වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
මගේ කෘති සියල්ලම නව යථාර්ථවාදීයි

Federico Fellini 1920 - 1993 විශ්ව කීර්තිධර සම්භාවනීය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහු පළමු වරට අන්තර්ජාතික කීර්තියට පත් වුයේ Federico Fellini 1954 චිත‍්‍රපටයට විශිෂ්ට විදේශීය චිත‍්‍රපටයට හිමිවන ඔස්කාර් සම්මානය ලැබීමෙනි ප‍්‍රංශයේ Cannes සිනමා උලෙළේදී Grand Crix ජයග‍්‍රහනය කළ ඛ් ෘදකජැ ෘසි් 1960 :රෝමයේ ඉහළ සමාජය පිළිබඳ ප‍්‍රහසනාත්මක කෘතියකි* චිත‍්‍රපටය ඔහුගේ ප‍්‍රධාන පෙළේ සිනමා නිර්මාණ අතරට අයත්වෙයි.
Federico Fellini සමඟ සම්මුඛ සාකච්ඡුාව පවත්වන ලද්දේ ජීඩියන් බැච්මන් නමැති මාධ්‍යවේදියා විසිනි. ඔහු Cinemages සඟරාවේ සංස්කාරකවරයාය. ඔහුගේ සම්මුඛ සාකච්ඡා එකල නිව්යෝර්ක්, කැනඩා සහ එංගලන්ත ගුවන් විදුලි සේවා ඔස්සේ නිතර ප‍්‍රචාරය විය. මෙම සම්මුඛ සාකච්ඡාව පළ වුයේ Robert Hughes විසින් සංස්කරණය කරන ලද Film Book I සංග‍්‍රහයෙහි The Process of Film Making නම් මැය යටතේය. මවිසින් එම ඉංග‍්‍රීසි සම්මුඛ සාකච්ඡාව සිංහලට පරිවර්තනය කරන ලද්දේ 1963 අවුරුද්දේ මා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ පළමු වන වසරෙහි උපාධි අපේක්ෂකයෙකුට සිටියදීය. පේ‍්‍රමානන්ද අතපත්තු සහ නිමල් අමරසිංහ විසින් සංස්කරණය කරන ලද චින්තක සඟරාවෙහි (ශ‍්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ වාර්ෂික සංග‍්‍රහය* 1964 පස්වෙනි කලාපයේ මෙය මුල්වරට පළවිණ.
බැච්මන් - මට ඔබ සමඟ කතා කරන්න උවමනා විශේෂ චිත‍්‍රපටයක් නැත්තම් වෙනත් එවැන්නක් ගැන නෙමෙයි. ඒත්, මගේ බලාපොරොත්තුව පොදු වශයෙන් චිත‍්‍රපට නිර්මාණය කෙරෙහි ඔබ තුළ ඇති ආකල්පයනුත්, එක්තරා චිත‍්‍රපට ගණනක් තැනීම සඳහා ඔබට හේතු වූ කරුණුත්, චිත‍්‍රපටයට වස්තු වශයෙන් ඔබ යොදන දේත් අරබයා වන ඔබගේ දාර්ශනික මෙන්ම සාමාජික ප‍්‍රවේශයන් ගැන කතා කිරීමයි. උදාහරණයක් කියනවා නම්; ඔබගේ කෘතිවල ගැඹුරු සංකේත භාවිතයක් හා ඔබගේ සෑම චිත‍්‍රපටයකම වාගේ නැවත නැවත ඉදිරිපත් වන ප‍්‍රධාන අංගයන් ද ඇතැයි බොහෝ විචාරකයන් කියා තිබෙනවා. ඒ කියන්නේ - පිපාසාව රාත‍්‍රී කාලයට පෙනෙන හැටි වතුර මලකුත් එක්ක දක්වන දර්ශනය, මුදු වෙරළේ දර්ශනය වැනි දේ. මේ දර්ශනයන් නැවත නැවත ඉදිරිපත් කරන්නේ යම් කිසි අභිප‍්‍රායක් ඇතුවද?
ෆෙලිනි - මම ඒක අභිප‍්‍රායක් ඇතිව කරන දෙයක් නෙමෙයි. භූමියක් තෝරාගැනීමේ දී, මම එතන තියන වස්තුවලින් දෙන්න පුළුවන් සංකේත අර්ථ සලකලා ඒක තෝරාගන්නේ නෑ. යම් යම් දේවල් සිද්ධවෙනවා. ඒවා හොඳට සිද්ධ වුණොත් ඒවා මගේ අර්ථය ප‍්‍රකාශ කරනවා. ඔබ සඳහන් කළ විශේෂ උදාහරණ ගැන මම යමක් කියන්න කැමැතියි. මගේ හැම චිත‍්‍රපටයක්ම ඇසුරු කරන්නේ තම තමන් ගැන හෙවිල්ලෙන් ඉන්න මිනිස්සු. ඔබ සඳහන් කළ පිපාසාව පිළිබඳ සිනමා රූපවල පෙන්වන විධියේ රාත‍්‍රිය, පාළු විදීවල පවතින හුදකලා බව, සමහර විට මම මේ මිනිස්සු දකින ඉතාම හොඳ පරිසරය වෙන්න පුළුවන්. ඒ වගේම මගේ චිත‍්‍රපටවල ගැබ්වුණු වස්තුවලින් මට වෙන් වෙලා ඉන්න නොපුළුවන් නිසා මේ තැන් තෝරා ගැනීමට මට හිත්දෙන සම්බන්ධකම් මගේම ජීවිතයේ අත්දැකීම් උඩ පිහිටපු දේවල් වෙන්න පුළුවන්. මං පදිංචි වෙලා හිටිය රිමිනි - නගරය අතහැරල රෝමයේ තනියම ඉන්න කාලයේ රෝමය ගැන ඇතිවුණු මුල් හැඟීම පිළිබඳ මතකය වෙන්න පුළුවන් මේ දර්ශන ඡුායාරූපයට ගැනීමේදී මගේ හිතේ තියෙන්න ඇත්තේ. මට එතකොට වයස අවුරුදු දහසයයි. මට රස්සාවක් තිබුණෙත් නෑ. මං කරන්න ඕනෑ මොකක්ද කියන එක ගැන වුණත් කිසිම අදහසක් තිබුණේ නෑ. මං බොහෝ විට හිටියේ වැඩක් නැතිවයි. හරියට කන්න බොන්නවත්, හෝටලයක නවතින්නවත් නිතරම සල්ලි තිබුණේ නෑ. නොයෙක් විට මං වැඩ කළේ ?. කොහොම වුණත් ?ට, පාළුව, හුදකලාව පෙනුණු නගරය පිළිබඳ දර්ශනය ඒ කාලෙ ඉඳලම මගේ හිත ඇතුළෙ නොමැකී තියෙන්න ඇති.
