අතර රචිතය.
සිංහල කතෝලික සාහිත්‍ය ඉතිහාසයේ ශේෂ්ඨතම ප‍්‍රබන්ධය දේව වේද පුරාණය බැව් එඞ්මන් පීරිස් රදගුරු හිමි පවසා තිබේ. ගොන්සාල්වේස් පියතුමාගේ දේව වේද කාව්‍යයේ එන එක් කවියක් මෙසේය.
අතින් රැගත් අත් ගස මින
සිතින් රැගත් පෙම අදරින
මුවෙන් කියන් තුති වදනින
සුරින්ද්‍රයත් මෙසෙ පුදයෙන
(වේද කාව්‍යය-312)
ඉන් පසු පැමිනි ප‍්‍රංශ ධර්ම¥තවරුන් ද සිංහල මැනවින් ඉගෙන කතෝලික සාහිත්‍යයට ඉමහත් දායකත්වයක් දැක්වුවත් ඔවුන් වෙතින් සිදුවූයේ ලතින් ගීතිකා තනුවලට සිංහල වචන යෙදීමයි.
ඉන් පසු කතොලික සාහිත්‍යයට ශ‍්‍රී ලාංකික පූජකවරු රාශියක් අවතීර්ණය වු අතර එක් අයෙක් වූයේ සෙබස්තියන් ප‍්‍රනාන්දු පියතුමන්ය. මා මවුනි අති පේ‍්‍රමනීය එතුමාගේ රචනයකි. කිතුනු ගීත සාහිත්‍යයේ ස්වර්ණමය යුගය බිහි කරන ලද්දේ ගරු මර්සලින් ජයකොඩි නි.ම.නි පියතුමාය. එතුමා දේශීය කතෝලික සංගීත සම්ප‍්‍රදායක් ගොඩ නැගීමට මහත් වෙහෙසක් දැරීය. එමෙන්ම මෙරට ගීත සාහිත්‍යයට ද එතුමා දැක්වූ දායකත්වය ඉතා පුළුල් එකකි. රේඛාව චිත‍්‍රපටය සඳහා එතුමා රචනා කළ ගීත එයට කදිම නිදසුනකි.
මේ පසුබිම මත අපගේ අවධානය යොමුවන්නේ කිතුනු සංස්කෘතිය තුළ ජාතික ලක්ෂණයක් වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් වෙතය. මෙරට කතෝලිකයන්ගේ පරගැති චින්තනය පුපුරුවා හළ යුතු බව එතුමාගේ පිළිගැනීම විය. කිතුනුවන් මෙරට ප‍්‍රධාන සංස්කෘතික ප‍්‍රවාහය සමඟ ඒකාත්මික විය යුතු නම් වහල් හා පරගැති මානසිකත්වයෙන් ඉවත්වීම ඒ සඳහා පළමු පියවර බව එතුමාගේ මතය විය.
1931 අගෝස්තු මස 31 වැනි දින මාරවිල දී උපත ලද උන්වහන්සේ මාරවිල රෝමානු කතෝලික පාසැලෙන් මූලික අධ්‍යාපනය ලද්දේය. පසුව බොරැුල්ලේ සාන්ත ඇලෝසියස් කනිටු දෙව්සත්හලට ද එයින් පසු බොරැුල්ලේ සාන්ත බර්නාඞ් පූජක දෙව්සත්හල ට ද පසුව මහනුවර අම්පිටියේ ලංකා අප ස්වාමි දුවගේ ජාතික දෙව්සත්හලට ද එතුමා ඇතුළත් විය. පෝරුතොටගේ රේමන්ඞ් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු යන දීර්ඝ නාමය වෙනුවට අර්නස්ට් පෝරුතොට යන කෙටි නාමය භාවිතා කිරීම ඇරඹු එතුමා 1957 පෙබරවාරි මස 02 වැනිදින කොටහේන සාන්ත ලූසියා ආසන දෙව් මැදුරේදී අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් අතින් පූජකවරය ලැබීය. මීසම් සහායක පියතුමෙක් ලෙස කොටහේන සාන්ත ලූසියා ආසන දෙව් මැදුර (1957-59* මොරටුව සාන්ත සෙබස්තියන්(1959-60* පමුණුගම සාන්ත ජෝසප් (1960 මැයි -ඔක්තෝබර්* දෙහිවල සාන්ත මරියා (1960-62* දෙව් මැදුරුවල සේවය කළ පෝරුතොට පියතුමන් මීසම් පාලක (එතුමා භාවිතා කළේ මීසම් සේවක යන වදනයි* පියතුමා වශයෙන් දෙහියාගාත (1962-66* කැළණිය (1967-74* කළුතර කලමුල්ල (1974-82* කෝට්ටේ (1982-87* වත්තල (1991-97* දෙහිවල ( 1997-2004* කිරිමැටියාගාර (2004-2011* යන මීසම්වල සේවය කළේය. 1987-91 දක්වා කොළඹ අගරදගුරු පදවි දිසා අනුනායක වශයෙන් එතුමන් පත් විය. එලෙස දෙවරක්ම පත්වූයේ කොළඹ අග රදගුරු පදවියේ පූජක ඡන්දයකිනි.
