වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
පුරෝගාමි කාර්ය රැසක් මට කළ හැකි වුණා

”මගේ ගම ලූනාව. දැන් පදිංචි ඉඳිබැද්දේ. මම පාසල් යන කාලේ විද්‍යා විෂයයන් කළේ, මොරටුව වේල්ස් කුමර විදුහලේ. මට චිත‍්‍ර ශිල්පය ඉගැන්නුවේ තිස්ස ගුණවර්ධන ගුරුතුමා. ඒ අතර මම කීවා කලා විෂයයන්ට සම්බන්ධ වන්න ආසයි කියලා. සර් කීවා නිවාඩුව ඇවිත් ඉගෙන ගන්න කියලා. මූර්ති ශිල්පය ආදිය ඉගෙන ගත්තා. මගේ තාත්තා, ගානට් බෙන්ජමින් පෙරේරා සීජීආර් එකේ ෆෝර්මන් කෙනෙක්. ගෙදර වැඩවලදි තාත්තාට උදවු වන නිසා හිතුවේ මමත් කාර්මික අංශයෙන් ඉදිරියට යයි කියා. ඒත් මගේ හිතේ තිබුණේ මේ ක්ෂේත‍්‍රය. 1978 වගේ සමය වෙද්දි මම උසස් පෙළත් සමත් වෙලා ඉන්න අතරේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පියපුතු පදනමට රැකියා ලබා දෙනවා. ඒත් මම කැමැති වුණේ නෑ. ඒ අතර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ජනමාධ්‍ය කාර්මික ශිල්පීන් සඳහා ලංකාවේ පළමු වරට පාඨමාලාවක් පටන්ගන්නවා කියලා දැන්වීමක් තිබුණා. මම එයට ඉල්ලූම් කළා. එවක රජයේ චිත‍්‍රපට ආයතනයට සම්බන්ධව සම්මුඛ සාකච්ඡුාවට කැෙ`දව්වාම මම මේ පිළිබඳව දැනුම තිබෙන අපේ ගමේම කෙනෙක් වූ ගිවන්ත අර්ථසාද් මහත්මයාව මුණ ගැහිලා කැමරාව සම්බන්ධව නොදන්නා දේ අහගත්තා. ඔහුගේ ඉගැන්වීම් නිසා මට සම්මුඛ සාකච්ඡුාවෙදි ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න පහසු වුණා. මාව ආධුනික කැමරා ශිල්පියකු ලෙස බඳවා ගත්තා. ඒත් අපට කැමරා ශිල්පයට අමතරව ශබ්ද පරිපාලනය, හඬ කැවීම්, සංස්කරණය, රසායනාගාර කටයුතු ආදී සියල්ල ඉගැන්වූවා. ඒ කාලේ චිත‍්‍රපට සියල්ලේම පාහේ හඬකැවීම් කළේ රජයේ චිත‍්‍රපට ආයතනයේ. ඉතින් අපේ රාජකාරී අවසන් වුණත් ආසාවට ඒවා බලාගෙන ඒවාට සම්බන්ධ වෙමින් ? බෝ වෙනකල් ඉන්නවා. ඒ අතර ආධුනිකයන්ව බාර දුන්නා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු වන තිස්ස ලියනසූරිය මහත්මයාට. ඔහු තමයි අපේ පුහුණුකරු. ඔහු අපට චිත‍්‍රපට ගෙනත් පෙන්නුවා. අපට ඒවා ගැන විශාල දැනීමක් ලැබුණා ඒ නිසා. ටික කලකින් මට වැඩබලන කැමරා ශිල්පී තුන්වැනි ශ්‍රේණියට පත්වීම ලැබුණා. ප‍්‍රීමා ටී ෆැක්ටරි කියලා ඒ කාලේ තිබුණු ආයතනයක වාර්තා වැඩසටහනක් කරන්න ඒ.එම්. සංඝදාස මහත්තයා සමඟ තමයි මුලින්ම යන්න වුණේ. ඉන් පසු ඔහුගේම ගොවිපළ සම්බන්ධ වාර්තා වැඩසටහනක් වූ බිත්තරෙන් බිත්තරේ කැමරාකරණය සඳහාත් යොමු වුණා. තිස්ස ලියනසූරිය මහත්මයා සහ රෝලන්ඞ් බී. පෙරේරා මහත්මයා සමඟත් මට වාර්තා චිත‍්‍රපට කරන්න අවස්ථාව ලැබුණා.