බැච්මන් - ඔබ මුලින්ම රෝමයට ආවම චිත‍්‍රපටවල වැඩට සම්බන්ධ වෙන්න හිතුවේ නැද්ද?
ෆෙලිනි - නෑ. ඇත්ත වශයෙන් මම දැනගෙන හිටියේ නෑ. මට කරන්න උවමනා කළේ මොකක්ද කියන එක. ඒත් මං රෝමයට ඒම චිත‍්‍රපට සම්බන්ධයෙන් ප‍්‍රයෝජනවත් වුණා. පත්තරකාරයන් සාටෝප පුද්ගල රූප වුණු ඇමෙරිකානු චිත‍්‍රපට බොහොමයක්ම මං දැකලා තියෙනවා. මට ඒවායේ නම් හරියට මතක නෑ. ඒ මීට අවුරුදු විසිපහකට ඉස්සර. පත්තරකාරයන්ගේ ජීවිතය කොයිතරම් මගේ හිත් ගත්තද කියනවා නම් මමත් පත්තරකාරයෙක් වෙන්න ඕනෑයි තීරණය කෙරුවා. ඒ අය ඇන්දකෝට්වලටත්, ඔළුවල පස්සට වෙන්න ඒ අය තොප්පි දාගෙන ඉන්න විදිහයටත් මං ආසා කළා. අවාසනාවකට වගේ මට ලැබුණු රස්සාව මගේ සිහිනයට වඩා බොහොම වෙනස් එකක්. මම කර්තෘවරයා විසින් ප‍්‍රසිද්ධ ආරංචි ලබා ගන්න ඉස්පිරිතාලවලටත් පොලීසියටත් යැව්ව උප වාර්තා කාරයෙක් වුණා. පස්සේ මං ගුවන් විදුලිය සඳහා ලියන්න පටන් ගත්තා. වැඩි වශයෙන් ලූහු`ඩු සටහන්. ඊට පස්සේ වේදිකාවට මගේ හිත ගියා. ඊළඟට මම කුඩා සංචාරක සංගීත ප‍්‍රදර්ශනයක් ඇතුව ඉතාලියට ගියා. ඒක මගේ ජිවිතයේ ඉතාමත් රසවත් කාලවලින් එකක්. මම තවමත් මගේ අත්දැකීම්වලින් බොහොමයක් ඇද ගන්නේ ඒ දවස්වලින්.
බැච්මන් - ඇත්ත වශයෙන් සංචාරක සංගීත ප‍්‍රදර්ශන ඔබේ චිත‍්‍රපටිවල නැවත නැවත ඉදිරිපත් කරන ප‍්‍රධාන අංගවලින් එකක්. ඉතින් ඔබ කොහොමද අන්තිමට චිත‍්‍රපටවල වැඩකිිරීම පටන් ගත්තේ?
ෆෙලිනි - මුලින් මම පිටපත් දෙවන වර ලියන්නෙක් වුණා. මෝඩ විහිළු නාට්‍ය පිටපත්වල අමුතු කෑලි එකතු කරමින් හිටිය. මං මුලින්ම නිර්මාණය කරපු චිත‍්‍රපට කතාවේ නම ්ඩ්බඑසජ`ැ චදිඑද. ඒක බස් කොන්දොස්තර කෙනෙක් ගැන ලියපු කතාවක්. හරියට පෙරළුවොත් ඒ නමේ තේරුම ”කරුණාකරලා පස්සට යන්න” ඒක මෙහෙයෙව්වෙ ඊදබබ්රා. දෙවිකොට ගත් චිත‍්‍රපට නළුවකු වශයෙන් ඊදබබ්රා ගේ ප‍්‍රසිද්ධිය මැකී ගිහින් තිබුණු ඒ කාලයේ එයා චිත‍්‍රපට මෙහෙයවන්න කැමතිවෙලා හිටිය. ඒ 1940 අවුරුද්දේ. ඊට පස්සේ මම පිටපත්, ගණනාවක් ලිව්වා. බොහෝ ගණනාවක් ලිව්වා. ඒවා ඔක්කොම නිෂ්පාදනය කළා. ඒවා වැඩි හරියක් ප‍්‍රහසන. ඒවායේ අනුකම්පා උපදනවන ස්වභාවයක් තිබුණා. යුද්ධයෙන් පස්සේ මට ඍදිිැකකසබස මුණ ගැසුණා. ධචැබ ක්‍සඑහ සහ ඡු්සි්බ නිෂ්පාදනවලදී මම, එයා වෙනුවෙන් වැඩ කළා. ඒ කාලෙ තමයි මට තේරුම් ගන්න වුණේ එහෙම නැත්තම්, අඩු ගානේ සැක කරන්න වුණේ, කෙනෙකුට චිත‍්‍රපටය තුළින් ගැඹුරු දේ ප‍්‍රකාශ කරන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මම අවුරුදු තුනක් යන කල්ම දිගටම පිටපත් ලිව්වා. යුද්ධයෙන් පසු කාලයේ ඉතාලියානු අධ්‍යක්ෂවරුන්ට, ඊට පස්සේ මං කියන්නේ නෑ මගේ බලාපොරොත්තු සුන් වුණා කියලා. එහෙම වුණත්, කෙනෙක් ඇත්ත වශයෙන් චිත‍්‍රපටයට ආදරය කරන කොට ඒ තැනැත්තාට ලිවීමෙන් පමණක් නතරවන්න බෑ. මම ඊට පස්සේ තීරණය කළා චිත‍්‍රපට මෙහෙයවන්න. මගේ මුල් චිත‍්‍රපටය, හැඳින්වුයේ ඛමජස ාැක ඩ්රසැඑ`් :ත්‍දදඑ ඛසටයඑි* කියලා.
