වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
”මහත්මයා මාව පරිස්සමෙන් ගෙනයන්න...”

අජන්තා ගීතාවලියෙන් බහුතරයට ස්තී‍්‍ර-පුරුෂ පේ‍්‍රමය පාදක වුවත් අවශේෂ ප්‍රස්තුතද ඔහුට විෂය නොවූයේ නොවේ. ප්රශස්ත ගණයේ බුදු බැති ගීවලට පමණක් ඔහුගේ පබැඳුම් සීමා නොවුණි. කතරගම දෙවියන් අභිවන්දනය උදෙසාද අජන්තා ප්රශස්ත ගීයක් ලියූ බව මට සිහිපත් වේ. එහි පදමාලාව ඔහු ලියා ඇත්තේ කාවඩි නාද රටාවට අනුගත වෙමින් භක්ති රසය කුළුගන්වන දීර්ඝ වදන් භාවිතයට ගැනීමෙනි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ ඖචිත්‍යපූර්වක ස්වර රචනයට අජන්තාගේ කාව්‍යාත්මක චින්තනය රුකුලක් වූවා නිසැකය. පණ්ඩිත් අමරදේව හා ටී.එම්. ජයරත්න මේ ගීතය ගැයූහ.
කදිර සුරිඳුනේ
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
සිතින් කයින් වන වරද නොගන්නයි
ගමන් මඟට දෙවි පිහිට දෙවන්නයි
ගිමන් නිවන තැන සෙවණ සදන්නයි
පුලූන් රොදක් සේ අප වන්දන්නයි
කදිර සුරිඳුනේ
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
අනන්ත අනුහස අණ පතුරන්නයි
තැවුල් අවුල් සෝ දුක දුරලන්නයි
දෙමවුපියන් සේ අප රැුකගන්නයි
පිනෙන් මෙතුන් ලොව මතු බුදුවන්නයි
කදිර සුරිඳුනේ
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
”නොම්මර 17” (1989) චිත්‍රපටය උදෙසා ඔහු ලියූ ”දේවාති දේවා පූජා ප්‍රණාමේ” නම් වූ දේව බැති ගීතයෙන් හින්දු දේව සංකල්පය කුළුගැන්වෙන බැව් සැබැවි. එහි එන ”රඟදෙන් සියල්ලෝ දීපාවලී මංගල්‍යයේ” යන වදනෙන්ද එය සනාථ වේ. එහෙත්, මෙහි එක යෙදුමකින් ගේය කාව්‍ය රචකයා සත්‍ය ශී‍්‍ර සායි බාබාතුමා අභිවන්දනය කරන අයුරු දිස්වේ. එනම් ”සායි බාබා බෙලෙන් වැජඹේ... දේවාශීර්වාදේ ලබා” යන වදනෙනි. ඇන්ජලින් ගුණතිලක හා ගේ‍්‍රෂන් ආනන්ද යුවළ ගැයූ මේ ගීතය සංගීතවත් කළේ අර්නස්ට් සොයිසාය.
සත්‍ය ශී‍්‍ර සායි බාබාතුමා පිළිබඳ එබඳු වදනක් මේ ගීතයට එක්වීම පුදුමයට කරුණක් නොවන්නේ අජන්තා රණසිංහයන් එතුමා ඇදැහූ බැතිමතකු වූ නිසාය. මේ අරභයා බොහෝ දෙනා නොදනිති. සැබැවින්ම ඔහු ඊට පෙලඹුණේ තම බිරිය සරෝජිනිය නිසාය. ඇය සායි බාබාතුමාගේ බැතිමතියකි. බ්‍රහස්පතින්දා දිනවල සායි මධ්‍යස්ථානයටද ඔවුහු නිතර ගියහ. අජන්තා ලියා 1996 පළ කළ ”සෝපාකලා” ගේය කාව්‍ය සංග්‍රහය මුද්‍රණය කොට අතට ලැබුණු දා එහි මුල් පිටපතේ ඔහු මෙසේ ලීවේය.
”සත්‍ය ශී‍්‍ර සායි බාබාතුමාගේ පාද පද්මයට ගරු බැති පෙරදැරිව පූජා වේවා.”
සමාජ විෂමතාව, සමාජ, ආර්ථික, දේශපාලන ගැටලූද විරල ලෙස හෝ ඔහුගේ ගේය කාව්‍ය රචනාවලට වස්තුවිෂය විය. ජනකාන්ත ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ගීත බහුතරය පේ‍්‍රම ගීත වන නමුදු, ඔහු වෙනුවෙන් අප ගීත රචකයා විරල ප්‍රස්තුතයක් පාදක කොට ගීයක් ලීවේය. ඒ අනාථ, අසරණ වීදි දරුවන් අරභයාය. අජන්තා සරල, සුගම වදන් පෙළකින් මේ ගීතය රචනා කළේද ස්ටැන්ලි පීරිස් සංගීතවත් කළේද මිල්ටන්ගේ ගීත ශෛලියට උචිත වන පරිද්දෙනි.