1962 වසරේ වතිකානුවේ දී 23 වැනි ජුවාම් පාප්තුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද දෙවැනි වතිකානු ජගත් මන්ත‍්‍රණ සභාව 1963,64 සහ 65 වසර යන්ගේ සමුළුවලින් පසු 1965 වසරේදී නියෝග 16 ක් නිකුත් කරන ලදී. එය කතෝලික සභාවේ ඉමහත් පරිවර්තනයට හේතුවිය. ඒ ඒ රටවල ස්වභාෂාවන්ගෙන් වන්දනා පිලිවෙත් යෙදීමට එමගින් අවසරය ලැබිණ. එතෙක් ලතින් බසින් කළ ලංකාවේ වන්දනා මෙහෙයන් සිංහල බසින් පවත්වන්නට පටන් ගත්තේය. මෙම නව පෙරළිය ලාංකිය කතෝලික සභාව තුළට මෙන්ම ගිහියන් තුළට ද කාවද්දන්ට පෝරුතොට පියතුමා විසින් මහත් මෙහයක් ඉටු කරන ලදී. ඒ සඳහා 1963 වසරේ දී ”ගිහියා” නම් මාහැඟි ග‍්‍රන්ථය රචනා කළ එතුමන් එමගින් කතෝලික ගිහි සමය, මහිමය හා බලය ඉතා පුලූල්ව විවරණය කළේය. කිතුනු පෙරළිය කෘතිය ලියා එමගින් දෙවන වතිකානු කතිකාවේ අදහස් ශ‍්‍රී ලාංකිය අපට කෙලෙස බලපාන්නේද එය පුළුල්ව විග‍්‍රහ කළේය. මේ කෘතින් දෙකම කිතු සසුන දේශිය සංස්කෘතිය හා බද්ධ කිරීමට ගත් දාර්ශනික උත්සාහයකි. එමෙන්ම එතුමන්ගේ දැක්ම හා ක‍්‍රියාකාරිත්වය ඉතා පුළුල් එකකි. කොටහේන මීසම් සේවයේ යෙදි සිටි 1958 වසරේ දී එතුමන් රචනා කරනිවෘත්තිය සමිති විප්ලවය‘ ග‍්‍රන්ථය අවධාරණය කරනුයේ වෘත්තිය සමිති දේශපාලනයෙන් තොර වීමේ වැදගත්කමය. 1964 වසරේ දී බීමත්කම හා බේබදු කම ගැන ලියූ ”සුරාව” , ෂාන් පෝල් සාත‍්‍රගේ සංදෘෂ්ටික වාදය හැටේ දශකයේ මෙරට සාහිත්‍යයට බලපෑ ආකාරය විග‍්‍රහ කළ‘ භව්‍යවාදය හා ලංකාව‘ (1965* පළමු සිංහල රාජගුරු ප‍්‍රසාදින් වහන්සේ ගැන ලියූ ”කාදිනල් කුරේ” (1965* කාදිනල් කාඩයින් ආරම්භ කළ තරුණ ක‍්‍රිස්තියානු ශිෂ්‍ය ව්‍යාපාරය පිලිබදව ලියූිත.ක‍්‍රි.ශ ක‍්‍රමය‘ (1966* එතුමා විසින් ලියූ තවත් කෘතින් කිහිපයකි.