බැච්මන් - ඒක ඔබමයි මෙහෙයෙව්වේ?
ෆෙලිනි - ඔව්. ඒක මමම ලියල මමමයි මෙහෙයවුවේ. ඒක, අවුරුද්දක් විතර මහපාරේ මාත් එක්ක කල දවස ගෙවපු පුංචි නාට්‍ය කණ්ඩායම ගැන කතාවක්.
බැච්මන් - ඔයැ ඵසර්ජකැ ලිව්වෙයි ඒකෙ පෙනී හිටියෙයි කවදාද?
ෆෙලිනි - ඍදිිැකකසබස වෙනුවෙන් වැඩ කරපු කාලෙ. මම චිත‍්‍රපටි මෙහෙයවන්න පටන් ගන්න ඉස්සෙල්ල.
බැච්මන් - එතකොට, ඔබේ ගැඹුරු චිත‍්‍රපට වෘත්තිය පටන් ගත්තේ ඉතාලියානු නව - යථාර්ථවාදය පීදිගෙන එන කාලෙ. ඔබේ චිත‍්‍රපටයි, සම්භාවිත නව යථාර්ථවාදයයි අතර තියෙන සම්බන්ධය ගැන විචාරකයන් හුඟාක් වාද කරලා තියෙනවා. ඔබ හිතනවද ඔබේ කෘති, ඔබ සම්බන්ධවෙලා වැඩ කරපු ාැ ීසජ්ල ඍදිිැකකසබසල ඛ්එඑම්ා් ආදී නව යථාර්වාදී අධ්‍යක්ෂවරුන්ගෙන් භින්න වුණයි කියලා. එහෙම නැත්නම් ඒ අයගේ බලපෑමට අහුවුණා කියලා.
ෆෙලිනි - නව යථාර්ථවාදි චිත‍්‍රපටවල මුලින්ම පිටපත් ලිව්ව අයගෙන් එක්කෙනෙක් මමත්. මම හිතනවා මගේ කෘති සියල්ලේම පැහැදිලිවම ඇත්තතේ නව - යථාර්වාදී රීතියක් කියලා. අද ඉතාලියෙත් සමහරු ඒක එහෙමයි කියලා හිතන්නේ නෑ. නමුත් මේක දිග කතාවක්. මගේ මතකයේ හැටියට නව - යථාර්ථාවාදී කියන්නේ අගතියෙන් තොරව ලෝක සම්මතයන්ගේ බැඳීමෙන් තොරව යථාර්ථය දකින විධියක්. කලින් නියම කරගත් අදහස් කිසිවකින් තොරව යථාර්ථය ඉදිරියේ තමා සිටුවා තැබීමක්.
බැච්මන් - මං හිතන්නේ, ජීවිතය ඉදිරියේ කැමරාව තියල එහි ඇති දේ නිකම් පින්තූරයට ගැනීමක් ඔබ අදහස් කරන්නේ නෑ?
ෆෙලිනි - නෑ. ඒක යථාර්ථය ගැන හැඟීමක් ඇති කර ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයක් යම්කිසි විවිරණයක් දීමට ඇති උවමනාව ගැන හැම තිස්සෙමෙ තියෙනවා. ඒක ස්වාභාවිකයි. යුද්ධයෙන් පස්සේ හැම දෙයක්ම අපිට සම්පූර්ණයෙන්ම අලූත්ව පෙනුණු එකයි ඉතාලියේ සිද්ධ වුණේ. ඉතාලිය නටබුන් වෙලා ගිහින් තිබුණ. වටපිට බැලූව ගමන් තමන්ට හැඟුණු හැම දෙයක්ම කියන්න පුළුවන් වුණා. පස්සේ වාම පාක්ෂික ප‍්‍රවෘත්ති පත‍්‍ර කළේ මොකක්ද, චිත‍්‍රපටවලින් කරන්න ඕනෑ එකම ප‍්‍රබල දේ තමන් අවට සිද්ධවන දේවල් පෙන්නන එකයි කියලා. මේ නොවැදගත් එකම පැත්තක් බැලීම වෙළදාමක් කරගත්තා. ඒත් කලාත්මක ඇසකින් බලන කොට මේ කියමනේ කිසිම වටිනාකමක් නෑ. මොකද, හැම තිස්සෙම දැනගන්න ඕනෑ වැදගත්ම දෙය යථාර්ථය දකින්නේ කවුද කියන එකයි. එතකොට ඒක යමක් හකුළුවා කීමට, යම් යම් දේවල්වල ඇති සාරය පෙන්නීමට උවමනා කරන ශක්තිය පිළිබඳ ප‍්‍රශ්නයක් වෙනවා. ඒක කොහොම වුණාත්, මොකද අපි හදන චිත‍්‍රපට නිකම් ප‍්‍රවෘත්ති චිත‍්‍රපටවලට වඩා ඔය තරම් හොඳ වෙන්නේ?