ඒ වගේම තිස්ස අබේසේකර, සුගතපාල සෙනරත් යාපා, රංජිත් ලාල් ද සිල්වා, එම්.ඞී. මහින්දපාල, කීර්ති ශ‍්‍රී පෙරේරා, ලාල් වික‍්‍රමආරච්චි වැනි ප‍්‍රවීණ මහත්වරු යටතේ තමයි අපට සහකාර කැමරා සේවය කරන්න වුණේ. ඒ අතර රූපවාහිනී සැලසුම් මධ්‍යස්ථානය කියලා එකක් චිත‍්‍රපට ආයතනයම පටන් ගත් වෙලාවේ මාව ඒකට තේරුණා. අලූත් කැමරා බඩු ගෙනාවාම මටත් ඒ ගැන හරි ආසාවක් ඇති වුණා. අද අප අතර නැති සනත් ලියනගේ, විමල් පෙරේරා වැනි මහත්වරු තමයි මාව එයට යොමු කළේ. අපි දහදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තමයි එයට තෝරාගත්තේ. ලංකාවේ කළ පළමු වාර්තා වැඩසටහන තිස්ස ලියනසූරිය මහත්තයාටයි කරන්න දුන්නේ. කැමරාකරණයට මාවයි තෝරාගත්තේ. සරත් අමුණුගම මහත්තයා තමයි එය බාර දුන්නේ. ‘සිතුවමක හදවත‘ තමයි ලංකාවේ 1979 සමයේ මේ රටේ එළිමහනක ගොස් රූගත කළ පළමු රූපවාහිනී වාර්තා වැඩසටහන. මෙය මට විශාල අභියෝගයක් වුණේ ලංකාවට ගෙනා පළමු සෝනි 1610 කැමරාවෙන් එය කරන්න සිදු වූ නිසයි.
අප චිත‍්‍රපට කැමරාකරණය කරලා මේ මාධ්‍යයට ආවාම එය හාත්පසින්ම වෙනස්. සිනමා රූපය කියන්නේ ලොකු ශාලා තිරයකට ප‍්‍රක්ෂේපණය කරන දෙයක්. ඒත් ඒ යුගයේ තිබුණේ අඟල් 12 කළුසුදු ටෙලිවිෂන. එයට ගැළපෙන අයුරින් අප රූපගත කළ යුතුයි.
කෙසේ වුවත් සරත් අමුණුගම මහත්මයා එය සංස්කරණය කරනවා බලන්න ඇවිත් මට කීවා වහාම රූපවහිනියට බැඳෙන්න ලැහැස්ති වෙන්න කියලා. එවෙලෙම මාව චිත‍්‍රපට ආයතනයෙන් මුදවා ලියුමක් දී ස්වාධීන රූපවාහිනියට යොමු කළා රූපවාහිනී සංස්ථාව ආරම්භ කළ පසු එයට එක්වන්න කියලා. අපට පැවරුණු මුල්ම වගකීම තමයි දෙවැනි එලිසබෙත් මහරැජින සහ පිලිප් කුමරු ලංකාවට පැමිණීම. එය ආවරණය කරමින් රූගත කළාට අපට සහතික ලැබුණා. රූපවාහිනිය ආරම්භ කිරීම සඳහා පර්යේෂණ මට්ටමේ විකාශය වෙනුවෙන් කැමරා ශිල්පියකු ලෙසත් කටයුතු කරමින් තමයි සිටියේ.
1982 ජනවාරි 25 වැනිදා ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරා ශිල්පී ලෙස මට පත්වීම ලැබුණා. ඒ වසරේ පෙබරවාරි 15 රූපවාහිනිය සමාරම්භයේ මුල්ම සජීවී විකාශයේ කැමරාව කරන්න වාසනාව උදා වුණා. රූපවාහිනී සංස්ථාවෙන් පළමුවෙනි වරට කොටස් 13කින් සමන්විතව කළ ළාහිරු දහසක් ටෙලි නාට්‍යයේ කැමරා ශිල්පියකු ලෙස කටයුතු කිරීමේ භාග්‍යයත් මට උදා වුණා.