1970 වසරේ මෙරටට සැපැත්වුණ හය වන පාවුළු පාප් වහන්සේ සංචාරය නිමිති කොට එවකට පැවැති රජය මගින් ග‍්‍රන්ථයක් පළ කළ අතර එහි වගකීම පැවරුණේ පෝරුතොට පියතුමන්ටය. එහි ප‍්‍රතිඵලය පෝරුතොට පියතුමන්ගේ සහායට පැමිනි ගරු ජයලත් බලගල්ල දො.නි. පියතුමා සමග එක්ව සකස් කළ ”කතෝලික සමාජ දර්ශනය” නම් පිටු 456 කින් සහ පිටු 404 කින් හා වෙළුම් දෙකකින් යුත් මාහැඟි ග‍්‍රන්ථය එළි දැකිමය. එපමනක් නොව ශුද්ධෝත්තම පියතුමන්ගේ ලංකා සංචාරයේ මහා මංගල්‍ය පැවැත්වීමේ වගකීම පැවරුණේ ද පෝරුතොට පියතුමන්ටය. එතුමන් එහි දි සිය කළ්‍යාණ මිත‍්‍ර අපවත්වී වදාළ පුජ්‍ය මාපලගම විපුලසාර හිමිපණන් හා එක්ව මේ මහා මංගල්‍ය සිංහල කැටයම් හා දේශිය චාරිත‍්‍රානුකුලව පැවැත්වීමට කටයතු කළේය.
කතෝලික සභාව සිනමාව ගැන දැඩි උනන්දුවක් දැක්වූවේ අතීතයේ පටන්ය. 1934 වසරේ දී ජාත්‍යන්තර චිත‍්‍රපට පුවත්පත් ආයතනයක් අමතා කථාවක් පැවැත්වූ 11 වැනි පියුස් පාප් වහන්සේ චිත‍්‍රපටය උසස්ම කලා මාධ්‍යයක් බවත් ක‍්‍රිස්තියානි ශීල ධර්මය සොබා දහම මත පිහිට වූ මනුෂ්‍ය සදාචාරයට පටහැනි නොවන සේ මෙම මාධ්‍ය භාවිතා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. එතුමා විසින් ම 1936 වසරේ දී ලියන ලද, ”ඩිවිනි ඉල්ලියුස් මාජිස්ත‍්‍රි” නමැති අනුශාසනා පත‍්‍රයෙන් ද චිත‍්‍රපටය අධ්‍යාපනික හා ප‍්‍රචාරක මාධ්‍යයක් බවත් මුදල් ඉපැයීමේ අදහසින් එය ¥ෂණය නොවිය යුතු බවත් පෙන්වා දුන්නේය. පූජකවරුන් පුහුණු කරන අම්පිටිය ජාතික දෙව් සත් හළ තුළ ලෝකයේ උසස් චිත‍්‍රපට තිර ගත කර එම චිත‍්‍රපට පිළිබඳ සාකච්ඡුා වලින් පසුව එය දෙවන වර නැරඹීම ද සිදුවිය. එම සාකච්ඡුා සඳහා චිත‍්‍රපට මාධ්‍ය පිළිබඳ ශුද්ධාසනයේ අනුශාසනා ද සැලකිල්ලට ගන්නා ලදී. අර්නස්ට් පෝරුතොට පියතුමා 1957 වසරේ දී ජාතික දෙව් සත්හලෙන් පිටවූයේ සිනමා මාධ්‍ය පිළිබද පුළුල් අවබෝධයකින් යුතුවය. එතුමා සිනමාව පිළිබඳ ලියැවුණු ඉංග‍්‍රිසි පතපොත පරිශීලනය කළේය. ”සරසවිය” හා ”විසිතුර” යන සතිපතා සිනමා පත්තර මිල දී ගත් එතුමා සෑම වර්ෂයක් අවසානයේ දී ඒවා ඝන බැම්මක් යොදා සිය පුස්තකාලය තුළ සංරක්ෂණය කළේය.
1967 වසරේ දී එතුමා කැළණිය මීසම් සේවක පියතුමා වශයෙන් පත්වීම ලබා පැමිණි අතර මට ඒ වසරේදීම එතුමා හඳුනාගැනීමේ අවස්ථාව හිමිවිය. ඒ වන විට එනම් 1965 වසරේ දී එතුමා ”චිත‍්‍රපටි ගැන” නම් වූ කෘතිය පළ කර තිබිණ. එහි පෙරවදන ලියා තිබුණේ සුප‍්‍රකට කලා විචාරකයකුව සිටි සිරිල් බී.පෙරේරාය.එම පූර්විකාවෙහි ඔහු මෙසේ සඳහන් කර තිබිණි.