බැච්මන් - ඒත්, ඇත්ත වශයෙන්, ප‍්‍රවෘත්ති චිත‍්‍රපට වුණත් කැමරාකාරයාගේ තෝරාගැනීම් ශක්තිය අනුව දැනටමත් යථාර්ථයෙන් ඈතට පියවරක් තියල තියෙන්නේ.
ෆෙලිනි - හරි, නමුත් චිත‍්‍රපට, ඉතාමත් නොසැලකිල්ලෙන්, මතුපිටින් බලන ඇහැකින් පමණක් යථාර්ථය පෙන්නනවානම් මොකටද මිනිස්සු චිත‍්‍රපට බලන්න යන්නේ? ඊට වැඩිය හොඳයි නිකම් ඔහේ විදී වටේ ඇවිදින එක. මගේ මතයේ හැටියට, නව - යථාර්ථවාදයේ අදහස, යථාර්ථය දිහා අවංක ඇහැකින් බැලීමයි. යථාර්ථය කොයි ආකාරයක එකක් වුණත් කමක් නැහැ. සාමාජික යථාර්ථය පමණක් නෙවෙයි. ඒ වගේම ආධ්‍යාත්මික යථාර්ථය, ආධිභෞතික යථාර්ථය ; කොටින්ම, මිනිහා තුළ තියෙන ඕනෑම දෙයක්.
බැච්මන් - ඔබ අදහස් කරන්නේ අධ්‍යක්ෂවරයාට යථාර්ථය දකින්න පුළුවන් ඕනෑම දෙයක්. එහෙම නේද?
ෆෙලිනි - ඔව්.
බැච්මන් - එතකොට, සම්පුර්ණ කළ චිත‍්‍රපටය ඇත්ත වශයෙන් පියවර දෙකකින් ප‍්‍රකෘතියෙන් ඇත් වෙනවා. මුලින්ම ඒ පිළිබඳ අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික දර්ශනය. ඊට පස්සේ එම පෞද්ගලික දර්ශනය පිළිබඳ ඔහුගේ විවරණය.
ෆෙලිනි - ඔව්. ඔව්. මගේ අදහසේ හැටියට නව - යථාර්වාදය, අපි පෙන්නන්නේ මොකක්ද කියන එක ගැන ප‍්‍රශ්නයක් නෙමෙයි. යථාර්වාදයේ නියම ආත්මය තියෙන්නේ අපි පෙන්නන්න යන දේ කෙහොමද පෙන්නන්නේ කියන කාරණයෙයි. ඒක හරියටම කියනවා නම්, ලෝක සම්මතයට වහල් නොවී, අගතියෙන් තොරව හාත්පස බලන විධියක්, එක්තරා මිනිස්සු කොටසක් තාමත් හිතනවා නව - යථාර්ථවාදය සුදුසු වෙන්නේ යථාර්ථයේ එක්තරා විධිය ආකාරක් පෙන්නීමකට පමණයි කියලා. ඒක සමාජ යථාර්ථය බව ඒ අය උදක්ම කියා සිටිනවා. නමුත් මේ විධියට ඒක තනිකරම ප‍්‍රචාරක කටයුත්තක් වෙනවා. ඒක එතකොට ජිවිතයේ සමහර පැති ගැන පමණක් පෙන්වන විධියේ වැඩ සටහනක්. මම නව - යථාර්ථවාදී පක්ෂයට ද්‍රෝ්භියෙක්ය, ඕනෑවට වඩා වැඩි පුද්ගල වාදියෙක්ය, ඕනෑවට වඩා වැඩි පුද්ගලයෙක්ය, කියලා මිනිස්සු ලියලා තියෙනවා. ඒක කොහොම වුණත් මගේ ස්ථිර විශ්වාසය නම් මෙච්චර කල් මම හදපු චිත‍්‍රපට හුදෙක් මිනිස්සුන්ගේ කථාව කියන මුල් නව යථාර්ථවාදී චිත‍්‍රපටවල රීතියටම අයිති ඒවා කියලයි. ඒ වාගේම හැම තිස්සෙම ඇතැම් මිනිස් සමූහයකගේ කථාව කියන ගමන් මම උත්සාහ කරනවා යම්කිසි ඇත්තක් පෙන්නන්න.
බැච්මන් - ඔබේ චිත‍්‍රපටිවල යටින් දිවෙන යම්කිසි දර්ශනයක් තියෙනවාද? මම අහන්නේ ඔබ ඇත්ත හැටියට සලකන දේ පෙන්නීම ඇරෙන්න වෙන යම්කිසි දර්ශනයක්.