වීදි කොනේ
මාවත අද්දර හඬනා කිරිදරුවෝ!
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි
මවගෙන් අසනු එපා
මාත් පියෙකි පුත නුඹ වැනි දරුවෙකුගේ
මටත් දැනේ
ඔය පොඩි හිත දැවෙන රෙඟ්
බලා ඉඳිමි මම
නුඹ නළවන්නට
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා
පියෙක් ඉඳී පුත නුඹටත්
කොතැනක හෝ
පිනක් නැතිද
ඒ සෙවණේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරි දත් පෙන්නා
මා අමතන විට සුරතල් පුතේ කියා
70 දශකයේ වගා සංග්‍රාමය කි‍්‍රයාත්මක වූ සමයේ ගම්මානවල කුසීතව, කල්ලි ගැහී කාලය කා දමන තරුණයන් රටේ සංවර්ධන කි‍්‍රයාවලියට පොලඹවනු පිණිස අජන්තා රචිත මේ සුප්‍රකට ගුවන්විදුලි ගීතය අරභයා එකල මතවාද රැුසක් පළ විය. මෙය සංගීතවත් කළ ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස මුලින් මේ ගීතය ගායනා කිරීමට තෝරාගත් ශිල්පියාට නිසි පරිදි ගායනා කිරීමට නොහැකි වූයෙන් අවසන මහාචාර්ය සනත් නන්දසිරි එය මැනවින් ගැයුවේය.
ගමේ කෝපි කඬේ දෙන්නා දෙපැත්තේ
දාං අදින්නේ
ගැටව් කතාබහට කඩ එළිපත්තේ
රංචු ගැහෙන්නේ
ගමේ රටේ අහේනියයි ළමයිනේ
ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ
අපේ කාලෙ අස්වැද්¥ කුඹුරු ලියදි
පාළු වෙලා
තල කුරහං අල දෙල් කොස්
හේන් පිටින් පාළු වෙලා
අම්ම අප්ප මොක මොකවත්
කන්න බොන්න දුන් පලියට
ලැජ්ජ නැද්ද කාලෙ කන්න
ගැටවරයිනි කඩපිල් යට
අතපය හත්තිය තියෙද්දි කම්මැළිකම්
මොකද බොලව්
මගෙ පපුවත් පත්තු වෙනව
අර ඉපනැලි යාය බලව්
වයස ගියත් මගෙ අතපය
බලාපල්ල යකඩ වගේ
අපි වවලයි අපි කෑවේ
උත්තම රජගොල්ලො වගේ
එහෙත්, මේ ගීතය ජනපි‍්‍රය වත්ම මෙමඟින් රටේ තරුණ පරපුර අවප්‍රමාණ කළ බවත්, වැඩිහිටි පරපුර උත්කර්ෂයට නැංවූ බවත් ජන සමාජයෙන් අනේකවිධ විවේචන පළ විය.
අවසානයේ අජන්තා නැවතත් ගීතයක් ලියා තරුණ පරපුර දිරිගැන්වීමට සිතුවේය. එයද ආචාර්ය කේමදාසයන් සංගීතවත් කොට මහාචාර්ය සනත් නන්දසිරි ගැයීමෙන් මේ මතභේද සමතයකට පත් කෙරිණ.
ආකාසෙ තාරුකා
මූදෙ මඩ වුණත් අරන් එන්නට
කෝපි කඬේ දාං අදින ගැටවු හපන්නු
පුරන් කුඹුරු පාළු හේන් නෑ ගම්මානේ
ගමේ ගොඬේ ගැටවුන්ටයි ඒ සම්මානේ
වැලි මිරිකා වතුර වුණත් ගන්න හපන්නු
කෝපි කඬේ දාං අදින ගැටවු හපන්නු
හඳපානේ ගැටවුන්ගේ සීපද රාවේ
අපේ ගමට කිරි උතුරන ආසිරිවාදේ
ගැමි ලියන්නෙ හීන රටේ රඟන හපන්නු
කෝපි කඬේ දාං අදින ගැටවු හපන්නු
කඬේ පිලේ රංචු ගැසී සමගි බලේයා
උත්තම රජගොල්ල වගේ ඉන්න රෙඟ්යා
රටේ තොටේ නැතිබැරිකම්
මකන හපන්නු
ගමේ කෝපි කඬේ
දාං අදින ගැටවු හපන්නු
අජන්තා රණසිංහයන් සහ ඔහුගේ නිර්මාණ අරභයා මවිසින් රචිත මේ දීර්ඝ ලිපි පෙළ අවසන් කිරීමට පෙර ඔහුගේ ජීවිතය හා සබැඳුණු රසවත් සිදුවීම් ද්වයක් හෙළි කළ යුතුයැයි මම සිතුවෙමි. විහිළුවෙන් තහළුවෙන් උපහාසයෙන් ජීවිතය විඳි රසවතකුගේ තතු ඉන් අනාවරණය වන බැවිනි. ඔහු වරෙක ඕමාර් ඛයියාම් වැන්න. ස්ති‍්‍රයට, ගී පොතට, මී විතට ඔහු දැඩි සේ පෙම් බැන්ද හෙයිනි.
