වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
සිනහා.... කඳුළු....එනවා... යනවා...

1989 වසරේ ජනවාරි මාස හයවන දින තිරගත වූ ‘මමයි රජා’ චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයේ වාර්තාගත ආදායමක් ඉපයු වාණිජ සිනමා පටයකි. මෙය විජය කුමාරතුංගයන්ගේ අකල් වියෝවෙන් පසුව තිරගත වූ චිත්‍රපටයක් වූ බැවින් විජයට ආදරය කළ රසිකයින් ඔහු දැක ගැනීම උදෙසාම චිත්‍රපටය නැරඹූ බව රහසක් නොවේ. ඒ අනුව දින 200ක් පුරා අඛණ්ඩව මෙම චිත්‍රපටය තිරගත විය.
වානිණි සිනමාවේ දැවැන්තයකු වූ සුනිල් සෝම පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි නිෂ්පාදන දායකත්වය සෝනියා දිසානායක හා සුනිල් ටී. ප්‍රනාන්දුය.
විජය කුමාරතුංග, ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, අනෝජා වීරසිංහ, ෆ්‍රෙඩි සිල්වා, රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, සෝනියා දිසා ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වූ මේ චිත්‍රපටය හින්දි චිත්‍රපටයේ අනුකරණයක් ලෙස නිර්මාණය වූවකි. වානිජ සිනමාවට ආවේණික පේ‍්‍රමය, සටන් ජවනිකා පළිගැනීම්, මෙන්ම ගීත ද සහිත වාණිජ සිනමාවේ වට්ටෝරු ගත අඩුවැඩි සියල්ලම මේ චිත්‍රපටයේ ද අන්තර්ගත විය.
නොකළ වරදකට සිරගත වූ කුඩා කල වෙන්වුණු අයියා සහ මල්ලීගේ නැවත හමුවීමක් සිදුවන අවස්ථාවක චිත්‍රපටයේ මෙම ගීතය ගායනා කෙරේ. ඔවුන් කුඩා කාලයේ ඔවුන්ගෙ ් සීයා විසින් ගායනා කළ මෙම ගීතය දෙදෙනාටම හොඳින් මතකය. ඔවුන් වැඩිවියට පැමිණ සිටිය ද එම ගීතය මතකයෙන් ගැයීමට ඔවුනට හැකිවේ. ඒ අහඹු සිදුවීම ඔස්සේ කුඩා කල අහිමි වුණු සහෝදර පේ‍්‍රමය නැවත මුණ ගැසීම මෙහිදී සිදුවේ.
තාවකාලීක නවාතැන්පොලක් වූ මේ ජීවිත රඟ මඬල තුළ සිනහව සහ කඳුළ කාටත් උරුමය. ඒ දෙකම අපේ ජීවිතවලට වරින් වර පැමිණේ. නොමැරෙන මිනිසුන් ලෙස ඇතැම්හු ජීවත්වීමට උත්සහ කළ ද මෙම තාවකාලික රඟ මඬලින් නොසිතූ මොහොතක නික්ම යන්නට අපි කාටත් සිදුවේ.
විටෙක ජීවිතය මායාවක් සේ හැඟේ. මේ සියල්ල තාවකාලික රංගනයන් පමණක් ම වේ. මේ භවය ඉක්මනින් නිමා කර නැවත අපට යන්නට සිදුවේ. ඒ ජීවත්ව ඉන්නා ටික කාලය තුළ හොඳින් සතුටින්, අර්ථවත් ලෙස ජීවත් වීම මනුෂ්‍යතා මිනිසත් බව ලැබූ සිල්ලන්ගේම යුතුකම මේ ලොව තුළ සදාකාලික ජයක් හෝ සදාකාලික පැරදුමක් ද නොවේ. නමුත් වැරදි නිවැරදි කර අසාධාරණය අයුතුකම් මැඬගෙන මේ ජිවත්ව ඉන්නා කෙටි කාලය තුළ ජීවිතය දිනාගත යුතුවේ. එය ඔබ මිය ගිය ද ලොව තුළ පවතීන සත්‍යයකි. සිහිනවක් කඳුළක් හැම ජීවිතයකටම පොදු බව වටහාගෙන ජීවත්වීම තුළ ජීවිතය විඳිය හැකිවේ.
එච්.ආර්. ජෝතිපාලයන් හා ශ්‍රේෂන් ආනනන්දයත් විසින් ගායනා කළ ඉතා මියුරු හැඟුම්බර මේ ගායනය අදටත් එකසේ ජනපි‍්‍රය ගීතයක් බවට පත්ව තිබේ. මේ චිත්‍රපටයේ සෑම ගීතයක්ම පාහේ අතිශය ජනපි‍්‍රය වුව ද මෙම ගීතය රසිකයින් අත අතර අදටත් බොහෝ සේ ජනපි‍්‍රය ගීතයකි.
දහ අටවන සරසවිය සම්මාන උලෙළේ ජනපි‍්‍රයතම චිත්‍රපටයට හිමි සම්මානය මේ චිත්‍රපටයට හිමිවිය. එවක නොමඳ පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් හිමිකර ගත් මේ චිත්‍රපටය හෙළ සිනමාවේ තරු ලකුණු හිමි ඒ දැවැන්ත සිනමා තරුව වූ විජය කුමාරතුංගයන් අවසන් වරට රඟපෑ චිත්‍රපට අතුරින් එකකි. එවක සිනමාවේ ජනපි‍්‍රය පෙම් යුවළ බවට විජය සබීත, පත්ව සිටි අතර ඔහුගේ අකල් වියෝව නොවන්නට විජය - සබීතා යුගයක් ද ඇති වීමට අවකාශ තිබුණි.
