FEEDBACK

ජුනි 16, 2022

‘ජෝති අයියේ ඔබට පිං!

ඔබ නැතත් ඔබේ හඬ අපට දායාද කළ ෂෙහාන් ජීවන්ත රූපවාහිනි වැඩ සටහනෙන් අපට නැවත ජෝති ජීවය හඬ දුන්නා. ඔබ අප අතරම සජීවීව ජීවත් වෙන්න.

වඳුරම්මුල්ලේ / ජයනාත්

*************************

 

 

කලණ ගුණසේකරට

දෙරණ නාළිකාවේ විකාශය වන පොදු 2 නාටකයේ ඔබේ රොමෑන්ටික් රඟපෑම හරිම අපුරුයි. කලින් ඔබේ චරිත හා සසඳන කල මේ චරිත රඟපෑම රසික අපට සිතා ගන්නට බැහැ. එහි මුලික අයිතිය ඔබේ බිරිඳට හිමිවිය යුතු යැයි මගේ හැඟීම. මොකද ඔබේ එකාකාරී චරිතවලින් ඔබව වෙනස්ම මාවතකට යොමු කළේ ඇයයි. අපේ ප්‍රණාමය ඇයට හිමිවේ.

පියුමි වික්‍රමසිංහ

කදාන

*********************

 

 

ආදරය දැනුණු ‘ආශාවරී’

ආශාවරී චිත්‍රපටයේ රඟපාන නවක නිළි ඉසංකා දෙමළ යුවතියක් ලෙසත් හේමාල් රණසිංහ හමුදා නිලධාරියකු ලෙසත් චිත්‍රපටය පුරා නරඹන පේ‍්‍රක්ෂකයන්ට ආදරය දැනෙන ලෙස රංගනයේ නියැලේ ඔබ දෙපළට සුබ පැතුම්!

ඩිලිනි

කරාපිටිය

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න