අජන්තා බොහෝ පි‍්‍රය සම්භාෂණවලට සහභාගි වෙමින් මිතුරු ඇසුරට, මධුවිතට පෙම් කළේය. එබඳු බොහෝ අවස්ථාවල ඔහු ප්‍රමාණය ඉක්මවා මධුවිතෙන් සන්තර්පණය වීමද සුලබ දසුනකි. මගේ මතකයේ හැටියට එවක ඔහු භාවිත කළේ රතු පැහැති ෆෝඞ් වර්ගයේ කාරයකි. ඔහු මේ කාරයට බෙහෙවින් ආදරය කළ අතර, ”මහත්මයා” යැයි අමතමින් එය මැනවින් පරිහරණය කළේය. කලට වේලාවට නඩත්තු කළේය. එය යකඩ ගොඩක් වූවාට එයට හිතක් පපුවක් ඇති බව ඔහු විශ්වාස කළේය. පි‍්‍රයසාද් අවසානයේ හොඳහැටි මධුවිත තොල ගා ? දෙගොඩ හරියේ ආපසු නිවසට යෑමට කාරය ඉදිරිපිටට පැමිණෙන ඔහු එය අමතා මෙසේ කියනු මා හට ඇසේ.
”මහත්මයා, පේනවනේ අද මට ටිකක් වැඩියි කියලා. මං වෙලාවට මහත්තයාව සර්විස් කරනවා, රෙපයාර් කරනවා, සෝදලා පිරිසිදු කරනවා. ඉතිං මාව පරිස්සමෙන් ගෙදරට එක්කන් යන එක මහත්මයාගේ යුතුකම.”
එසේ කියා කාරයට වඳින අජන්තා, ඉක්බිතිව කාරයට නැඟ එය පදවාගෙන කිසිදු අනතුරක්, බාධාවක් නොවී ගෙදරට යන අයුරු අපූරුය.
දෙවැනි සිදුවීම ඔහු මියයෑමට ආසන්න සමයේ සිදු වූවකි. අජන්තා එවක ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උපදේශකවරයෙකි. එසේම පැරැුණි චිත්‍රපට ගීත, එහි ඉතිහාසය රැුගත් ”පැරණි පැණි” නමින් වැඩසටහනක් ගුවන්විදුලියෙන් ඉදිරිපත් කළේය. මමද ඊට සහභාගි වී ඇත්තෙමි. එහිදී ගැටලූ පැන නැඟුණු කල්හි කිසියම් චිත්‍රපටයකට අදාළ යම් යම් ඓතිහාසික කරුණු විමසීමට අජන්තා රණසිංහයන් නිතර දුරකථනයෙන් මා ඇමතීම සිරිතකි. දිනක් ඔහු මගෙන් මෙසේ ඇසුවේය.
”පුතා, අර අශෝකමාලා චිත්‍රපටයට භාග්‍යරතී ගැයූ ඞී.ටී. ප්‍රනාන්දු මහත්තයා ලියූ පී්රතී පී්රතී ගීතයේ මුල් පද ඔයාට මතකද?”
”ඔව් අන්කල් මතකයි. පී්රතී පී්රතී, චන්ද්‍රා ලෝකේ නිසා පි‍්‍රයා වී, සංචල් වේ ජීවන මේ මනහාරී.” යැයි මම කීවෙමි.
”එහෙමද? එහෙනම් වැරැුදියිනේ.” ඔහු සිනාසෙමින් පැවසුවේය.
”ඇයි, මොකක්ද වැරැුද්ද? මගේ මතකයත් හරි. ඞී.ටී. ප්‍රනාන්දු මහත්තයා ලියලා තියෙන විදිහත් හරිනේ.”
මම එය නැවත නැවතත් ස්ථිර කළෙමි. ඔහු උපහාසයෙන් යමක් කීමට උත්සාහ කරන බව මට එවෙලේ නොවැටහුණේ මෙය ඓතිහාසික කරුණක් අරභයා අප අතර සිදුකෙරුණු ශාස්තී‍්‍රය කතාබහක් නිසාය.
”ඇයි පුතා, හොඳට බලන්න ගීතයේ මුල් පදය. පී්රතී, පී්රතී නම් ”සංචල් වේ ජීවන මේ මනහාරී” කීවාම හරිද? ඞී.ටී. ප්‍රනාන්දුට වැරදිලා. ඒක ලියවෙන්න ඕන මෙහෙමනේ ළමයෝ... පී්රතී... පී්රතී... චන්ද්‍රාලෝකේ නිසා පි‍්‍රයාවී සංචල් වේ නෙවෙයි ”සංසර්ගේ ජීවන මේ මනහාරී”... දැන් හරිද?”
අජන්තා රණසිංහ නමැති රසවතාගේ ශූර උපහාස ශක්තිය මට වැටහුණේ එවිටය.