ෆෙලිනි - මං දකින දෙය ඉතාමත්ම ප‍්‍රබල ප‍්‍රශ්නවලින් එකක් හැටියටත්, මගේ හැම චිත‍්‍රපටයක් සඳහාම විෂය වස්තුවෙන් - බාගයක් සපයන එකක් හැටියටත් ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. එකිනෙකාගේ හෘදය සංවාදයේදී මිනිස්සුන්ට ඇතිවෙන දරුණු අමාරුකම් - හෘදය සංවාදය පිළිබඳ පැරණි ප‍්‍රශ්නය, එක්ව විසීමේ දී වන දරුණු මනස්තාපය, තව කෙනෙකු සමඟ නිිබොරු නිසැක සම්බන්ධයක් ඇති කර ගැනීමට ඇති ආශාව තමයි ෂ ඪසඑැකකදබසල ඛ් ීඑර්ා්ල ෂෂ ඊසාදබැ යන චිත‍්‍රපටවලත්, ඒ වාගේම භදඑඑස ාස ක්‍්ඉසරස් චිත‍්‍රපටයෙහිත් මෙය දැක්ක හැකියි. මම මේක වෙනස් කරන්න පුළුවන්. නමුත් දැනට නම් මම මේ ප‍්‍රශ්නයට සම්පුර්ණයෙන්ම වාගේ හිත යොමු කරලයි ඉන්නේ. මගේ පෞද්ගලික ජිවිතයේ දී මම තවම ඒප‍්‍රශ්නය විසඳා ගෙන නැති නිසා වෙන්න ඇති.
බැච්මන් - ඔබ හිතනවාද පුද්ගලයන් අතර වන හෘදය සංවාදයේ දී ඇති වන අමාරුකමට හේතුව, මිනිස්සුන්ට සැබෑ සම්බන්ධකම් පැවැත්වීම අමාරු කරවන විදියේ සමාජයක් අපි හදාගෙන ඉදීමය කියලා.
ෆෙලිනි - ඒක සමාජයේ වරදක් වෙන්නේ සමාජය මිනිසුන්ගෙන් හැදිලා තියෙන නිසයි. හැම කෙනකුට ම තියෙන්නේ තම තමන්ම ඇත්ත හොයන එකයි කියලා මම විශ්වාස කරනවා. පිරිසක් සඳහා ප‍්‍රකාශනයක් පිළියෙල කිරීම හෝ හැම කෙනෙක් සඳහා වන පණිවිඩයක් ඇතුළත් කොට චිත‍්‍රපටියක් හැදීම සම්පුර්ණයෙන්ම නිෂ්ප‍්‍රයෝජනයි. පිරිසකට කතා කිරීම කෙරෙහි මගේ විශ්වාසයක් නැහැ. පිරිසක් කියන්නේ කවුද? ඒක නොයෙක් පුද්ගලයන්ගෙන් සැදුණු සමූහයක්. ඒ හැම කෙනෙකුටම තම තමාට හිමි යථාර්ථයක් තියෙනවා. මගේ චිත‍්‍රපටවල අවසානයක් නැති වීමට හේතුවත් ඒකයි. ඒවාට කවදාවත් හුදු විස`දුමක් ඇති වන්නේ නැහැ. තීරණයක් ඇති කථාව කීම සැබෑ තේරුමෙන්ම දුසිරිතක්. තිරය මත විසඳුමක් ගෙන හැර දක්වපු හැටියෙම පේ‍්‍රක්ෂකයන්ගේ සම්බන්ධය නැතුව යනවා. මොකද? ඒ මිනිස්සුන්ගේ ජීවිතවල විසඳුම‘ නැති හින්දා. මම හිතනවා එක මිනිසකුගේ කථාව පෙන්වන එක වැඩිය හොඳයි. ඒ භාවකත්වය අනුව තම තමන්ට හිමි අධ්‍යාත්ම දියුණුව පදනම් කරගෙන තමාට හිමි විස`දුම සොයා ගන්න උත්සාහ කරන්න පුළුවන්.
බැච්මන් - තමන් දකින්නෙ ඇත්ත බවට පේ‍්‍රක්ෂකයන් තුළ තියෙන හැඟීම, ප‍්‍රශ්නයක් කෙළවර කිරීමෙන් චිත‍්‍රපට නිෂ්පාදකයා ඔවුන්ගෙන් ඉවත් කරනවා කියන එකයි ඔබ අදහස් කරන්නේ
ෆෙලිනි - ඔව්. සමහර විට ඊටත් වඩා නරකක් වෙන්න පුළුවන්. මොකද? ඇත්ත ප‍්‍රශ්නයක් පෙන්නලා ඒක විසඳුවාම ඒකෙන් පේ‍්‍රක්ෂකයාට තමාට හිමි ජිවිතයේ ප‍්‍රශ්නත් ඉබේම විසඳිලා යයි. ඒ නිසා තමා වෙනුවෙන් ඒවා ගැන ක‍්‍රියා කිරීම නවතා දමන්න පුළුවන්ය කියා හැෙ`ගන තරමට ඔහු මුළා වෙනවා. චිත‍්‍රපටවලට සොම්නස් සහගත කෙළවර කිරීම් දිමෙන් කරන්නේ නීරස, ප‍්‍රියවාදී විධියකින් ජීවිතය ගෙවන්න පේ‍්‍රක්ෂකයන් පෙලඹවීමයි. මොකද? එතකොට ඒ අය විශ්වාස කරනවා කවදා හරි දවසක කොහෙදි නමුත් යම්කිසි සන්තෝෂදායක දෙයක් නිරුත්සාහයෙන්ම ඔවුන්ටත් සිද්ධ වෙනවා ඇතැයි කියලා. සොම්නස් සහගත කෙළවර කිරීම් සපයනවා වෙනුවට ඔවුන්ට හිතන්න සලස්සන්න පුළුවන්. ඔවුන්ගේ ඒ උදාසීන ආරක්ෂාව පිළිබඳ හැඟීමෙන් යමක් ඉවත් කරන්න පුළුවන්. එතකොට ඔවුන්ට සිද්ධ වෙනවා තමන්ගේ ප‍්‍රශ්නවලට තමන්ටම උත්තර සොයාගන්න.
