වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මගේ පළමු කෙටි චිත්‍රපටයට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්

රංගන ක්ෂේත්‍රයේ වසර විස්සක් ගෙවී යන මොහොතේ පවා එක් සුවිශේෂ චරිතයක් ඔස්සේ සිය රසික හදවත්වල හිඳිනට හැකිවීම ම විශේෂය. ලාංකේය ටෙලිනාට්‍ය ඉතිහාසයේ අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වූ චාතුර්යාහී ටෙලි නාට්‍යයේ මාටින්ස් නැතිනම් “මාටියා” ලෙස ඉතා සමීපව රසික මතකයේ රැඳුණ ඔහු වර්තමානයේ සිනමා අධ්‍යක්ෂවරයකු ලෙසද අවධානයට ලක් වේ. සිය ප්‍රථම කෙටි සිනමාපටය “වෙස්පර්ස්” ඔස්සේ මේ මොහොතේ වැඩි කතාබහට ලක්වන රංගන ශිල්පී රුවන් වික්‍රමසිංහ සිය නිර්මාණ දිවියේ ඉදිරි පියවර පිළිබඳ මෙන්ම නිර්මාණ ක්ෂේත්‍රයේ නූතන පසුබිම පිළිබඳ කළ අදහස් දැක්වීමකි මේ.
මේ දිනවල කලා ක්ෂේත්‍රයේ කටයුතුවලදි රංගනයට වඩා මම මුල්තැන දී තියෙන්නේ අධ්‍යක්ෂණ කටයුතුවලටයි. පසුගිය අවධියේ මම ‘වෙස්පර්ස්’ කියන කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. මේ වනවිට මම මගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටයේ කතාව ලියමින් ඉන්නේ. මේකටත් සුවිශේෂ හේතු ටිකක් තියෙනවා. රංගන ක්ෂේත්‍රයට විත් මේ වනවිට වසර විස්සක් සම්පූර්ණ වෙනවා මේ වර්ෂයේදි. ඵ් දෙදහස් තුන වසරේ සිට. දෙදහස් විසිතුන වසරට ‘චාතූර්යා’ ටෙලි නාට්‍යය විකාශය වී වසර විස්සක්. මේ අවස්ථාවට ඵද්දි මම වසර ගණනාවක් කල්පනා කළා, මම ඊළග පියවර තබන්නේ කුමන ක්ෂේත්‍රය ඔස්සේද කියලා. ඵතනදි මම මගේ සිනමා රසවින්දනය හා කියැවීම ගැනත් කල්පනා කළා. ඇත්තටම මගේ සිනමා රසවින්දනය ගොඩක් හොඳ මට්ටමක තියනවා කියලා මට හිතුණා. ඒ හැඟීමත් එක්ක මම ඊළඟ පියවරට පා තැබුවා. නමුත් කිසිම විටක මම කරන්නන්වාලේ කටයුතු කරන්න පෙලඹුණේ නෑ. මෙහිදී ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව සම්පූර්ණ කරන්න පළමුව පෙලඹුණා. ඒ දැනුමත් එක්ක තමයි මගේ පළමු කෙටි චිත්‍රපටය අධක්ෂණය කළේ. මොකද මම විශ්වාස කරන දේ තමයි ඒකට යම් අධ්‍යාපන පසු බිමකුත් ඵකතු කරගත්තොත් ඵහෙම නැත්තම් දැනුමකුත් හදා ගත්තොත් විධිමත් විදියට එය තව ශක්තිමත් වීමක් මිස එය කඩා වැටීමක් වෙන්නේ නෑ කියන ඵක. මම හැමදාම අධ්‍යාපනය සමඟ ඉන්න කෙනෙක්. මම මගේ ප්‍රථම උපාධිය සම්පූර්ණ කළේ ජීවවිද්‍යා අංශයෙන්. මේ දිනවල මම නීතිවේදී උපාධිය හදාරමින් ඉන්නේ ඒ අතරේ ර්‍ථඩ.ච් උපාධිය සඳහා සුදානම් වෙනවා. ඉතින් මෙහෙම නිරන්තරයෙන් පොතපතත් එක්ක ඉඳිද්දි. ඒ දැනුම එක්ක කටයුතු කරද්දී කවද හරි ඊළඟ පරම්පරාව අපි දිහා හැරී බැලුවොත් නැත්නම් අපිව කියෙව්වොත් මොකක් හරි වෙනසක් දැනෙයි. ඒ නිසා මම හැමදාම ඉන්න ඒ පසුබිමේ. ඵසේ නැතිනම් අප යම් කාර්යයක නිරත වී එහි අඩුපාඩු තිබුණත් ඒ වැරැදි පූර්වාදර්ශයක් විය හැකියි.