”අර්නස්ට් පෝරුතොට පියතුමාගේ චිත‍්‍රපටි ගැන‘න මැති” පොත චිත‍්‍රපට මාධ්‍ය පිලිබඳ අවබෝධයක් ලබා දීම හා චිත‍්‍රපට මාධ්‍යය ගැන විචාරශිලි උද්යෝගයක් ඇති කිරීම සඳහා විශේෂයෙන් මේ රටට, කාලයට අදාළ වන පරිද්දෙන් ලියන ලද්දකි. මා දන්නා හැටියට පෝරුතොට පියතුමා අද්‍යතන ශිෂ්ඨාචාරයේ මේ මොහෙත තුළ සජීව වින්දනයකින් යුතුව ජීවත් වන්නට වෑයම් කරන්නෙකි. එහෙයින් චිත‍්‍රපට මාධ්‍යය වැනි නූතන ප‍්‍රකාශන මාධ්‍යයක් විචාරශීලිව හඳුන්වාදෙන පොතක් ලිවීමට එතුමාට සුදුසුකම් සහ දැනුම් තේරුම් ඇත”
ලංකා චිත‍්‍රපට විචාරක හා ලේඛක සංගමය ආරම්භ කරන ලද්දේ 1967 වර්ෂයේ දීය. ගාමිණි හත්තොටුවේගම එහි සභාපතිවරයා වූ අතර නීල් අයි. පෙරේරා ප‍්‍රධාන ලේකම්වරයා ද ඔගස්ටස් විනයාගරත්නම් භාණ්ඩාගාරික ද විය. එම සංගමය පිහිටුවීමෙහි පුරෝගාමි මෙහෙවරක් ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා විසින් ඉටු කරන ලදී.
එමෙන්ම එවකට සුප‍්‍රකටව පැවැති අපේ කට්ටිය කලා සංසදයේ ද පියතුමා සාමාජිකයකු විය.
අන්තර්ජාතික කතෝලික සිනමා සංවිධානය (OCIC) පිහිටුවන ලද්දේ 1928 වර්ෂයේ අපේ‍්‍රල් මස 23 සිට 25 දක්වා නෙදර්ලන්තයේ හේග් නුවර පවත්වන ලද සමුළුවකදීය.එහි ශාඛාවක් මෙරට පැවැත්වීම පෝරුතොට පියතුමාගේ සිහිනයක්ව පැවතිණ. එය මල්ඵල ගැනුණේ එතුමා කැළණිය මීසම් සේවක වශයෙන් සිටියදී 1970 වසරේදීය. ප‍්‍රථම රැුස්වීම පවත්වන ලද්දේ පෑලියගොඩ සාන්ත මරියා දෙව් මැදුරේ මීසම් ගෘහයේ දීය. සුසන්ත තිසේරා, නිමල් එදිරිසිංහ, රෙජිනෝල්ඞ් සිල්වා, බර්නාඞ් කෝරළගමගේ, ලක්ෂ්මන් වැලිකල සහ මම එහි මූලික ක‍්‍රියාකාරින් වූ අතර පළමු ජාතික ලේකම්වරයා වූයේ ද මාය.
මේ වන විට තෝරා ගත් උසස් චිත‍්‍රපට සඳහා සම්මාන පිරිනැමීමේ ක‍්‍රමයක් අන්තර් ජාතික කතෝලික සංවිධානය විසින් පවත්වා ගෙන යන ලදී. හොඳ සිනමාවක් ගොඩනැගීම සඳහා දායකවන දේශිය සිනමාවේ විවිධ අංශ නියෝජනය කරන ශිල්පින්ගේ දක්ෂතා ඇගැයීමේ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම පෝරුතොට පියතුමාගේ අරමුණ විය. එහි ප‍්‍රථම පියවර වශයෙන් 1947 සිට 1972 දක්වා කාලය තුළ ඊට විවිධාකාරයෙන් දායක වූ කතෝලික ශිල්පින්ට ”උත්තමාචාර” දැක්වීම සඳහා විශේෂ උත්සවයක් එවකට කොළඹ අගරදගුරු ව සිටි තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අගරදගුරු මැදුරේ දී 1971 දෙසැම්බර් මස 21 වැනි දින පවත්වන ලදී.