බැච්මන් - ඒකෙන් හැෙ`ගවෙනවා ඔබට කියන්න උවමනා යම් යම් දේවල් තියෙන නිසා මිසක්, නිකම් චිත‍්‍රපට හදන්නන්වාලේ චිත‍්‍රපට නොහදන බව.
ෆෙලිනි - මම ඒ විධියට නෙමෙයි පටන් ගන්නේ. සාමාන්‍යයෙන් මාව චිත‍්‍රපට අදහසකට යොමු කරවන්නෙ අනික් මිනිසුන්ගෙ ඇත්දැකීම්වලටත් යම්කිසි සම්බන්ධයක් ඇතැයි කියලා මං හිතන, මට සිද්ධ වෙන දෙයක්, සාමාන්‍යයෙන් හැඟීම එකක්මයි. පළමුවෙන්ම මං ගැන යමක් කියන්න උත්සාහ කිරීම, එහෙම කිරීමෙන් ගැලවීමක් සෙවීමට උත්සාහ කිරීම, යම්කිසි තේරුමක්, යම්කිසි ඇත්තක්, අනික් අයටත් වැදගත් වන යම්කිසි දෙයක් දිහාවට ඇති ම`ගක් සෙවීමට උත්සාහ කිරීම, මගේ චිත‍්‍රපට බැලූ මිනිස්සු නොයෙක් වෙලාවල්වලදී මාව මුණ ගැහෙන්න එන්නේ ඔවුන්ගේ පෞද්ගලික ප‍්‍රශ්න ගැන මාත් එක්ක කතා කරන්න මිස මගේ චිත‍්‍රපට ගැන සාකච්ඡුා කරන්න නෙවෙයි. ඒ අවස්ථාවේ දී මට හැෙ`ගනවා මම යම්කිසි දෙයක් මුදුන් පමුණවා ගෙන තියෙන බවයි කියලා. ඒක හැම තිස්සෙම මට විශාල තෘප්තියක් ඇති කරනවා. ඇත්ත වශයෙන් ඔවුන්ගේ ප‍්‍රශ්න පැහැදිලි කර ගන්න උදව් වෙන්න මට බැහැ. ඒකෙන් අදහස් කරන්නේ චිත‍්‍රපටය යම්කිසි හොඳක් කරලා තියෙන බයි.
බැච්මන් - ඒ විධියට පටන් ගන්නේ නැහැයි කියද්දී ඔබ අදහස් කළේ ඔබේ චිත‍්‍රපටවල සැබෑ පණිවිඩය විකාශනය වෙන්නේ කථා වස්තුවෙන්ය කියන එකද?
ෆෙලිනි - චිත‍්‍රපටයක් කියන්නේ නොයෙක් දේවල්වල සංකලනයක්. ඒක වෙනස් වෙනවා. චිත‍්‍රපට හැදීම ඔය විධියේ පුදුම දෙයක් වෙන්නේ මොකද කියන එක පෙන්වන හේතුවලින් එකක් ඒ.
බැච්මන් - ඔබේ චිත‍්‍රපට කෘත්‍යයෙහිදී වන ක‍්‍රියා පිළිවෙළ ගැන යමක් කියන්න පුළුවන් ද?ඒ කියන්නේ නිෂ්පාදනය කළ කුමන චිත‍්‍රපටයක් සඳහා නමුත් සිදුවූ ඔබේ කාර්යය ගැන එකිනෙක කරන විස්තරයක්.
ෆෙලිනි - පළමුවෙන් හැඟීමකින් මගේ හිත සැලෙන්න ඕනෑ. එක චරිතයක් හෝ එක ප‍්‍රශ්නයක් කෙරෙහි මගේ හිත තුළ ළැදිකමක් හට ගන්න ඕනෑ. ඒ දෙකම ඇති කළ මට ඇත්ත වශයෙන් ඉතා හොඳින් ලියාපු කථාවක් හෝ ඉතා සවිස්තර කථා පිටපතක් උවමනා නැහැ. හැම දෙයක්ම සම්පූර්ණ වුණු ක‍්‍රමයකින් ඇති බවක් නොදැනයි මට මගේ කාර්යය පටන් ගන්න උවමනා කරන්නේ. නැත්තම් මට ඒකෙ තියෙන රසය ඔක්කොම අහිමි වී යනවා. මුල ඉඳලා වන හැම දෙයක්ම දැනගෙන හිටියා නම් තවදුරටත් ඒ දේ කරන්න ළැදි වෙන්නේ නැහැ. ඒ නිසා චිත‍්‍රපටයක් පටන් ගන්න කොට ඒ සඳහා තෝරා ගන්න භූමිය හෝ නළු නිළියන් ගැන මා තුළ කොහෙත්ම විශ්වාසයක් නැහැ. මොකද, චිත‍්‍රපටයක් හැදීම මට හරියට ගමනක් යන්න පිටත් වීමක් වගෙයි. ගමනේ ඉතාමත්ම සිත් ගන්නා කොටස වෙන්නේ යන ගමන් හොයා ගන්න දේයි. චිත‍්‍රපටියක් පටන් ගන්න කොට මම යම් යම් යෝජනා ලබන්න හුඟාක් කැමැතියි. මම කරන දේම බදාගෙන ඉන්න මගේ කිසිම කැමැත්තක් නැහැ. මාත් එක්ක චිත‍්‍රපටයට සම්බන්ධ වෙන මිනිස්සු එක එක්කෙනාගේ අලූත් අලූත් වික‍්‍රමයන් ද බෙදාගන්න මම හුඟක් කැමැතියි. සත්තකින්ම සමහර අවස්ථාවලදී මමම චිත‍්‍රපටයට පින්තූර ගන්නවා මට හොඳට මතකයි. චිත‍්‍රපටය අවසාන වුණාම මම කැමැතියි පුළුවන් නම් ඒක නොබලා ඉන්න. මම නොයෙක් විට මගේ නිෂ්පාදකයාට