මෙන්න අලුත් චිත්‍රපට

මාර්තු 11, 2021

විද්‍යා ප්‍රබන්ධයක් Outside the Wire

මයිකල් හොෆ්ස්ට්‍රෝම් විසින් අධ්‍යක්ෂණය කළ අවුට්සයිඩ් ද වයර් ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයකි. පසුගිය ජනවාරි 15 වැනිදා නෙට්ෆ්ලික්ස් විසින් නිකුත් කරන ලද එහි කතාව න්‍යෂ්ටික ප්‍රහාරයක් නැවැත්වීමේ මෙහෙයුමක නිරතව සිටින ඩ්‍රෝන් නියමුවෙකු වටා ගෙතී ඇත. ඇන්තනි මැකී, ඩැම්සන් ඉඩ්‍රිස්, එමිලි බීචම්, මයිකල් කෙලී, පිලෝ අස්බක් ඇතුළු පිරිසක් අවුට්සයිඩ් ද වයර් චිත්‍රපටයේ චරිත මවති.

පවුල් දෙකක කතාවක් Taish

තායිෂ් යනු පසුගිය වසරේ ඔක්තොබර් මස නිකුත් වූ ත්‍රාසජනක හින්දි චිත්‍රපටයකි. බෙජෝයි නම්බියාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර එහි පුල්කිත් සමරත්, හර්ෂවර්ධන් රනේ, ජිම් සර්බ් නේහා ශර්මා සහ ක්‍රිති ඛර්බන්දා රංගනයෙන් දායක වී ඇත. සී5 ඔස්සේ නැරඹිය හැකි තායිෂ් ලන්ඩනයෙන් පිටත එකිනෙකට වෙනස් පවුල් දෙකක් වටා ගෙතී ඇත.

අපූරු පෙම් කතාවක් Nishabdham

නිශ්බ්දම් යනු පසුගිය වසරේදී නිකුත් වූ තෙළිඟු චිත්‍රපටයකි. හේමන්ත් මධුකාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි අනුෂ්කා ෂෙට්ටි, ආර්. මාධවන්, අංජලී සහ ශලිනි පාණ්ඩේ ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. කථන දුර්වලතා සහිත කලාකාරිණියක සහ කීර්තිමත් සංගීතඥයෙකු හමුවන කතාපුවතක් මේ ඔස්සේ දිගහැරේ. ඇමේසන් ප්‍රයිම් ඔස්සේ නිශ්බ්දම් නැරඹිය හැකිය.

බේකරියක තරගයක් Saajan Bakery

අරුන් චන්දු විසින් අධ්‍යක්ෂණය කරන ලද සාජන් බේකරි පසුගිය පෙබරවාරි 12 වැනිදා නිකුත් වූ මලයාලම් චිත්‍රපටයකි. අජු වර්ගිස්, ලීනා, රංජිත් මෙනන් සහ කේ. බී. ගනේෂ් කුමාර් රංගනයෙන් දායක වන එහි කතාව බේකරියක් හිමි එදිරිවාදිකම් පිරි පවුලක් වටා ගෙතී ඇත. සාජන් බේකරි ඇමේසන් ප්‍රයිම් ඔස්සේ නැරඹිය හැකිය.

යතේජා