උපහාසය හෙවත් සරදම

ජූලි 8, 2021
in every man

 

 

ප්‍රහසන සැමවිටම සිද්ධි හා චරිත අතිශයෝක්තියට නංවයි. සුඛෝත්පාදකය සිද්ධි හා චරිත මඟින් ඉදිරිපත් කරනුයේ සිදු වූ හෝ සිදු විය හැකි ලෙසිනි. ප්‍රහසනයේ අරමුණ මොහොත තුළ විශ්වාසය ඇති කිරීමයි. ප්‍රාසංගික වූ ප්‍රහසනයක සිද්ධි වේගයෙන් ගලා යයි. එහි ඇති විකට ස්වභාවය නිසාම ප්‍රේක්ෂකයාට සිතන්නට ඉඩක් නැත. මේ නිසා ප්‍රහසනයක හාස්‍යය මැවීමෙහිලා උපහාසය ඉතා වැදගත් වේ. උපහාසය යනු යම් විකට ස්වරූපයකින් අනුකරණයේ යෙදීම, අදහස් දැක්වීම හෝ විශාල කිරීම සඳහා භාවිත කරන නිර්මාණාත්මක කාර්යයකි. එය උපහාසාත්මක මෙන්ම උත්ප්‍රාසාත්මක අනුකරණයකි. සයි‍මෙන් ඩෙන්ටිත් නම් විචාරකයාට අනුව උපහාසය අර්ථ දක්වන්නේ “වෙනත් සංස්කෘතික නිෂ්පාදනයක් හෝ භාවිතයක් සාපේක්ෂව විචක්ෂණශීලී ලෙස අනුකරණය කරන ඕනෑම සංස්කෘතික භාවිතයකි“ කෝළම් නාටකවල සොකරි නාටකයේ හෝ නූතන නාට්‍යවල එන අන්‍ය ජාතීන් හාස්‍යමය ලෙස අනුකරණය කොට දැක්වීම එවැන්නකි. සාජන් නල්ලතම්බි හි දමිළ භාෂණය, නෙයිනගේ සූදුව නාටකයේ මුස්ලිම් භාෂණය හෝ ගැමි නාටකවල එන අන්‍ය කුලවලට අයත් චරිත අනුකරණය කරනුයේ එවන් උපහාසය හා උත්ප්‍රාසාත්මක අනුකරණ විලාසයකිනි. එයට සාම්ප්‍රදායිකව භාවිත වන අදහස සරදම් කිරීම යන්නයි. හොද උපහාසයක් යනු සැමවිටම කදිම විනෝදයකි. වඩාත් සංවේදී හා ඔප දැමූ මනස විනෝදයට හා ඉගැන්වීමට යොමු කිරීමට උපහාසයට හැකියාව ඇත. යම් රංග භාවිතයක දී හෝ ශාස්ත්‍රීය මෙහෙයුමක දී ඉන් වෙහෙසට පත්වන විට එහි වටිනාකම රඳවා තබා ගැන්මට උපහාසය වැදගත් වේ.

 

ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයට අනුව (කාව්‍ය ශාස්ත්‍රය ඪඪ.5.ඒජජධපඤඪදඨ බධ ඒපඪඵබධබතඥ) තාසොස් හි හෙජමොන් (ඩ්ඥඨඥථධද ධට ඊඩචඵධඵ) යනු යම් ආකාරයක උපහාසය (ඬඪදඤ ධට නචපධඤර) සොයාගත් තැනැත්තාය. ඔහු සුප්‍රසිද්ධ කාව්‍යවල වචන යම් තරමකට එහා මෙහා කොට වෙනස් කිරීමකින් ඒවා උත්කෘෂ්ටමය හාස්‍යජනක බවට පරිවර්තනය කළේය. පුරාණ ග්‍රීක සාහිත්‍යයෙහි පාරොඩියා (ර්‍ථචපධඤර) යනු වීර කාව්‍යයකි. වීර කාව්‍යයන්හි ශෛලිය හා ප්‍රබන්ධය අනුකරණය කොට විවෘත හා උපහාසාත්මක විහිළුවලින් වීරයන්ට ලියූ කාව්‍ය එහි ගැබ් වුණි. එහි මුල් ග්‍රීක අරුතක් නම් “ප්‍රීති ගීතය“ යන්නයි. මුල් කාව්‍යයන්ට එරෙහිව හාස්‍යජනක බලපෑමක් ඇති කිරීම ඒවායේ අරමුණ විය. එහෙත් ඒ සරදමක් මිස සමච්චල් කිරීමේ සංකල්පයෙන් බැහැර වේ. පැරණි ග්‍රීක ප්‍රහසනයේ දී දෙවිවරුන්ට පවා විශාල කළ හැකිය. ගෙම්බන් වීරයන් ලෙස දැක්විය හැක. පැරැණි ප්‍රහසනවල දී හෙරකලස් දෙවියන් කෑදරයෙකු ලෙස ද ඩයනිසස් දෙවියන් බියගුළු හා බුද්ධිමත් නොවන අයෙකු ලෙස ද ඉදිරිපත් කෙරිණි. දාර්ශනික ග්‍රන්ථවල පවා උපහාසාත්මක වදන් භාවිත විය. ජීවමාන හා මිය ගිය දාර්ශනිකයන්ගේ උපහාසාත්මක ස්වරූපය මෙකල සමහර කෘතිවල සුලබ විය. සරදම උපහාසයේ මූලිකාංගය විය. පැරැණි ග්‍රීක කොමඩි නාට්‍යයක ඇතැන්සය බේරාගැනීම සඳහා කවියෙක් නැවත ගෙන්වා ගන්නට යන්නේ පාතාල ලෝකයට ය. එහිදී එම ගමන සඳහා ගෙම්බන් විසින් වීරයෙකු බවට පත් කළ කෑදර හෙරක්ලීස් දෙවියන් ඩයනීසස් දෙවියන්ගේ ඇඳුම් ඇඟලා ගැන්ම සරදම් ලෙස විස්තර කරයි. ක්‍රි. ව. 2 දී සමොසාටා හි ලූෂන් නමැත්තෙකු ගේ රචනාවල ඉලියඩ් සහ ඔඩිසි යන කාව්‍ය ලියූ හෝමර්ව විස්තර කරන්නේ කිසි දිනෙක අදාළ ප්‍රදේශවල සංචාරය නොකල බොරු කාරයෙක් ලෙස සරදම් උපහාසයෙනි. උත්ප්‍රාසාත්මක රචනයේදී සමහර විට අතිශයෝක්තිය හා කළ නොහැකි ප්‍රකාශයන් අතිශයෝක්තියට නංවා ඉදිරිපත් කිරීම උපහාසය හා සරදම සඳහා භාවිත කරයි.

 

උපහාසාත්මක සංගීතය (ර්‍ථචපධඤර ර්භඵඪජ) භාවිතයේ යෙදුමක් ලෙස උපහාසය දක්වන්නේ යම් සංයුතියක් තවත් ආකාරයකින් ප්‍රතිනිර්මාණය කිරීම ලෙසිනි. එහිදි හාස්‍යජනක හා උපහාසාත්මක චේතනාවෙන් යුක්තව හුරු පුරුදු සංගීත අදහස් හෝ රචනා ඊට නොගැළපෙන සන්දර්භයන් තුළ ප්‍රතිනිර්මාණය කෙරේ. ඉංග්‍රීසි සාහිත්‍යයයේ දී උපහාසාත්මක හෙවත් ර්‍ථචපධඤර යන වචනය මුලින්ම භාවිත කරන්නේ බෙන් ජොන්සන් විසිනි. ඒ 'සකලජන' නාට්‍ය වෙනුවෙනි (ධ්ද ඡ්මඥපර ර්චද ඪද ඩ්ඪඵ ඩ්භථධප - 1598) උපහාසාත්මක බව අසම්මත භාවිතයක් ලෙස එහි විස්තර කරයි. ජොන් ඩ්‍රයිවන් උපහාසය පොදු භාවිතයේ පවතින්නක් බවත් ඉන් අදහස් කරනුයේ ඔබ කරන දේ විහිළුවට හෝ නැවත ප්‍රතිනිර්මාණය කිරීම බවත් දක්වයි.

ඉතාමත් නූතන අවධියේ දී නූතනවාදය තුළ උපහාසය දක්වන්නේ කලාත්මක නිර්මාණ හා නව්‍යකරණයේ උත්ප්‍රේරකාරකය වන කේන්ද්‍රීය හා වඩාත්ම නියෝජිත කලාත්මක උපකරණ ලෙසිනි. විසිවැනි ශතවර්ෂයේ චිනයේ විනෝදාස්වාද වෙළෙඳපොළේ ලේඛකයෝ ඕනෑම දෙයක් උපහාසයෙන් නිරූපණය කිරීමට රුචිකමක් දැක්වූහ. ග්‍රීක උපහාසය ගැන විග්‍රහ කරන නූතන විචාරකයෝ “එක් කෘතියක සමස්ත අංග ඒවායේ සන්දර්භයෙන් පිටතට ගෙන නැවත භාවිත කරන විට සමච්චලයට ලක්කළ යුතුය. සාම්ප්‍රදායික නිර්වචන සාමාන්‍යයෙන් උපහාසය ගැන කතා කරන්නේ එය උපහාසයට ලක් කරන පෙළ සමච්චලයට ලක් කිරීම පමණි.“ යැයි සිතූහ. නැවත සැකසීම උපහාසයේ ස්වරූපයකි.