පෙරදිග රටවල ප්‍රහසනය පිළිබඳ ආකල්ප

මැයි 13, 2021

 

සාමාන්‍යයෙන් පෙරදිග ගැමි නාටක පුරා රැයක් හෝ රැයකටත් එහා ගොස් පසුදින මධ්‍යහනය තෙක් නැතහොත් එක දිගට දින තුනක් පුරා රඟ දැක්වීම සාමාන්‍ය චාරිත්‍රයකි. එසේ පුරා රැයක් පැය 12 - 14 ක් රඟදක්වන කොහොඹා කංකාරියක, සන්නියක යම්කිසි නිශ්චිත කාල රාමුවක දී (දේශීය ගැමි නාටකවල නම් පසුදා අලුයම් යාමයට පෙර) කෙටි හාස්‍ය ජවනිකා රඟදැක්වේ. ඒවාට “අන්තර් රංග අවස්ථා“ යයි කියනු ලැබේ. ශාන්තිකර්මවල යාතුකර්ම වල එන මෙම අන්තර් රංග අවස්ථා පෙරදිග ද අපරදිග ද නාට්‍යවල දක්නට ලැබෙන වැදගත් අංගයකි. (ශේක්ස්පියර්ගේ හැම්ලට් නාටකයේ එන “මී උගුල“ හෝ සොහොන් පල්ලාගේ දර්ශන අංක එවැන්නකි) ගැමි නාටක හෝ පූජා කර්මවල එන මෙම කෙටි රංගා අවස්ථා නාට්‍යමය ගුණයෙන් (ලක්ෂණවලින්) මෙන්ම හාස්‍යය රසය මුල් කර ගැනීම ද කැපී පෙනෙන ලක්ෂණයකි. මෙම කෙටි හාස්‍ය රංග අවස්ථා ගැමි නාටක ආරම්භයේ සිටම දක්නට ලැබේ. කොහොඹ කංකාරියේ එන යක්කම් පහ මීට නිදසුන් වේ. පසුකාලයක දී ගැමි නාට්‍ය බවට පරිවර්තනය වන්නේ යාතුකර්ම වල සහ ශාන්තිකර්මවල වූ අන්තර් රංග අවස්ථාවෝය. ගැමි නාට්‍යවල මෙන්ම පෙරදිග ප්‍රධානතම විදග්ධ නාට්‍ය ධාරාවන් දෙක වන සංස්කෘත නාට්‍ය (ක්‍රි. ව. 2- 3) මෙන්ම ජපානයේ නෝ නාට්‍ය කලාවේ ද (ක්‍රි. ව. 10 - 12)  එම විදග්ධ නාට්‍ය රඟ දක්වන අතර කෙටි ප්‍රහසන රඟදැක්වීම් චාරිත්‍රයක් බව පෙනෙයි. එසේම මේ සෑම පෙරදිග අපරදිග රංග සම්ප්‍රදායන් වල විකට නළුවන් විසින් රඟදක්වන විකට නළු රංග, රූකඩ රංග දක්නට ලැබේ. ජපානයේ බුන්රකු මීට නිදසුන්ය. නෝ නාට්‍ය දෙකක් අතර රඟ දැක්වෙන “ක්යොගෙන්“ නම් කෙටි ප්‍රහසන රංග අදටත් ජනප්‍රිය නාට්‍ය ප්‍රවාහයකි. සමහර විද්වත් මතය නම් සංස්කෘත නාට්‍යයේ ප්‍රභවය රූකඩ නාට්‍යයේ ගැබ්ව ඇති බවයි. රූකඩ නාට්‍ය හා වේදිකා නාට්‍ය අතර සම්බන්ධය චිරාත් කාලීනව පැවත එන්නකි.

 

ජෝ අබේවික්‍රම

සංස්කෘත නාට්‍යවල එය අංක ප්‍රමාණය නිරීක්ෂණය කරන කල්හී ඒවා තරමක් දිගු නාට්‍ය ප්‍රදර්ශනයක් සහිත බව පෙනෙයි. “සමවකාර“ නම් සංස්කෘත නාට්‍ය ප්‍රභේදය පැය 15ක් පමණ දීර්ඝ වූ දර්ශනීය රැඟුමක ආකාරය ගත් බව පෙනෙයි. මෙවැනි නාට්‍ය රාත්‍රිය පුරා රඟ දැක්වූ පසුව අලුයම් කාලයේ දී යම් කිසි හාස්‍යමය ආකාරයේ වේදිකා නිරූපණයක් පැවැත්වීම භාරතයේ සිරිතක්ව පැවතිණි. මෙම ආභායය ගැමි රූකඩ නැටුමෙන් උකහාගත් බව පෙනේ.

 

පෙරදිග මෙන් ම විකට නළුවා නැතහොත් ණධඬඥප අපරදිග නාට්‍යයට ද රූකඩ නාට්‍යයෙන් පැමිණි බව විචාරක මතය වේ. අඳුරු යුගයේ යුරෝපයේ සංචාරක නාට්‍ය කලාවේ විකට නළු රංගය ඉතාමත් ජනප්‍රිය අංගයකි. බර්ග්මාන්ගේ “ඉඥමඥදබඩ ඉඥචත“ චිත්‍රපටයට පාදක වන්නේ එවන් විකට නළුවෙක් හා මාරයා අතර හමුවක් පිළිබඳ ප්‍රබන්ධයකි.