ඒ පිළිබඳ ඔබේ අත්දැකීම?
මම පැහැදිලිවම දකිනව යම්කිසි අධ්‍යාපනික පසුබිමක් ඇතිව පොතපත කියවන අධ්‍යක්ෂකවරයෙක් යටතේ වැඩ කරද්දි දැනෙන පහසුව, ලැබෙන වෘත්තීය ගෞරවය සහ ඵසේ නොවන අයකුගෙන් ලැබෙන ප්‍රතිචාරයේ වෙනස. නිර්මාණ කාර්යයක් සඳහා පරිණත බව අත්‍යවශ්‍යයි. විශේෂයෙන් කලා නිර්මාණයක් කියන්නෙ අප ළඟ තබාගෙන පෞද්ගලික රසවින්දනය සඳහා නිර්මාණය කරන දෙයක් නොවේ. මෙය අවසානයේ ජනගත කළාට පසු සමාජයක් කියවන බලන දෙයක්. ඉතින් මෙහෙම බලන නිර්මාණයක් සැහැල්ලු, පටු විදිහට හිතන පොඩි දැනුමක් තිබෙන අයකු අතින් නිමැවී පුළුල් සමාජයට ගිය පසු ඇතිකරන බලපෑම පිළිබඳ අප සිතිය යුතුයි. ඵ් නිසා මම හැමවිටම මේ ගැන කල්පනා කරනවා. වගේම මම කරන දේ වගකීමෙන් කරන්න මහන්සි වෙනවා.
මම මගේ කෙටි චිත්‍රපටය පිළිබඳ ගොඩක් සතුටුයි. විනාඩි දහහතරක ධාවන කාලයකින් යුතු ඒ චිත්‍රපටය වෙනුවෙන් මම වියදම් කළ මුදල ලක්ෂ අටහමාරක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ කෙටි චිත්‍රපටයකට මෙච්චර වියදම් කරන්න ඕනෙද කියලා. ඔව්. මම හිතනවා එසේ කළ යුතුයි කියලා. මොකද මම කරන නිර්මාණ කාර්යයේ ගුණාත්මකබව ආරක්ෂා කරන්න. විශේෂයෙන් මේක මගේ පළමුවෙනි නිර්මාණය නිසා ක්ෂේත්‍රයේ දැනට සිටින ප්‍රවීණයන් සමඟ වැඩ කරන්න ඕන වුණා. එතනදී කවදාවත් මේක මගේ නිර්මාණයක් නිසා මට කැමති කැමති ලෙස නිර්මාණය හසුරුවන්න වුවමනා වුණේ නැහැ. මගේ ආසාවට ඵහෙම කළා නම් සමහර විට එය හරි යයි. නමුත් වැරදුණොත්?
මගේ මේ පළමු නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂණය කළේ කළේ චන්න දේශප්‍රිය. වර්ණ සංයේජනය කළේ දිනිදු ජාගොඩ. සංගීත නිර්මාණය සිදු කළේ ගයත්‍රි කේමදාස. මේ කෙටි චිත්‍රපටයට රංගනයෙන් දායක වුණේ නාමෙල් වීරමුනි සහ මාලනී වීරමුනි යුවල. ඒ අතර ජගත් චමිල, වාසනා එදිරිසූරිය, චනුග වික්‍රමසිංහ සහ ඉබචපඤධථ ඇකඩමියේ සිසුන් ද වෙනවා. මේ බහුතරය තම ක්ෂේත්‍රය තුළ ඉදිරියට ගිය පිරිසක්. ඉතින් ඇත්තටම එය මට විශාල පිටිවහලක් වුණා. මම අර ඩිප්ලෝමා පාඨමාලාවේ න්‍යායාත්මකව ඉගෙන ගත්දේ මේ කණ්ඩායම සමඟ වැඩ කරද්දි පුදුමාකාර ලෙස ප්‍රායෝගිකව අත් වින්දා. උදාහරණයක් ලෙස ශබ්ද පරිපාලනය ගැන සිතුවොත් ශබ්දය කියන දේ නිර්මාණයකදී කොයි තරම් වැදගත්ද කියන දේ මම ප්‍රායෝගිකව දැනගත්තේ මගේ නිර්මාණය ඔස්සේයි. මේ නිර්මාණය අපි කළේ මේ වසර මුලදියි. ඵ් වෙනුවෙන් වටින ප්‍රතිචාර ලැබීම මට ලොකු සතුටක්. විශේෂයෙන් මෙහි සංගීත නිර්මාණ කටයුතු මෙහෙයවූ ගයත්‍රි කේමදාස මහත්මියගෙන් මේ සඳහා ලැබුණු සහාය හරිම විශේෂයි. අත්දැකීම් පරිපූර්ණ ඇය වගේ සංගීතවේදිනියක් එක්ක කතා බහ කරද්දී, එකට නිර්මාණ කටයුත්තක යෙදෙද්දී ලැබුණු අත්දැකීම් මට ඩිප්ලෝමාවක් ඇතුළේ ගන්න හැකි දේවල් නොවු නිසා. ඒ සතුට මගේ ජීවිත කාලය පුරා පැතිර යන දෙයක්. ඒ නිසා මම ඕනම නිර්මාණ කටයුත්තක යෙදෙද්දී ඒ ඒ ක්ෂේත්‍රයට අදාළ කෙනා සමගම කටයුතු කරන්න තමයි පුරුදු වී ඉන්නේ. මොකද ඒක ගොඩක් වැදගත් කියලා හිතෙන නිසා.