1973 වර්ෂයේ දී ලංකා චිත‍්‍රපට විචාරක හා ලේඛක සංගමය (FCIAC) මගින් පවත්වන ලද අන්තර්ජාතික සිනමා උලෙළේ දී තිරගත වූ හොඳම චිත‍්‍රපටය සඳහා සම්මාන ප‍්‍රදානය කිරීම එම වසරේ දෙසැම්බර් 31 වැනි දින ගාලූ මුවදොර හෝටලයේ දී පැවැත්වීමට සූදානම් කර තිබිණ. ශ‍්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදය ද එම උලෙලේ හොඳම චිත‍්‍රපටය සදහා ඕ.සී.අයි.සී. සම්මානය ප‍්‍රදානය කිරීම එම වේදිකාවේ දි සිදුකිරීමට තීරණය කර තිබිණ. ඒ අනුව එම උලෙළට චෙකොස්ලෝවැකියාවෙන් ඉදිරිපත් කරන ලද And My Love to The Sallows චිත‍්‍රපටය සඳහා ඕ.සී.අයි.සී. සම්මානය ප‍්‍රදානය කෙරිණ. එවකට ලංකා චිත‍්‍රපට හා විචාරක හා ලේඛක සංගමය දේශිය සිනමා කෘතින්ට විචාරක සම්මාන පිරිනැමීම ආරම්භ කර තිබිණ. එම වේදිකාවම උපයෝගි කර ගත් ජාතික කතෝලික සිනමා පර්ෂදය 1975 අපේ‍්‍රල් මස 3 වැනි දින මුල් වරට ධර්මසේන පතිරාජගේ ”අහස් ගව්ව” චිත‍්‍රපටය උදෙසා සම්මාන සහතිකයක් පිරිනමන ලදී.
ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ දීර්ඝ කාලීන සිහිනයක් මල්ඵල ගන්වමින් 1976 වසරේ තිර ගත කළ චිත‍්‍රපට සදහා ජූරියක් මගින් ශ‍්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ උත්තමාචාර පිදීමේ උලෙලේ පටන් 1977 පෙබරවාරි මස 5 වැනි දින ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ. විප්ලවීය පියවරක් ඉදිරියට තබමින් මෙහි ප‍්‍රධාන ආරාධිතයා වූයේ එවකට නිවාස හා ඉදිකිරිම් ඇමති කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන් මහතාය. උත්තමාචාර සම්මානය රැුලෙක්ස් රණසිංහ ගේ දෘෂ්‍ය සංකල්පයක් වූ අතර එම මූර්තිය හෙන්රි නිව්ටන් පෙරේරා විසින් නිම කරන ලදී. සම්මාන සහතික පත‍්‍රය ද නිර්මාණය රැුලෙක්ස් රණසිංහගෙනි. මෙම ප‍්‍රථම ජූරියේ සභාපති පදවිය පෝරුතොට පියතුමන් විසින් හොබවන ලද අතර එඞ්වින් ආරියදාස, නීල් අයි.පෙරේරා, සිරිල් බී.පෙරේරා, රැුලෙක්ස් රණසිංහ, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ලක්ෂමන් වැලිකල හා මම සෙසු සාමාජිකයන්වීමු. එම උලෙළෙ පටන් තෝරා ගත් මාතෘකාවක් යටතේ උත්තමාචාර මුඛ්‍ය දේශනයක් ද පවත්වන්නට කටයුතු යොදා ගත්තේ ගරු පෝරුතොට පියතුමන්ගේ අදහසක් පිරිදිය.