1982 වසරේ ලංකාවේ පැවැත්වූ පළමුවැනි ටෙස්ට් මැච් එකට සහභාගී වුණේ එංගලන්ත කණ්ඩායම. එහි සජීවී විකාශය ලබාදීමට කටයුතු කළා. එයට ලැබුණු සිහිවටනය මේ. (ඔහු විටින් විට තම සම්මාන සහතික පෙන්නමින් පවසයි.) එයට කැමරා ස්ථානගත කළ යුතු ආකාරය, කැමරා කෝණ පිළිබඳවවත් අපට කිසි අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි අපට දැනෙන හැෙඟන ආකාරයට අපි කැමරා යොදවා සජීවීව එය පේ‍්‍රක්ෂකයන්ට රසවිඳින්න සැලැස්වූවා. කෝට්ටේ නව පාර්ලිමේන්තුව විවෘත කිරීම, දළදා පෙරහැර සජීවී විකාශය, ලංකාව ඉන්දියාව සමඟ සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේ තර`ග කර දිනූ පළමු ටෙස්ට් මැච් එක අපි ආවරණය කළේ කැමරා දෙකක් පමණක් යොදාගෙන. එහි එක් කැමරාවක් හැසිරුවේ මමයි. ජේ. ආර්. ජයවර්ධන මහතා ජනපති සමයේ පළමුවරට රූපවාහිනියෙන් කත්මණ්ඩු නුවර සාක් සමුළුව ආවරණය කරන්නත් මට හැකි වුණා. සුසන්තිකා ජයසිංහලා මදුරාසියේ සාෆ් තර`ග දිනන අවස්ථාවේ එය ආවරණයට නායකත්වය දීමේ භාග්‍යයත් හිමිවුණා.
ජනාධිපතිවරු ලෙස ජේ. ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස වැනි අය ආවරණය කිරීම සඳහා කැමරා ශිල්පීන් පස්දෙනකු රූපවාහිනියෙන් තෝරාගෙන සිටියා. ඉන් එක් අයකු වීමට මම වාසනාවන්ත වුණා.
ටෙලි නාට්‍ය රැසකටත් දායක වුණා.
රූපවාහිනී සංස්ථාවෙන් ජර්මනියේ පුහුණුවක් සඳහා මට යන්න ලැබුණේ හේම නලීන් කරුණාරත්න මහත්මා සමඟ. එහිදී අපට ක‍්‍රමානුකූලව, වේලාවට වැඩ කිරීමේ න්‍යායන් බොහෝ ඉගෙන ගන්න ලැබුණා. විශේෂයෙන්ම රූපවාහිනිය යනු මුදල් සමඟ බෙහෙවින් සම්බන්ධ මාධ්‍යයක් නිසා විධිමත් ලෙස ඒ කටයුතු කරන ආකාරය පිළිබඳ මනා පුහුණුවක් අපට ලැබුණා.
සුගතපාල සෙනරත් යාපා මහත්මයා රූපවාහිනියේ පරිපාලන නිලධාරියකු ලෙස කටයුතු කළ සමයේ බැංකොක්වල බෞද්ධ විහාර ආදිය පිළිබඳ වැඩසටහනක කැමරා ශිල්පී ලෙස කටයුතු කරන්නට ඉල්ලා සිටියෙත් මාවයි.
1984 වසරේ පැරැණි පුස්කොළපොත් පිළිබඳ කළ වාර්තා වැඩසටහනක් සඳහා හොඳම කැමරාකරණයට අන්තර්ජාතික සම්මානයක් ලැබුණා. (ඔහු යළිත් සිය සම්මාන පෙළ වෙත අත දිගු කරයි)
රූපවාහිනියේ සේවය කරන අතර පාසල් මාධ්‍ය කව, ජනාධිපති ආරක්ෂක අංශය, ත‍්‍රිවිධ හමුදාව, ප‍්‍රාදේශීය වාර්තාකරුවන් ආදීන් සඳහා කැමරා පුහුණුව ලබා දීමේ උපදේශකවරයකු ලෙස දැනුම බෙදාදීමේ අවස්ථාවත් මට උදා වුණා.