ඔබේ නිර්මාණයට පාදක වුණේ මොන වගේ තේමාවක්ද?
ගොඩක් වැදගත් තේමාවක්. විශේෂයෙන් පුද්ගලයකුගේ වෘද්ධ අවධියේදී නැවත බොහෝ විට රැකියාවක් නොකරන, උස් මහත් වූ දරුවන් සේම දරුවන්ගේ දරුවන් පවා ඔවුන්ගේ මාර්ග තෝරාගන්න ඒවායේ ගමන් කරන අවධියක, තමන්ගේම නිවසේම ජීවත් වූවද තම දූ දරු මුනුපුරන් තමන් කෙරෙහි සවන් දෙනවාද යන කාරණා බොහෝ විට වෘද්ධ අවධියේදි පුද්ගලයෙකුට බලපාන සුලබම කාරණා යන්න මම මෙතැනදී මතු කරන්න උත්සහ කළේ. විශේෂයෙන් සිය තරුණ අවධියේ විශාල සමාජ පිළිගැනීමක් හෝ ඉහළ ඉහළ අධ්‍යාපන පසුබිමක් සහිත පුද්ගලයකු පවා වෘද්ධ අවධියේ මෙබඳු දේ සුලබව අත්දැකිය හැකියි. ඵබඳු පුද්ගලයකු තුළ තවදුරටත් පවතින හැකියා සහ දැනුම ඇයි සමාජය ප්‍රයෝජනයට නොගන්නේ කියන හැඟීම තුළයි ඔවුන් ජීවිත ගත කරන්නේ. බැලූ බැල්මට ඔවුන් එදිනෙදා දූ දරුවන්ගේ හෝ සමාජ කටයුතු ආශ්‍රිතව සක්‍රීය ජීවිත ගත කළත් ඉන් ඵහා ඔවුන් තුළ පරිණත දැනුම් සම්භාරයක් ඇති බව අමතක කළ සමාජ වටපිටාවක ඔවුන්ගේ ඇතුළාන්ත හුදෙකලාවයි මගේ නිර්මාණයට පාදක වුණේ.
අද දකින්න ලැබෙන බොහෝ නිර්මාණ ගැන ඔබ කුමක්ද හිතන්නේ?
