කැනඩාවේ සිට ගී ගයන කේසර සිංහයෝ ළමා නිළිය

ජූලි 29, 2021

 

ඇගේ පියා සිරිල් හෙට්ටිගේ ද සිල්වාය. වෘත්තියෙන් චිත්‍ර කලා ගුරුවරයකු වූ ඔහු ශ්‍රී ලංකා සංගීත විද්‍යාලයේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සිසුවකු වූයේය. වේදිකා නාට්‍යකරණයට පිවිස අධ්‍යක්ෂණය කරමින් 1949දී කළුතර රංගශාලා ගතකළ ඔහුගේ පළමු නාට්‍ය නිර්මාණය වන්නේ “සැඟවුණු මැණික” යි. පසු කලෙක ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් වූ රීටා රත්නායක, ශාන්ති ලේඛා යන රංගන ශිල්පිනියන් එම වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වී ඇත. කැමරා ශිල්පී ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා හමුවීමෙන් පසු සිනමාවට පිවිසි සිරිල්, රෑන ගිරව්, මී මැස්සෝ, වහල්දූපත, සඳ නැඟ එද්දි ආදී චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණයෙන් ද, නාරිලතා, කේසරසිංහයෝ යන සිනමාපටවලට ඇඳුම් නිර්මාණයෙන් ද දායක වී ඇත.

"මම පොඩි කාලේ 'කේසර සිංහයෝ' සිනමාපටයේ ප්‍රධාන නිළිය වුණ නීටා ප්‍රනාන්දු මහත්මියගේ ළමා කාලයට පෙනී සිටියා. ගෙදර ඇවිත් මම ඇය රඟපානවා වගේ ගෙදර ළිඳ ළඟ ටැංකිය වටේ නැටුවා"

 

මෙසේ පවසන ඇය නමින් දීපා හෙට්ටිගේය. එදා කේසරසිංහයෝහි නීටා ප්‍රනාන්දුගේ කුඩා කාලය රඟ දැක්වූ දැරිය දුරු රටක සිට ඇගේ ස්වතන්ත්‍ර ගී ඇතුළත් සංයුක්ත ගී තැටියක් නිකුත් කිරීමට සැරෙසෙන බව ඔබ දැන සිටියාද?

කලා පවුලක ඉපදුණ දීපා හෙට්ටිගේ සිය සීයාගේ නැටුම් ශාස්ත්‍රයද පියාගෙන් ලද ගායන, රංගන කුසලතා මෙන්ම තෙලිතුඩෙන් කරන දස්කම් ද නොඅඩුව පිහිටි තැනැත්තියකි. කුඩා කල පටන් ගැයුම් රැඟුම් වැයුම් අතර ගෙවී ගිය ඇගේ දිවියට හමු වූ විශේෂ අවස්ථා අතරින් බොහෝ ආසාවෙන් ඇය සිහිපත් කරන්නේ 1971දී තිරගත වුණ රොනල්ඩ් අමරසිංහ විසින් අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කරන ලද 'කේසරසිංහයෝ' සිනමාපටයේ නීටා ප්‍රනාන්දු මහත්මියගේ කුඩා කලට පෙනී සිටි චරිතයයි.

ඇගේ පියා සිරිල් හෙට්ටිගේ ද සිල්වාය. වෘත්තියෙන් චිත්‍ර කලා ගුරුවරයකු වූ ඔහු ශ්‍රී ලංකා සංගීත විද්‍යාලයේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සිසුවකු වූයේය. වේදිකා නාට්‍යකරණයට පිවිස අධ්‍යක්ෂණය කරමින් 1949දී කළුතර රංගශාලා ගතකළ ඔහුගේ පළමු නාට්‍ය නිර්මාණය වන්නේ "සැඟවුණු මැණික" යි. පසු කලෙක ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් වූ රීටා රත්නායක, ශාන්ති ලේඛා යන රංගන ශිල්පිනියන් එම වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වී ඇත. කැමරා ශිල්පී ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා හමුවීමෙන් පසු සිනමාවට පිවිසි සිරිල්, රෑන ගිරව්, මී මැස්සෝ, වහල්දූපත, සඳ නැඟ එද්දි ආදී චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණයෙන් ද, නාරිලතා, කේසරසිංහයෝ යන සිනමාපටවලට ඇඳුම් නිර්මාණයෙන් ද දායක වී ඇත. පූජිතයෝ චිත්‍රපටයේ දෙබස් හා තිර රචනය ඔහුගේ වන අතර "අඟුටුමිට්ටෝ" යනුවෙන් නම් කිරීමට නියමිතව තිබුණු 'සිකුරුලියා' චිත්‍රපටයට එම නම තබා තිර රචනාව සහ පිටපත සකසා දුන්නේද සිරිල් හෙට්ටිගේය.

එවැනි මෙහෙවරක් කළ පියෙකුගේ දියණියක වූ දීපාටද කලාව නොඅඩුව පිහිටා තිබුණි. සිය මවගෙන් අත්පොත් තැබූ නර්ථන ගමන පසුව සීතා ගමගේ, ලලිතා වඩුගොඩපිටිය, එස්. මලල්, සෝමසිරි බුත්පිටිය, මහින්ද කොතලාවල ආදී නර්ථනාචාර්යවරුන්ගෙන් ඔපවත් ලෙස හැදෑරීමට ඇයට ඉඩහසර ලැබුණි. කොළඹ පදිංචියට ආ පසු නන්දන බාලසූරිය, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, සෝමදාස ඇල්විටිගල, සංගීත් නිපුන් පී.වී. නන්දසිරි, එස්. කෝට්ටේගොඩ, වසන්තා සන්දනායක යන උසස් කලාවේදීන්ගේ ඇසුර ලැබූ ඈ,ඔවුන්ගෙන් කලාව ගැන උගත් දෑ බොහෝය. එහි ප්‍රතිඵලය වූයේ වරාගොඩ බාලිකා පාසැලේ 8වැනි ශ්‍රේණියේ ඉගෙන ගත් දීපා ජාතික තරුණ සේවා සභාව පැවැත් වූ සමස්ත ලංකා කවි තරගයෙන් තෙවැනි ස්ථානය ලබා ගැනීමය. එතැන් පටන් 13 වසර දක්වා සමස්ත ලංකා කවි ගායනා තරගවලින් සහ රචනාවලින් ඈ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ගායිකාවක ලෙස සාමාර්ථ්‍යය ලද දීපා හෙට්ටිගේ ප්‍රථම වරට 'රන් සමනල' නමින් ගී සංයුක්ත තැටියක් නිකුත් කළාය. ඇගේ දෙවැනි සංයුක්ත තැටිය 'රන් ගෙත්තම්' නමින් නුදුරේදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නීය. ඒ පිළිබඳව ඈ පවසන්නේ මෙවැනි අදහසකි.

"මෙහි එන 'ආදරේ තරම කියා දෙන්න නම්' ගීතය මා අතින් ලියවුණේ 2014 වසරෙදියි. නොයෙක් මාර්ග ඉදිරියේ පෙනි පෙනී තමන් දමා ගිය හිතකට ගයන ගීතයක් ඒක. මේ සංයුක්ත තැටියේ එන 'මියුරු තෙපුල්' ගීතයෙන් ආදරයේ මිහිර ගැනයි කියැවෙන්නේ. 'පැලට වෙයන්' කියන්නේ එහි එන තවත් සිත්ගත් ගීතයක්. නව සංගීතවේදීන්ගේ සංගීත නිර්මාණවලින් මේ ගීත රසවත් කර රසික ජනතාවට රසවිඳීන්නට දීමයි මගේ බලාපොරොත්තුව."