වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමුගනී

මහාචාර්ය කාලෝ ෆොන්සේකා අප අතරින් සැප්තැම්බර් 2 වැනිදා සමුගත්තේ මුළු සිරිලකම ශෝකයට පත් කරවමිනි. වෛද්‍යවරයකු, විද්වතකු, සමාජ ශෝධකයකු, ලේඛකයකු ආදී අංශ රැසක් යටතේ හෙතෙම අප රටට සිදු කළේ අපමණ වූ මෙහෙවරකි. 1933 මාර්තු 04 වැනිදා මෙලොව එළිය දුටු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මීගමුව මාරිස්ටෙලා සහ මරදාන ශාන්ත ජෝශප් යන විදුහල්වලින් අධ්‍යාපනය හැදෑරීය. 1960 දශකයේ මුල භාගයේ සිට වෛද්‍යවරයකු ලෙසට සේවයට බැඳී මහාචාර්ය කාලෝ ෆොන්සේකා විරාගය වැනි සිනමා කෘතීන්ට සිය පන්හිඳ මෙහෙයවමින් අගනා ගී නිර්මාණ බිහි කළේය. එම චිත්‍රපටයේ පැතුම පතන්නේ නෑ ගීතය ඔහුගේ රචනයකි. ආචාර්ය රෝහණ වීරසිංහ සහ විශාරද නන්දා මාලිනී ගයන රත්තරං දුවේ ගීතය මහාචාර්ය කාලෝගේ පද රචනයකි. එහි තනුව ද ඔහු විසින් නිර්මාණය කිරීම ද විශේෂත්වයකි. විවාහ මංගල උත්සවයකදී නිත්‍ය ගීතයක් බවට රත්තරං දුවේ පත්ව ඇත. සුනිල් එදිරිසිංහ ගයන රුදුරු තුරු වදුලේ මහාචාර්යවරයා ලියූ තවත් අතිශය ජනප්‍රිය ගීතයකි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමාජයේ මිථ්‍යා මත තුරන් කිරීමේ ප්‍රශංසනීය මෙහෙවරක ද නියැළී සිටියේය. සමාජය තුළ මුල් බැස ඇති ඇතැම් එවැනි මිථ්‍යා මත ඔහු විසින් දුරු කරනු ලැබුවේ තමන්ගේම ජීවන අත්දැකීම් හුවා දක්වමිනි. මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංග සහ සුපිරි නළු රන්ජන් රාමනායකගේ සමීප ඥාතියකු ද වූ මහාචාර්ය කාලෝ මියගිය පසු සිය දේහය වෛද්‍ය විද්‍යාලයට ලබාදෙන මෙන් අවසන් කැමැති පත්‍රයේ ලියා තිබිණ. ඒ අනුව ඔහු එහි සඳහන් කොට ඇති අන්දමට රත් පැහැ කමිසයකින් සහ සුදු කලිසමකින් දේහය සරසා අභාවයෙන් පැය අටක් ඇතුළත මහාචාර්යතුමන්ගේ දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාර දෙනු ලැබීය.