මට නම් හිතෙන්නෙම පිටපත මෙන්ම පිටපත සමඟ වැඩ කරන අධ්‍යක්ෂකවරුන්ගේ ශක්‍යතාව හා දැනුම ආදි කාරණා තමයි බොහෝ දුරට මූලිකව බලපාන්නේ. එතනදී හොඳ පිටපතක් තියෙනවා නම් ඒ කියන්නේ කතාව පිළිබඳ හොඳ අධ්‍යයනයක් කර, කාලය ගෙන කළ ඉන් පෙර බිහිනොවූ නිර්මාණයක් අධ්‍යක්ෂවරයාගේ අතේ තිබෙනවා නම්, නිර්මාණයෙන් අඩකටත් වඩා නිමා කළා හා සමානයි. එතැනදී යම් අධ්‍යක්ෂවරයෙක් හෝ වරියක් දක්ෂ වන්න පුළුවන්. ගොඩක් අය දක්ෂකම තක්සේරු කරන්න දිනකට රූගත කරන රූප රාමු ප්‍රමාණයෙන්. හැබැයි ඒක නොවේ. මේ පිටපතෙන් දෙන භාවයන් කැමරා කෝණවලින්, ඇඳුම් සහ වේශ නිරූපණය ආදියෙන් කෙසේද එළියට ගන්නේ කියන එක බලන්න ඕනේ. එය එලෙස නොවී තමාගේ දන්න කියන අය ලවා නිර්මාණ ලියවාගෙන හෝ අනිකුත් දැන හැඳුනුම්කම් මත නිෂ්පාදකවරු තෝරා ගැනීමට හෝ නාලිකා සමඟ ඇති සබඳතා මත නිර්මාණ කරන්න පෙලඹුණොත් සැබෑ අධ්‍යක්ෂකවරයකුගේ භූමිකාව අපට දකින්න නොලැබෙයි. හැබැයි අපි වෙදහාමිනේ, දඬුබස්නාමනය වැනි ටෙලි නාට්‍ය ගත්තොත් උදාහරණ ලෙස වෙනස්ම විදිහට අපට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඵ්වායේ කොටස් ප්‍රමාණය සීමිතයි. විස්සකටත් අඩුයි කියලයි මගේ මතකය.එහි කතා කළ මාතෘකා අදටත් අපේ හදවතේ තියෙනවනෙ. ඵ් චරිතවල මුහුණු පවා අදටත් මැවෙනවනෙ. මොකද ඒ තරම් ගෞරවයකින්, සංයමයකින් ඒ නිර්මාණ කළ නිසයි ඵ්වා ඵ්තරම්ම සාර්ථක. ඵ්ක විශාල ආදර්ශයක්.
ඉතා සංකීර්ණ ආර්ථික සමාජීය කාරණා රාශියක් ඉස්මතු වී ඇති පසුබිමක කලාව පවත්වා ගන්න නම් ඔක්කොම බල බලා ඉන්න බැහැ කියන අදහසත් ඵක්ක ඔබ ඵකඟඳ?
මුළුමනින්ම නම් එකඟ වෙන්න කොහොමටවත් බැහැ. නමුත් කලාව පවත්වා ගන්න ඕන කියන ඵකට ඵකඟයි මම. හැබැයි මේ මොන දේටත් යම් ප්‍රමිතියක් ඕනේමයි. නිර්මාණකරණයේදි හෝ ඵ් නිර්මාණ මිනිස්සුන්ට පෙන්වීමේ ක්‍රමවේද අතර මින්පෙර පැවැති ක්‍රමවේද ගැන නැවත සලකා බැලීමත් වැදගත්. කිසිම නිර්මාණයක්, ටෙලිනා්‍යයක් හෝ චිත්‍රපටයක් වේවා ආප්ප බානවාක් මෙන් ඉවක් බවක් නැතිව කරනවාද ඵය සුදුසු ද කියා කල්පනා කළ යුතුයි. ඵ් වගේම මේ නිර්මාණ ප්‍රමිතිගත කරන ආයතන මනා වැඩපිළිවෙළකට ඵනවා නම් හැම අධ්‍යක්ෂවරයකුම, නිර්මාණකරුවකුම මේ ගැන සැලකිලිමත් වෙයි. නිර්මාණ ප්‍රමිතිගත කරන විට සලකන කාරණා ගැන ඔවුන් අනිවාර්යයෙන්ම උන්නදු වෙයි. ඵ් කාරණා තමාගේ නිර්මාණවල සම්පූර්ණ කරගන්නත් සැලකිලිමත් වෙයි. ඵ්කම ඔවුන්ට ලොකු අභ්‍යාසයක් නෙ. ඵතනදි නිෂ්පාදකවරුත් මේ පිළිබඳ හොඳින්ම දැනුම්වත් වෙනවනෙ. විශේෂයෙන් නිර්මාණයක් පෙන්වන නාලිකාවලටම මේ පිළිබඳ සියලු තීරණ ගන්න ඉඩ විවර නොවන ලෙස ඵක මැදි තැනක් නිර්මාණය විය යුතුයි. ඵදාට මේ ප්‍රශ්නෙ බොහෝ දුරට විසඳෙයි. ඵ් වගේම ඵදාට රංගන ශිල්පීනුත් කල්පනා කරයි ඔවුන්ගේ පසුබිම තුළත් නිසි පරිචයක් හදාගන්න. නිර්මාණයක් ආනන්දයෙන් ප්‍රඥාාවට යා යුතුයිනෙ. දැන්වත් අපි මෙය නොකළොත් කවදා ද මෙ හදාගන්නේ. අධ්‍යාපනය හා කලාව තමයි රටක සමස්තය හදන්නේ. ඵ් නිසා මේ මූලික හරය අපි හරියට හිතට ගෙන නිර්මාණ කාර්යයේ නිරත විය යුතුමයි.
සේයාරූ - තුෂාර සංජීව