1981 වසරේ සිට ලාංකික දෙමළ චිත‍්‍රපට සඳහා ද කෙටි හා අර්ධ වෘත්තාන්ත සඳහාද සම්මාන ප‍්‍රදානය කෙරුණේ ද පෝරුතොට පියතුමන්ගේ අදහසක් පරිදිය. දෙමළ සිනමා කෘතිය සඳහා සම්මාන ප‍්‍රදානය සිදු කරන ලද්දේ දෙමළ සිනමා විචාරකයන්ගෙන් සමන්විත පිරිසකි. සිනමාවේ ප‍්‍රගතිය වෙනුවෙන් විවිධ අංශයන් ගෙන් දස්කම් දැක්වූවන්ට ඕසී.අයි.සී ප‍්‍රණාම පිරිනැමීම 1985 වසරේ ඇරඹුණු අතර 1986 වසරේ සිට ආධුනික සිනමා විචාර තරගයක් පවත්වා ජයවිලාල් විලේගොඩ අනුස්මරන සම්මානය ප‍්‍රදානය කිරීම ද සිදුවිය. සම්මාන ආරම්භයේ සිටම පෝරුතොට පියතුමන්ගේ අභිලාෂය වුයේ එහි ආගමික මුහුණුවර සහමුලින්ම බැහැර කරමින් ජාතික සිනමා මහෝත්සවයක් පැවැත්වීමය. එමෙන්ම පියතුමන්ගේ තවත් අභිලාෂයක් වුයේ මෙරට තරුණයන්ට සිනමා අධ්‍යාපනයක් ලබා දිය යුතු බවය. ජාතික සිනමාවක් බිහි කිරීමේදි එය අත්‍යවශයයැයි විශ්වාස කළ එතුමන් ඒ සදහා සිනමා පිළිබද කෘතින් පළ කිරීම , සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ පැවැත්වීම හා සිනමාකරණ හා රූපවාහිනි පාඨමාලා පැවැත්වීම ආරම්භය ද එයින් සමහරකි. මෙම පාඨමාලාව මෙහෙය වන ලද්දේ ප‍්‍රවිණ කැමරා අධ්‍යක්ෂ ඇන්ඩෘ ජයමාන්න විසිනි. ඇමරිකානු ලොස් ඇන්ජලිස් විශ්ව විද්‍යාලයයේ එම්.ඒ. උපාධිය සදහා රානි සවරිමුත්තු ලියූ පර්යේෂණාත්මක නිබන්ධනයක් වූ Development of the Sinhala Cinema 1947-67 කෘතිය 1977 වසරේ දී එළි දැක්වූයේ එහි ප‍්‍රතිඵලයක් හැටියටය. ලක්ෂ්මන් වැලිකල හා මගේ කර්තෘත්වයෙන් සිනමාවේ කාර්මික රටාව නමින් ග‍්‍රන්ථයක් එළි දක්වන ලද්දේ ද එතුමන්ගේ ඉල්ලීම පරිදිය. ඒ සදහා එතුමන්ගේ මාරවිල නිවසේ සති තුනක් ගත කළ අප ඉන් ආපසු ආවේ එම ග‍්‍රන්ථයේ අත් පිටපත් සමඟය.
කථානාද සිහංල සිනමාවට වසර විසිහය පිරුණු 1973 වසරෙ තිර ගත කළ චිත‍්‍රපට අළලා 26 වැනි චිත‍්‍රපට වාර්ෂිකය එලි දැක්වූ එතුමානෝ එයින් පසු 1947 සිට 51 දක්වා කාලය සදහා වෙනම කෘතියක් ද 78 සිට 82 දක්වා ද චිත‍්‍රපට වාර්ෂික එලි දැක්වූව ද 34-35 චිත‍්‍රපට වාර්ෂිකය සමග කතෝලික සිනමා පර්ෂදය මගින් එම ග‍්‍රන්ථ පළ කිරීම ඇණ හිටින. පසුකලෙක ආසියානු සිනමා කේන්ද්‍රය මගින් 1993 සිට 98 දක්වා කාලය සඳහා රංජණි රත්නවිභූෂණගේ සංස්කරණයෙන් වාර්ෂික ග‍්‍රන්ථ පෙළක් එලිදුටුවේත් එහි ප‍්‍රතිඵලයක් හැටියටය.
පෝරුතොට පියතුමන් විසින් කතෝලික සභාවෙන් කළ ඉල්ලීමක් පරිදි කොළඹ මල්වත්ත පාරේ හය වැනි මහලේ එකල ඕ.සී.අයි.සී කාර්යාලය පවත්වාගෙන ගිය අතර එහි මිනි සිනමාහලක් ද, කාර්යාලයක් ද තිබිණ.
එමෙන්ම මේ සඳහා ජර්මනියේ කතෝලික ආයතනයකින් ජංගම සිනමා රථයක් වශයෙන් භාවිතා කිරීමට වොක්ස්වාගන් මයික්‍රෝ බස් රථයක් ද මිලි මීටර් 35 හා 16 ප‍්‍රමාණයේ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර යුගල බැගින්ද ලබා දෙන ලදී. විදෙස් තානාපති කාර්යාල හා රජයේ චිත‍්‍රපට අංශය හැරුණු විට එම පහසුකම් තිබුණේ ඕසීඅයිසී ආයතනයට පමණකි. ජංගම සිනමා රථය භාවිතා කරමින් දිවයිනේ පහසුකම් අඩු බොහෝ ප්‍රෙද්ශ තෝරා ගනිමින් සිනමා දර්ශන පැවැත්වීමට එකල පියතුමන් කටයුතු කළේය. එමෙන්ම සෑම සතියකම විශිෂ්ට චිත‍්‍රපටයක් ඕ.සී.අයි.සී ආයතනයේ තිර ගත කළ අතර ඒ නැරඹීමට සිනමාලැදි බොහෝ තරුණ තරුණියෝ රැුස්වූහ. එමෙන්ම පෝදා මාසික සිනමා හමුව නමින් පැවැත්වූ සිනමා දැක්ම තිර ගතවීමට නියමිත සිංහල චිත‍්‍රපටයක් සඳහා වෙන්විය. සිනමා පටයක් තිර රචනයේ සිට පිටපත නිම වනතෙක් සියලූ අවස්ථා පැහැදිලි කෙරෙන ඊැයසබා එයැ ක්‍සබැප් නමින් අපූරු වාර්තා චිත‍්‍රපටයක් එතුමන් ගේ අදහස් පරිදි ඇන්ඩෘ ජයමාන්න අතින් නිමවුණු අතර එය එකල විවිධ සම්මන්ත‍්‍රණ වලදී ප‍්‍රදර්ශනය කෙරිණ. අද මේ චිත‍්‍රපටයේ පිටපත අතුරුදන්ය.
කතෝලික සිනමා පර්ෂදයේ දස වසක සේවාවෙන් පසු එනම් 1982 වසරේ දී එයින් එතුමා සමුගත් පසුව 1989 හා 97 කාලය ඇතුළත තිස්ස බාලසූරිය පියතුමා විසින් පවත්වාගෙන යන ලද සමාජ හා සාමයික කේන්ද්‍රයේ අනුබද්ධ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ධුරය ද උන්වහන්සේ විසින් දරන ලදී.
එපමණක් නොව එතුමන් නිර්භිත තීන්දු රාශියක් ලබා ගත් අතර එය ආගමික මතවාදයන්ට සීමා නොවිණ. ඇතුම් තීන්දු පෞද්ගලිකව එතුමන්ට අවාසිදායක වුව ද සිය මතය වෙනුවෙන් පෙනිසිටිමට එතුමන් නිර්භය විය. හැමවිටම කලාව සම්බන්ධ සියලූ වාරණයන්ට උන් වහන්සේ විරුද්ධ විය.
කතෝලික පදවි පූජකවරයෙකු වශයෙන් තමා සේවය කළ මීසම් වල ගිහි ජනතාවට සිය උපරිම සේවය ලබාදීම ද කිසිවිටෙක අඩු නොකළ අර්නස්ට් පෝරුතොට පියතුමන් ශ‍්‍රී ලාංකේය සිනමාවේ උන්නතිය වෙනුවෙන් කැප වෙමින් තරුණ සිනමාකරුවන් දිරිමත් කරමින් කළ මෙහෙය ජාතියේ ගෞරවය හිමි විය යුතුය. දැයට ලැදි ජාතික සංස්කෘතියට ලැදි දේශිය කලාවන්ට මහත් භක්තියක් දක්වන එතුමාණෝ කතෝලික සභාව කාලානුරූපි හා දේශිය කිරීමේ කාර්යබාරයට සුවිශාල දායකත්වයක් ලබා දුන්නේය. ඒ දැඩි ආත්ම ශක්තියකින් හා නොපසුබස්නා වීර්යකින් යුතුවය. ඉතා දුර්ලභ ගණයේ කිතුනු පූජකවරයෙකු වූ එතුමන්ට නිරෝගී සුවය පතමි.