 

විකට නළුවා

 

සංස්කෘත නාට්‍ය වල එන ප්‍රධාන චරිතයකි විකට නළුවා. නාඩගමේ බහුබූතයා ද එහි ආභාසය ලද්දෙකි. සංස්කෘත නාට්‍ය වල එන විදූෂක චරිතය යුරෝපීය නාටකවල එන කරන විකට චරිතවලට සමගාමී චරිතයකි. විකටයා, කවටයා, ජෝකර්, ඛ්තධඹදඵ පෙරදිග දෙපාර්ශවයටම පොදු චරිතයකි. වර්තමාන භාරතීය හින්දි, දමිළ, මලයාලම් සහ තෙළිඟු ජනප්‍රිය සම්ප්‍රධායේ චිත්‍රපටවල වීරයා සමග සිටින, ඔහුට උදවු කරන අනිවාර්ය චරිතයකි විකටයා. භාරතීය සිනමාවේ වීරයන් තරමටම එම චරිතත් එම චරිත රගපාන නළුවනුත් ජනප්‍රිය වේ. නාගේෂ්, යෝගි බාබු, විවේක්, ජොනි ලීවර්, කාඩර් කාන්, බ්‍රාහ්මණන්, මෙහෙමූඩ්, ජොනි වෝකර්, වඩිවේල් සහ සෙන්තිල් මෙන්ම ලංකාවේ ප්‍රෙඩි සිල්වා, එල්. එම්. පෙරේරා, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ සහ ඇන්තනි සී පෙරේරා ආදීන් එවන් නළු පරම්පරාවකට අයත් වූවෝ වෙති. මේ අතර වූ බොහෝ නළුවන් පසුකලෙක දී චරිතාංග නළුවන් බවට ද පත් විය. ජෝ අබේවික්‍රම, පරේෂ් රාවල්, සංජේ මිෂ්රා සහ සංජේ දත් මීට නිදසුන් වේ. මෙම විකට නළු රංඟනයන්ගේ ඇත්තේ පොදු වූ කායික හා වාචික හැසිරීම් රටාය. ‍පෙරදිග විකට රංගනයන් (හාස්‍ය රංගනය නොවේ) මවන චරිත ලක්ෂණයන් වූයේ විසුළු සහගත වචන හැසිරවීම, සිනහ උපදින සුලු කායික හැසිරීම, ආහාරපාන ආදියට ගිජුකමක් දැක්වීම, තමාගේ වැරදි වලට අන්‍යාට දොස් පැවරීම, කපටියකු ලෙස පෙනී සිටියත් මෝඩ හැසිරීම් දැක්වීම ආදියයි. භාරතීය නාට්‍යවල එන විදූෂක චරිතය මෙම ලක්ෂණවලින් යුක්ත වේ. පෙරදිග විකට රංගනයන් විදූෂක චරිතයේ දිගුවක් සේ දැක්විය හැකිය. උක්ත චරිත ලක්ෂණ ඉහතින් දැක්වූ නළු රංගනයන් හී නොඅඩුව දක්නට ලැබේ.

භාරතීය විදුෂකගේ විකට රංග ලක්ෂණ සාමාන්‍ය ජනයා ප්‍රිය කළ චරිතයක් බැවින් පසු කලක දී ගැමි නාට්‍ය හා අන්තර්රංග අවස්ථා නිරූපණය කරන චරිතවලට උත්තේජකය වූයේ විදූෂක චරිතයයි. සාමාන්‍ය ජනයාගේ ගති ගුණ නිරූපණය කරන චරිතයක් ලෙසද විදූෂක නිරූපණය වේ. රූකඩ නැටුම් ඇසුරින් ගොඩ නැගුණු විදූෂක චරිතයට සමාන චරිතයෝ පෙරදිග අපරදිග නාටකවල නිතර හමුවේ. නාඩගම් හී “සෙල්ලම් ළමා“ ඉතාලියේ කොමෙයිඩියා ඩෙලාර්තේහි “අර්ලික්කිනෝ“ ජර්මනියේ හාර්ලෙකින් ( ජර්මන් රූකඩ නැටුම) ඉතාලියේ නේපල්ස් හි “ පුල්චිනෙල්ලා“ (කොමෙයිදියා දෙලාර්තේ) ප්‍රංශයේ “පොලිෂිනෙල්“ නම් විකට නළු රංගය, ඉංග්‍රීසි ජාතීන් අතර “පුන්චිනෙල්ලො හෙවත් පන්චි ජනප්‍රිය විකට හා රූකඩ චරිත වේ. ජර්මනියේ දී කැස්පර් හෙවත් කැස්පර්ල් ඊට සමාන වේ. එසේම ජාවා දූපත් හී සෙවනැලි රූකඩවල “සෙමර්“ තුර්කියේ “කර්ගොස් “, පර්සියාවේ කශල් පහ්ලවාන්, රාමායනයේ “හනුමා“ (රමායන නූර්තියේ හනුමා ගයන පොම්බුලේ මගේ පොම්බුලේ ගීතය සිහිපත් කරගන්න) රූකඩ හා නාටකවල එන ප්‍රකට විකට චරිත වේ. මේ සෑම රටකදීම රූකඩ නාට්‍යයෙන් නාට්‍ය කලාවත්, නාට්‍ය කලාවෙන් රූකඩ කලාවත් පෝෂණය වී ඇත. මේ සෑම චරිතයක්ම පෙරදිග වුව අපරදිග වුව බොහෝ සමානකම් ඇත්තේය.