අද කාලේ වගේම විදුලි කප්පාදුවක් ඇති වූ සමයේ මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ සභාපතීත්වයෙන් යුතුව රූපවාහිනියේ රජත මැදිරිය නමින් අලූත් ස්ටූඩියෝවක් ගොඩනැඟුවා. එය අධීක්ෂණය කිරීමට බාරදුන්නේ මටයි. මෑතක් වනතුරුම බයිලා සාජ්ජය වැනි වැඩසටහන් පටිගත කෙරුණේ ඒ මැදිරියේ. එහි ස්වභාවික ආලෝකය සහ ගස්වැල් උපයෝගී කරගෙන පරිසර සුන්දරත්වය සමඟ වැඩසටහන් කරගෙන යෑමේ ක‍්‍රමවේදය මම නිර්මාණය කළා. එසේම සිංහල අවුරුදු වැඩසටහන්වලදී ඈත ගම්මානවලට ගොස් වැඩි පිරිවැයක් යොදා කළ යුතු වූ වැඩසටහන් මේ මැදිරියේ සිට ගම්බද සිරිය ඇතිව විකාශය කිරීමේ පහසුව නිසා ආයතනයට විශාල වශයෙන් මූල්‍ය ඉතිරියක් කිරීමට මෙය හේතු වුණා. ඒ වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් මට සම්මානයකුත් හිමි වුණා. නුගසෙවණත් මගේ එවන් සංකල්පයක් අනුව ඇති වූ වැඩසටහනක්. නුග සෙවණ සඟරාවේ ඡුායාරූප පවා සැපයුවේ මමයි.
මෙරට ප‍්‍රථම වරට කෙරුණු තමිල් චෙල්වම්ගේ සම්මුඛ සාකච්ඡුාව සඳහා එල්ටීටීඊ කඳවුරකට යන්න සිදු වුණා. එය ඉතාම භයානක, අවදානම් ගමනක්. ගෙදරටත් නොකියායි මම ඒ ගමන ගියේ. ඒ වෙද්දි මගේ දරුවාත් ඉතාම පොඩියි. මම ගිය දිහාක් කියන්න දන්නෙත් නෑ. නෝමෑන් ප‍්‍රදේශයේදී මගේ ඇස්දෙක බැන්දා. ඊට පස්සේ කොහේ ගෙනිච්චාද මම දන්නේ නෑ. ඒ සඳහා මට පැසසුම් සහතිකයකුත් රූපවාහිනියෙන් දුන්නා.
2003 වසරෙදී පාර්ලිමේන්තු ගර්භයේ කැමරාගත කිරීම් සඳහා ආලෝක තත්ත්වයන් පිළිබඳ ශක්‍යතාව මැන බලා පාර්ලිමේන්තුවේ කටයුතු පටිගත කිරීමට අවශ්‍ය මූලික සැලස්ම තැනුවේ මමත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් -ඉංජිනේරු රොහාන් පෙරේරාත් එකතුවයි.
රූපවාහිනී සංස්ථාව නැරඹීමට එන දරුවන්ට එහි ක‍්‍රියාකාරීත්වය මනාව අවබෝධ කරගැනීම සඳහා පළමුවරට කෙටි චිත‍්‍රපටයක් නිර්මාණය කළා. ඉන්පසු ආයතනයේ පැරැණි කැමරා ආදි භාණ්ඩ එක්රැස් කර කෞතුකාගාරයක් නිර්මාණය කළා. එයින් පැරැණි කැමරා වර්ගවල සිට අලූත්ම චිප් කැමරා දක්වා අවබෝධයක් ලබා ගන්න නරඹන්නන්ට පුළුවන්.
