ගෙහාන් කුරේ රඟ පෑ අමෙරිකාවේ තැනූ ද බිලියනෙයර් ලංකාවේ

මාර්තු 11, 2021

 

පසුගිය වසරේ පැවැත්වුණු කැලිෆෝනියාවේ බර්බෑන්ක් අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම ප්‍රහසන චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූ මයිකල් පිලිප් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ද බිලියනෙයර් සිනමාපටය මෙම මස 19 වැනිදා සිට මෙරට සිනමාශාලා කිහිපයක දී තිරගතවීම ආරම්භවේ. මෙය ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා සුදුසුකම් ලැබූ චිත්‍රපටයකි. හොලිවූඩයේ ශිල්පීන්ගේ දායකත්වයෙන් නිර්මාණයවූ බිලියනෙයර් කැනඩාවේ රූපගත කළ චිත්‍රපටයකි 1930 දශකයේ ලියැවුණු ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ he millionairess  නාට්‍යයේ අනුවර්තනයක් ලෙසින් නිර්මාණය වූ ද බිලියනෙයර් චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයකු වන ගෙහාන් කුෙර්ය. එහි විධායක නිෂ්පාදනයෙන්, සංස්කරණයෙන්, සහ පස නිෂ්පාදක අධීක්ෂක ලෙස කටයුතු කරනු ලැබුවේද ඔහුය. ගෙහාන් සමඟ ජෝර්ඩන් බෙල්ෆි, රැන්ඩි චේන්, ඩේව් සැන්ටෝස්, හෙදර් ටොම් ද බිලියනෙයර් හි සෙසු චරිත රඟපාති.