වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
කෙල්ල යවපන් ටිකක් එළියට කියන්නම් මම කාරණේ

හද සසළ කළ ගීතයක් ගැන සෙනෙහෙවන්ත සටහනක්
අම්මෙක් තාත්තෙක් දරුවෙකු හදා වඩා ගන්නේ මහත් වු ආදරණිය බලාපොරොත්තු රැසත් පෙරදැරි කරගෙන විශේෂයෙන් දියණියක් ඉන්න ගෙදරක ට ඇගේ අනාගතය පිළිබඳ විශේෂ බරක් ඇතිවෙනවා. දියණියක් කියන්නේ පවුලක පරපුරක අභිමානය . අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දියණියක් හැදුවම ඇය ලස්සන මනමාලියක් කරලා දීග දෙන්නේ කවදද කියලා හීන දක්නවා. දියණිය මනමාලියක් වෙනවා දකින්න පෙරුම් පුරනවා. ආදරයෙන් හැදූ වැඩූ දියණියක් වෙන කෙනෙකුට දෙනවා කියන එක මවුපියන්ට දරා ගන්න බැරි කාරණාවක් තමයි. එහෙත් කාන්තාවක් විදියට ඇය බිරිඳක් මවක් වෙන එක තමයි ජිවිතයේ සාර්ථකත්වය. ප්‍රේම සෙබඳතාවයකින් හෝ දෙදෙනාගේ කැමැත්තකින් විවාහය සිදු නොවුණහොත් විශේෂයෙන් යෝජනාවකින් විවාහය තීන්දු වුණෝතීන් ඒ සඳහා බලපාන ආර්ථික ප්‍රශ්න වලටත් මව් පියන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙතනදි මතු වෙන ප්‍රබලම ප්‍රශ්නය වෙන්නේ දෑවැද්ද. වර්තමානයේ බොහෝ උග්‍ර ප්‍රශ්නයක් විදියට ලාංකික සමාජය තුළ දෑවැදි ප්‍රශ්නය දක්නට නොමැති වුවත් අදටත් මේ ප්‍රශ්නයෙන් බැට කන පිරිසක් අපි අතර ඉන්නවා. එහෙම වෙලාවක දියණියක් ආදරයෙන් හැදු වැඩු මව්පියන්ට දැවැද්ද විශාල බරක්. ඒ බර දැඩි විදියට දැණුන පියෙකුගේ හද කම්පා කරවන කඳුව කතාව ගැන කියවෙන ගීතයක් මේ .ගිතය අහල බලන්න. හදට දැනෙන ඉකිය කඳුලක් වි ඔබේ නෙත් තෙත් කරාවි.
ප්‍රසිද්ධියේ නොවුණත් අවයව විකිණීම අපේ රටේත් නොයෙක් විට සිද්ධ වෙනවා විවිධ කාරණා වලට. මේ ගීතයට පදනම් වුණේ තම දියණිගේ දෑවැද්ද උදෙසා පියාගේ නකුගඩුව විකුනු සිද්ධියකි. මුදග් සහ ගුණ යහපත් කම් අතර ඇති පරතරය කොයි තරම්ද කියලා වර්තමාන සමාජයේ සිදුවෙන බොහෝ දේවල් වලින් අපට ප්‍රත්‍යක්ෂ වෙනවා. සියල්ල මුදලින් මනින සමාජයක ගුණ යහපත්කම් බොහෝ ඈතට තල්ලු වෙනවා. එහෙම සමාජයක ජිවත් වන දුප්පත් පියෙකුට දුව ගේ අනාගතය වෙනුවෙන් මහ විශාල අභියෝග බාර ගන්න සිද්ධ වෙනවා. ඒ අභියෝගයේ කඳුළු කතාව තමයි මේ ගීතයෙන් කියවෙන්නේ.