රවී ජයවර්ධන සභාපතිවරයාගේ සමය වනතුරු සේවකයන් විශ‍්‍රාම යන්නේ කිසිදු සිහිවටනයක් නොමැතිවයි. ඒ නිසා මම යෝජනා කළා අපේ රූපවාහිනී කුලූනු ඇති ඈත කඳු හෙල්වල පවා වැඩ කරන සේවකයන් පිළිබඳ අදාළ ක්ෂේත‍්‍රය මූලික කරගෙන විනාඩි පහළොවක කෙටි වාර්තා වැඩසටහනක් තැනීම සුදුසුයි කියා. ඒ පිළිබඳ වැඩියෙන්ම සතුටු වුණේ ඒ පවුල්වල උදවියයි. ඔවුන් කීවේ අපේ තාත්තා, මගේ මහත්තයා මේ වගේ රස්සාවක් මේ තරම් අවදානමක්, අන්තරාදායකබවක් දරාගෙන කරන බව අපි දැනගෙන හිටියේ නෑ කියලා. ඒ වගේම සභාපතිතුමා මට විශාල ඇගැයීමක් කළා ඒ වැඩසටහන වෙනුවෙන්.
ඉස්සර ජිබ්ආම් කියන කැමරා උපකරණය අප පිටින් මුදල් වැය කරලා ගෙන ආ යුතුව තිබුණේ. ඒත් සහකාර අධ්‍යක්ෂවරුන් ලෙස සිටි අනුර වීරසිංහත් මමත් එකතු වෙලා මැදිරියක අහක දමා තිබූ පොඩි කොටස් වගයකුත් එකතු කරගෙන අපටම ජිබ්ආම් එකක් නිර්මාණය කළා. එවක සභාපති සරත් කෝන්ගහගේ මහතාගේ අනුමැතිය ඇතිව එය පරිහරණය කිරීමේ පුහුණුවක් අපේ සේවකයන්ට ලබා දුන් නිසා සංස්ථාවට ලක්ෂ ගණනින් මුදල් ඉතිරි වුණා.
යුද බිමේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සමඟ පෙරමුණෙ ගොස් ඒවා පටිගත කිරීම, තෙල් ටැංකි ගිනි ගත් මොහොතේ ඒ අවදානම ගෙන රූපගත කිරීම වැනි බිහිසුණු අවස්ථා රැසක් ජීවිතේ අත්දැකීම් ලෙස තිබෙනවා.
බිරිය චාරිත‍්‍රා පෙරේරා ගෘහිණියක් ලෙස මගේ දරුවන් දෙදෙනා බලාගෙන ඔවුන්ගේ සියලූ ඕනෑ එපාකම් ඉටු කළ නිසා මට මේ වැනි වෘත්තියක යෙදෙන්නට අවස්ථාව ලැබුණේ. ඒ වගේම මගේ මවුපියන් දෙදෙනාටත් මම ස්තූති කළ යුතුයි. මගේ ලොකු පුතා ජයත් පෙරේරා ව්‍යාපාරිකයකු ලෙසත් දෙවැනි පුතා අකිල ගවීන් පෙරේරා රූපවාහිනියේ සජීවීකරණ ශිල්පියකු ලෙසත් කටයුතු කරනවා.
මේ සියලූ අත්දැකීම් සහිතව මම 2018 වසරේ රූපවාහිනී සංස්ථාවෙන් විශ‍්‍රාම ගෙන දැන් පවුලේ උදවිය සමඟ සතුටින් ජීවත් වෙනවා.”
විශ‍්‍රාම දිවිය සැනසිල්ලේ සතුටින් ගෙවිය හැකි වන්නේ තම සේවා කාලය තුළ කරන ලද යහපත් ක‍්‍රියා මෙන්ම වික‍්‍රමයන් ඇතුළත් රසවත් අත්දැකීම් සිහිපත් වන විටය. විශේෂයෙන් රූපවාහිනී කැමරා ශිල්පියකුට එවැනි අත්දැකීම් බහුලය. රාජකාරියට පමණක් නතු නොවී තම වෘත්තීය ජීවිතයේදී ආයතනයට සහ අනාගත පරපුරට යහපතක් කළ එවන් අයකු පිළිබඳ ලද තොරතුරක් අනුව සරසවිය ඔහු සොයා ගියේ මොරටුව ඉඳිබැද්ද පෙදෙසටය. ඔහු නමින් ජයනිමල පෙරේරාය. හේ විශ‍්‍රාමික රූපවාහිනී කැමරා ශිල්පියෙකි. ඔහුගේ වෘත්තීය අත්දැකීම් සහ ඒ සඳහා ලද ඇගයීම් පිළිබඳ පැවසූ තතු අපි මෙසේ සටහන් කරමු.
ඡායාරූප - නිශ්ශංක විජෙරත්න