සුනීත විනීත පොඩි හාමුදුරුවෝ

නෙත්සර දේවමිත්ත
පෙබරවාරි 24, 2022

ටීචර් අම්මා ටෙලි සිතුවමේ පොඩි හාමුදුරුවන් ඔබට මතකද. සුනීත විනීත පොඩිහාමුදුරුවෝ ලෙස වඩාත් ජනප්‍රිය වූයේ එම චරිතයයි. එම චරිතය නිරූපණය කළේ නෙත්සර දේවමිත්ත. මේ ඉන්නේ ඒ ළමා රංගන ශිල්පියා. නෙත්සරගේ පියත් කලාවට සම්බන්ධයි ඔහු රංගබුද්ධ. පාරම්පරික විහාර ශිල්පියෙක් ලෙසට කටයුතු කරනවා. ඒවගේම චිත්‍රපට ගණනාවක පසුතල නිර්මාණයෙන් දායක වන්නට රංගබුද්ධට හැකියාව ලැබුණා. එසේම ඔහු නිර්මාණ රැසකට රංගනයෙනුත් දායක වුණා. ඔහුගේ කලා හැකියාව පුතණුවන්ටත් ලැබිලා. මේ සටහන ඒ පුංචි පුතු නෙත්සර ගැනයි. 

මුලින්ම ස්තුතිවන්ත වෙනවා සරසවිය පත්තරේ මාමලා නැන්දලා සියලු දෙනාටම මට මේ අවස්ථාව ලබා දුන්නට. මගේ පළවැනි ටෙලි නාට්‍යය වුණේ මහවිරු පණ්ඩු, ඊට පස්සේ තමයි ටීචර් අම්මා ටෙලිනාට්‍යට කතා කළේ. ඒක අධ්‍යක්ෂණය කළ සුදත්ත තිලක්සිරි මාමා ෆේස්බුක් හරහා පෝස්ට් එකක් දාලා තිබුණා ළමා නළු නිළියන් අවශ්‍යයි කියලා. ඒකට පිළිතුරක් යැව්වා අපේ අප්පච්චි. ඒ හරහා තමයි මට මේ චරිතය ලැබුණේ. ගයාන් මහගලගේ කියන නාට්‍යයේ චඵඵඪඵබචදබ ඤඪපඥජබධප මාමා කතා කළා. එදා රෑම එන්න කිව්වා දර්ශන තලයට. එහිදී ස්ක්‍රීන් ටෙස්ට් එකක් එහෙම තියලා තමයි මාව මේ චරිතයට තෝරගත්තේ. මේ චරිතය නිසා මට කොණ්ඩය සම්පූර්ණයෙන් කපන්න සිද්ධ වුණා. නමුත් මම ඒක කළේ හරිම ආසාවෙන්. මුල් කාලේ සුදත්ත මාමගෙන් ටිකක් බැනුම් අහන්නටත් වුණා. නමුත් චරිතය අල්ලගත්තට පස්සෙ හොඳීන් නතචර කළා. මම ඉගෙන ගන්නේ එඬේරමුල්ල ශාන්ත සෙබස්තියන් විදුහලේ. අපි පදිංචි වෙලා ඉන්නෙත් එඩේරමුල්ලේ. මට අවුරුදු නමයයි. දැනට හතර වසරේ ඉගෙන ගන්නවා. රංගනය පැත්තෙන් ඉස්සරහට යන්න තමයි මම ආස. කරන්නේ ඒකට අපේ අම්මයි අප්පච්චියි උදව් කරනවා. හිරිපිටියේ රාළ කියලා නාට්‍යයක චරිතෙකට මට කතා කරලා තියෙනවා. ඒකේ පිටපත බලමින් ඉන්නවා. මගේ අම්මා ශ්‍රියානි දාබරේ. අම්මාවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම අනුරාධි කුරේරා සහ අයෝමි ටීචර්ලා දෙන්නාවත් මතක් කරන්නට ඕනේ.

ප්‍රසාද්