අපට හිතෙන හැටි

පෙබරවාරි 24, 2022

ජංගි හොරාට ඉහළ ප්‍රතිචාර

සෝමරත්න දිසානායකගේ ‘ජංගි හොරා’ හට සාර්ථක ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතී.

අප සමාජයේ බොහෝ විට දකින්නට හැකි නොයෙක් චරිත අතරින් සිටින පුරුෂ පක්ෂය ලිංගික පීඩනයට ලක් වී ස්තී‍්‍ර ශරීරය නිරූපණය කර තම ආශාවන් ඉටුකර ගැනීමට නොයෙක් ක්‍රියාවන් කිරීමේ දී සිදුවන කොන්වීම, තැලිීම්, හංවඩු ගැසීම තුළින් මානසිකව වැටීම තුළින් අවසනයට ඔවුන් හට අත්වන ඉරණම කුමක්දැයි පණිවිඩයක් ගෙන එන ‘ජංගි හොරා’ කාගේත් කතාබහට ලක් වූ නිර්මාණයකි.

එය සාර්ථක කරගැනීමට දැඩි වෙහෙසක් දරා අපට රසවිදින්නට උදාකර දුන් සෝමරත්න දිසානායක නිෂ්පාදිකා රේණුකා බාලසුරිය සහ රංගනයෙන් දායක වූ නළු නිළි කාර්මික ශිල්පීන්හට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරමු.

පාලක සමන් පෙරේරා

හැදල

******************

 

බෙග් මාස්ටර් ඔබට පින්

මොහිදීන් බෙග් නම් කෘතහස්ත ගායන ශිල්පියා ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ බෞද්ධ ජනතාවට ගීතයෙන් කළ මෙහෙය නම් මිල කළ නොහැකිය. අන්‍යාගමිකයකු වුවද ඔහු බෞද්ධ ගීත ගායනයට දැක් වූ දක්ෂතාවය නම් සුළු පටු නොවේ. ඔහු අපෙන් වෙන්ව වසර ගණනාවක් ගත වුවද අප රටේ අදටත් සෑම බෞද්ධ කටයුත්තකදීම ඔහුගේ හඬ නිසා ජනයා බුද්ධාලම්භන පී‍්‍රතියෙන් අවදි වේ.

ජගත් චන්ද්‍රසිරි / පූජා ජගත්සිරි - පස්යාල

******************

 

චතුර පෙරේරාට

සිංහල සිනමාව එකලු කළ ප්‍රවීන රංගන ශිල්පියෙකු ලෙස එල්.එම්.පෙරේරා රංගනවේදියා අපට හැඳින්විය හැකිය.

දශක ගණනාවකට පසු ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් චතුර පෙරේරා පියාගේ අඩි පාරේ ගමන යයි.

චතුර හා පුරා අධ්‍යක්ෂණය කළ ‘හතර වරං’ චිත්‍රපටය පැවති කොරෝනා වසංගතයත් සමගම පසුගාමී තත්ත්වයට පත්විය.

එනමුත් අධෛර්ය නොවී නැවත හොඳ නිර්මාණයෙන් නැවත අපි හමුවෙමු

චන්දන වන්නිආරච්චි

දෙහි අත්තකන්ඩිය

******************

 

‘සියපත් පොකුර’  යළි විකාශය කරන්න

අඟහරුවාදා දින රාත්‍රී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කළ ‘සියපත් පොකුර’ සංගීතමය විචිත්‍රාංගය, සංගීතයේ නියැළුණ සංගීත ශිල්පියෙකුගේ සංගීත දිවියේ ආරම්භය සහ වර්තමාන ක්‍රියාකාරිත්වය ගැන පැයකට අධික කාලයක් සාකච්ඡා කරන වැඩසටහනකි එය නැවත විකාශය කරන මෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

කෑගල්ලේ තටාකය පාරේ

තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල