FEEDBACK

මාර්තු 17, 2022

බොක්ස් ඔෆිස් රජු

සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු සුනිල් සෝම පිරිස් කලාකරුවා නික්ම යාම රසිකයන් හට මහත් පාඩුවකි. චිත්‍රපට 54ක් අධ්‍යක්ෂණය කළ අතර ඉන් දින 100 ඉක්මවූ “ මමයි රජා” “ඔබටයි පි‍්‍රයේ ආදරේ” වැනි චිත්‍රපට කැපී පෙනේ.

ඊ දයානන්ද සිල්වා - හික්කඩුව

 

විල්සන් ගුණරත්නට

විල්සන් ගුණරත්න වර්තමානයේ අපට සිටින ප්‍රතිභා පූර්ණ කලාකරුවෙකි. වචනයේ අර්ථයෙන්ම අති දක්ෂ රංගන ශිල්පියෙකු වන ඔහු චරිතවලට ජීවය ලබා දෙන්නේ නිසග හැකියාවෙනි.

දශක ගණනාවක සිට වේදිකාව සිනමාව පුංචි තිරය සරසන මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා ක්ෂේත්‍රයට ලබා දෙන දායකත්වය සුළු පටු නොවේ.

ඔබට සුභ අනාගතයක්

ඩබ්.ඒ.කේ. මොහාන් - මහවැලි සී කලාපය

 

 

හිත ඉල්ලන තරු විනෝදයි

 

ස්වර්ණවාහිනි නාලිකාවේ ඉරිදා රාත්‍රී 9.30 - 12.00 දක්වා විකාශය කරනු ලබන විවිධ කලා ශිල්පීන් හයදෙනෙකු මැදිරියට ගෙන්වා ඔවුන්ගේ අමතක වී ගිය හාස්‍ය ජනක සිද්ධීන් මතකයට නංවාලමින්, නටමින් ගී ගායනා කරවීම රංගන විසින් ඉතා මැනවින් ඉටු කරන අයුරු ඉතා විනෝදාත්මකයි.

තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල - කෑගල්ල

 

 

කලා දිවියට සුබ පැතුම්

 

ර්ඡ්ඊඅර්‍ණ හීන ටෙලි නාට්‍යයේ ශානකගේ චරිතයෙන් ටෙලිනාට්‍යයට විශාල ආලෝකයක්, ජවයක් ලබා දීමට සජිත අනුත්තර ඇන්තනී සමත් වේ. කලා පවුලෙන්ම පැවත එන ප්‍රතිභාව ද ගුරුහරුකම් ද ඊට රුකුලක් විය. අඳුන්ගිර ටෙලිනාට්‍යයේද ගැමි චරිතය අපූරුවට රඟන සජිත අනුත්තර ඇන්තනිගේ කලා දිවියට සුබ පතමි.

ඩඩ්ලි ගෝමස් - මොරටුව

 

 

 

ධනුෂ්ක

ඔබේ පැතුම් ඉටුවේවා

 

ධනුෂ්ක සම්පත් ආදරය කරන රංගන ජීවිතයේ පෙර මඟ ලකුණු ඉතාම සුබය. රංගනය කෙරෙහි ඔබ දක්වන ආදරය, උනන්දුව ඔබේ ඉදිරි රංගන දියුණුවට මඟ පාදන්නකි.

මිණිපුර මිණි කැටයක් වන ඔබේ සියලුම කලා කටයුතු ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඉටු වී ජනපි‍්‍රය නළුවාගේ සම්මානය අනිවාර්යෙන්ම ලැබේවායි මම ඔබට සුබ පතමි.

සෝමා එච්.පතිරණ - කහවත්ත

 

 

 

නංගි බබා චරිත එපා

නාලිකාවල විකාශය වන හරවත් ටෙලිනාට්‍ය පටන් ගැන්මේ සිට රස විඳින අතරතුර අලුත් චරිත නංගි බබාලා ලෙස පැමිණෙති. එවිට කුඩා ළමුන්ට වැඩිහිටියන් සමඟ නැරඹීමට අප්‍රසන්න බවක් ඇති වේ. ළමයින් එම චරිත කොපි කිරීමක් සිදු කළ හැකි බැවින් ටෙලිනාට්‍ය තුළට නංගි බබා චරිත ඔබින්නේ නැත.

පාලක සමන් පෙරේරා - හැදල

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න