විහිළුවට කියනවා. ”අපි මේක නොකපා ඉඳිමු. මේ වෙනුවට අලූත් එකක් හදමු.” කියලා. ඒත් මගේම චිත‍්‍රපට ඔක්කොම කපන්නේ (සංස්කරණය කිිරීම* මමමයි. චිත‍්‍රපට සෑදීමේ ඇති ඉතාමත් භාවික අංගවලින් එකක් තමයි ඒ කැපීම. ඒ වගේම ඉතාමත් ම සිත කලඹන දේ තමයි චිත‍්‍රපටය හුස්ම ගන්න පටන් ගන්නවා දැකීම. ඒක හරියට තමන්ගේ දරුවා වැඩෙනවා දැකීම වගේ. ඒත් චිත‍්‍රපටයේ තාලය, රිද්මය තවම හොඳ හැටි හඳුනා ගන්න බැහැ. අනුපිළිවෙළක් පිහිටලා නැහැ. ඒත් මම කවදාවත් ආපහු පින්තුර ගන්නේ නැහැ. හොඳ චිත‍්‍රපටයක දොස් තිබිය යුතුය කියා මම විශ්වාස කරනවා. ඒකෙ වැරදි තියෙන්න ඕනෑ. ජීවිතයේ වගේම මිනිස්සුනගේ වගේ. සුරංගනාවන්ටම තියෙන්න පුළුවන් මිසක් පරම සෞන්දර්යයක් පවතිනවයි කියලා මම නම් විශ්්වාස කරන්නේ නැහැ. සුන්දර ගැහැනියක් අපේ හිත් ඇදගන්නේ. ඇය අසම්පූර්ණ නම් පමණයි. ඉතාමත්ම වැදගත් දෙය වන්නේ චිත‍්‍රපටය ජීවත් වෙනවා දැකීමයි. චිත‍්‍රපටය ජීවත් වෙන්න පටන් ගත්තාම ඇති වෙන මොහොත තමයි චිත‍්‍රපට තැනිමෙහිලා ඉතාමත්ම ඉෂ්ට ප‍්‍රතිඵලය ලැබෙන මොහොත. මම කරලා ඉවර වෙලා කියන දෙය දිහා කවදාවත් නැවත බලන්න යන්නේ නැහැ. මම මුළු චිත‍්‍රපටයම මුල ඉඳලා අගට යනකම්ම සකස් කරනවා. ඒ වැඩය ඉවර වුණාම මම චිත‍්‍රපට පෙන්වන යන්ත‍්‍රය තියන කාමරයට යනවා. පළමු වරට මගේ චිත‍්‍රපටය බලන්න. ඒ අවස්ථාවේ මම තනියම ඉන්න කැමැතියි. එතකොට සිද්ධ වෙන දේ මට හරියටම කියාගන්න බෑ. මම චිත‍්‍රපටය දිහා බලා ඉන්නවා. චිත‍්‍රපටය මගේ දිහා බලා ඉන්නවා. හුඟාක් දේ සිද්ධ වෙනවා. සමහර අදහස් උපදිනවා. සමහර ඒවා මැරෙනවා. පස්සේ මම චිත‍්‍රපටය සුද්ද කරන්න පටන් ගන්නවා. ඉතාලියෙහි, අපි චිත‍්‍රපටි භූමියෙහි දි කවන ශබ්දය ප‍්‍රයෝජනයට ගන්නේ නෑ. ශබ්දාගාරයේදී මුළු ශබ්ද තීරයම නැවත කවනවා. ඒත් මුලින් ලැබෙන මුද්‍රණයේ තව දුරටත් භුමි ශබ්ද එසේම පවතිනවා. ඒවා ඉවත් කළාම නැවතත් යම්කිසි දෙයක් සිද්ධ වෙනවා. චිත‍්‍රපටය තැනීම පිළිබඳ වික‍්‍රමයේ ලකුණු තව දුරටත් ඒ මුද්‍රණයේ පවතිනවා. පහුවෙලා ගිය කෝචිචියක්. හැඬූ බබෙක්, ඇරුණු ජනේලයක්, චිත‍්‍රපට භුමියේ මාත් එක්ක හිටිය මිනිස්සු මට මතක් වෙනවා. මට ගිය ගමන මතක් වෙනවා. මේ සැමරුම් අත්හැර තියා ගන්න මං කැමැතියි. පිරිසිදු ශබ්ද තීරය ඒකට නැ`ගුවාම ඒක හරියට පියෙක් පළමු වරට තොල් රතු කරගෙන ඉන්න තම කුඩා දැරිය දැකීම වගෙයි. මතුවී එන මේ අලූත් ප‍්‍රාණියා ළංවෙලා දැන ගන්න වෙනවා. ඌට කැමති වෙන්න උත්සාහ කරන්න වෙනවා. ඒ වගේම යම්කිිසි දෙයක් නැතිවී යනවා. ඒ වගේම යම්කිසි දෙයක් එකතු වෙනවා. ඒ වගේම යම්කිසි දෙයක් නැතිවී යනවා. ඒක නැවත දකින හැම වෙලාවෙම යම්කිසි අලූත් හැඟීමක් ඇති වෙනවා. ඒක සම්පුර්ණයෙන්ම ඉවර වුණාම බාහිර දෘෂ්ටිය නැති වී යනවා. එතකොට අනිත් අය ඒක බලන අවස්ථාවේ පෞද්ගලිකව මා තුළ ප‍්‍රතික‍්‍රියා ඇති වෙනවා. ඔවුන්ට මගේ චිත‍්‍රපටය ගැන කිසිම දෙයක් කියන්න අයිතියක් නැතෙයි කියලා මට හැෙ`ගනවා. කොහොම වුණත් මං සැලකිල්ලෙන් ඇහුම් කන් දෙනවා. චිත‍්‍රපටය සජීව එකක් වෙනවාද කියල හොයන්න මම උත්සාහ කරනවා.