ගිතයකට වඩා කවියකට ලං වෙන ඉතාම දිර්ඝ පදය පන්තියක් වුණත් ගායනයේ , සංගීතයේ හා පද ගැලපිමේ මිහිරියාව තුළ ඇසු සැණින් කෙනෙකුගේ හදවතට මේ ගීතය කම්පනයක් ඇති කරනවා. ඒකට විශේෂම හේතුව වෙන්නේ කතාන්දරයක් වගේ ගලාගෙන යන කතාවේ අවසාන භාගය දරුණු කම්පනයකින් අවසන් වීම වෙන්න ඕන. ගීතයේ මුල් පද පෙල ශ්‍රවණය කරද්දි එහි අවසානය මේ තරම් අභාග්‍ය සම්පන්න වෙයි කියලා කිසිවෙකුටත් හිතෙන්නේ නෑ. බොහෝ වෙලාවට තමන්ට දරු සම්පතක් ලබා ගන්න ඔවුන් විඳී දුක් ගැහැට මෙන්ම දරු සම්පත ලැබුණු පසු ඇය ආදරෙන් හදා වැඩා ගැනීමට ඔවුන් කල කැප කිරිම් පිළිබඳ ඇතිවන්නේ යම් ගෞරවනිය ස්වභාවයක්. ගීතයේ මැද හරියේදි තරුණ දියණියගේ විවාහය වෙනුවෙන් දවසින් දවස ඇය බලන්නට එන පිරිස ගේ දෑවැදි ඉල්ලීම පිළිබඳ හාස්‍යයකුත් මතු වෙනවා. එහෙත් දරුවෙකු වෙනුවෙන් මව් පියනට කල නොහැකි දෙයක් නෑයි යන කියමන සනාථ කරමින් දෑවැද්ද වෙනුවෙන් පියාගේ වකුගඩුව විකුණු කතාව අසෙන විට මානූෂික හැඟිම් පිළිබඳ සංවේදනා ඇති හදවත් වලට දැනෙන්නේ අති විශාල කම්පනයක්. ඒ කම්පනය තීව්‍ර කරන තරමේ සංගීතයක් හා හඩ පෞරුෂයකුත් මේ ගීතය තුළ අඩංගුයි. ගීතය ගායනා කරන්නේ තරිඳු ජයසිංහ විසිනුයි.ගීපද රචකයා ශෂික සදිප් සංගිත නිර්මාණය දීප්ති ජයසූරිය විසින්.
මාත් එක්කම වැලලිලා යයි-කියා මේකට උත්තරේ
වහන් කරගෙන හිටියෙ මං- කාටවත් නොකියා විස්තරේ
හඬ හඬා නුඹ විමසද්දි මගෙ - රිදුම් බෝමයි හදවතේ
කෙල්ල යවපන් ටිකක් එළියට- කියන්නම් මම කාරණේ
කතරගම පත්තිණි විභීෂන - හුනියම් දෙවි මන්දිරේ
සමන් දෙවි ගම්භාර කාලිත්- නෑ අපේ දුක විමසුවේ
නුඹට මතකද අන්තිමේටම- පුරව ගෙන කිරි පැන් කලේ
දවසකට තුන් වරුව යැද්දා- සිරී මා බෝධිය වටේ
සිවු වතාවක් මැරුණ කුසඋඹ- මෝරලා මහ ලොකු වෙලා
චුටි පැටියෙක් හඬනු ඇහුණා- මහරෑක බෑඟිරි තලා
එදා ඉඳලම ඒකි මත්තෙම - දවස තිස්සෙම කඹුරලා
ගිනි ගහන අව් සැරට වැස්සෙත් - එක ලෙසට ඇඟ දියවුණා
කහට උගුරෙන් පිරවුණා බඩ- ඈ කත්දි බත් ගුලි අනා
කෙල්ල ගෙට වි පාට වැටුනා -මලක් වාගේ පෑ හිනා
දීග දෙන කල වයස එනකොට - ආපු අන් අත ඉල්ලලා
ලන්සු තැබුවේ ලක්ස ගනනින්- ගෙන යන්න ඈ කැන්දලා
මලක් වගේ හැදු කෙල්ල ඉද්දි- ගුන දහම් හොඳ මදි වෙලා
කොහෙන් දෙන්නද කුසුමෙ බං අපි- උන්ට දෑවැදි පුරවලා
එකා පිට එක එකා යත්දි- ඇවිත් මඟුලට බෑ කියා
ඇගේ ඇස්වල උනපු තෙත දැක - අනේ මං අසරණ වුනා
ලක්ස දහයක් දාලා ඇති මං- ඒකි නමටම පොතක් පුරවා
මියැදුනත් මං ඈව යවපන් -දෙව් දුවක් විදියටම සරසා
නාඩා ඉඳපන් කෙල්ල වෙනුවෙන් - ඇහැක් දේ මං ඉතින් කෙරුවා
උඹට නොකියම කුසුමේ මං මගේ - වම් පැත්තේ වකුගඩුව වික්කා