බැච්මන් - මෙතෙක් තනා ඇති ඔබේ චිත‍්‍රපට සියල්ලෙදිම, චිත‍්‍රපටිය හදන්න පටන් ගන්න කොට ඔබ ඒ ම`ගින් කියන්න උත්සාහ කරමින් සිටි දෙයට හැම විටම ඔබ නිවැරදිව පැවතුණාය කියලා හිතනවාද?
ෆෙලිනි - ඔව්. මම හිතනවා.
බැච්මන් - ඔබේ කෘතීන් හා වර්තමාන ඉතාලියානු ලේඛක පිරිස සතු කෘතින් අතර සම්බන්ධයක් තියනවාය කියල ඔබ හිතනවාද? උදාහරණයක් වශයෙන් ක්‍්රකද ඛැඩස හා ෑබබසද ත්‍ක්ස්බද වැනි අයගේ.
ෆලිනි - ඔව්. මට හිතෙන හැටියට චිත‍්‍රපටවල තියෙන මේ නව යථාර්ථවාදයේ හරය හැම කලාවකම බලපාලා තියෙනවා.
බැච්මන් - චිත‍්‍රපට පිටපත් හැරෙන්න ඔබ ලිව් වෙනත් දේ නැද්ද?
ෆෙලිනි - නෑ. පුවත්පත් වැඩ කරන කාලයේ ලිව්ව කෙටි කතා සමහරක් විතරයි. ඒත් චිත‍්‍රපටවල වැඩ කරන්න වුණාට පස්සේ ලිව්වේ නෑ. ඒක වෙනස් මාධ්‍යයක්. ලේඛකයෙකුට තමන්ටම හැම දෙයක්ම කරන්න පුළුවන්. එහෙත් ඔහුට සංයමය වුවමනා කරනවා. ඔහුට උදේ හතට ඇහැරෙන්න වෙනවා. සුදු කොළයක් ඇතුව කාමරයක් ඇතුළෙ තනියම ඉන්න වෙනවා. මට ඒක කරන්න බැරි වැඩක්. මට හිතෙන හැටියට මම තෝරා ගෙන තියෙන්නේ මට සුදුසු වන හොඳම ප‍්‍රකාශන මාධ්‍යයයි. එකට ජීවත්වීමට සහ වැඩෙහි යෙදීමට, චිත‍්‍රපට තැනීමේ කාර්යය සලසන ඉතා වටිනා සම්බන්ධයට මම ආදරෙයි. මම චිත‍්‍රපට කාරියට පිවිසෙන්නේ ඉතාමත් පෞද්ගලික විදියකින්. ඒ නිසයි මම, මා නව - යථාර්ථවාදියකු හැටියට සලකන්නේ. මිනිහෙක් තමා ගැන හෝ තමා අනිත් අය අතරත් ඇති සම්බන්ධකම් ගැන හෝ කරන ඕනෑම පර්යේෂණයක්, ආධ්‍යාත්මික එමෙන්ම සැබෑ අරුතින්ම, ආගමික ගවේෂණයක්, මගේ නියම දර්ශනයේ ප‍්‍රමාණය එයයි කියල මම කල්පනා කරනවා. මම මගේ චිත‍්‍රපට හදන්නෙත් මම මිනිස්සුන්ට කතා කරන විදියෙන්මයි. ඒ, යහළුවකු, කෙල්ලක, පූජකයකු හෝ කොයි කවුරු වුණත් කමක් නෑ. යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න ඕනෑ. නව යථාර්ථවාදය යන්නෙහි මම දකින තේරුම, අපුර්ව, පිිරිසිදු අරුතින්ම ඒකයි. මුලින් එකෙකු තුළට හා අනෙකුන් තුළට පිවිස කරන සෙවීමක්. ජීවිතය දැකිය හැකි ඕනෑම මගකින්. මගේ කෘතිවලට සමහර විට යොදන්න පුළුවන් එකම නියම දර්ශනය තමයි නියම දර්ශනයක් නැති බව. චිත‍්‍රපට තැනීමේදීත් ජීවත්වීමේදී වගේම ජීවිතය විසින් ඉදිරිපත් කරනු ලබන තමන්ටත් අන්‍යයන්ටත් අදාළ වන අත්දැකීම් ලබාගන්න ඕනෑ. ඒ හැරෙන්න චිත‍්‍රපටි තැනීමේදී ක‍්‍රියා කරන්නේ පරම සත්‍යය පමණයි. ජීවිතයේදී මම හොරෙක් හෝ කපටියෙක් වෙන්න පුළුවන්. ඒත් චිත‍්‍රපටයකදී ඒක වෙන්නේ නෑ. මිනිහෙකුගේ චිත‍්‍රපටයක් හරියට නග්න මිනිහෙක් වාගෙයි. කිසි දෙයක් හංගන්න බෑ. මම මගේ චිත‍්‍රපටවලදී සත්‍යවාදී වෙන්න ඕනෑ.
පරිවර්තනය- කරුණාරත්න අමරසිංහ