ගෙදරට ආ තරු සටන

මාර්තු 25, 2021

Mandalorian

ජෝජ් ලූකස් විසින් නිර්මාණය කෙරුණු StarWars චිත්‍රපට මාලාව හොලිවුඩ් චිත්‍රපට රසිකයන්ට කිසිසේත්ම නුපුරුදු වූවක් නොවේ. 1977 වසරේ තිරගත වුණු පළමු StarWars චිත්‍රපටය, StarWars: EpisodeIV–ANewHopeඅභ්‍යවකාශ වීර කාව්‍යයන් නව ඉසව්වකට ගෙන ගිය චිත්‍රපටයක් ලෙස ඉතිහාස ගතවේ. ඇමරිකානු ඩොලර් මිලියන 11 ක පිරිවැයකින් නිෂ්පාදනය වුණු මෙම චිත්‍රපටය මේ වන විට ලොව පුරා ලබා ඇති ආදායම ඩොලර් මිලියන 778 ඉක්මවයි. මෙලෙස ඇරැඹි StarWars ‘ෆ්‍රන්චයිසය’ කෙටි කාලයක් ඇතුළත ලොව ජනප්‍රිය සංස්කෘතියේ සංකේතයක් ලෙස ඉදිරියට පැමිණි අතර, පිළිවෙළින් 1980 සහ 1983 වසරවල තිරගත වුණු මීළඟ StarWars චිත්‍රපටද විචාරක පැසසුම් අතින් සේම වාණිජමය වශයෙන්ද අතිශය සාර්ථකත්වයක් ලැබූ චිත්‍රපට විය.

1985 වසරේ දී පළමු වරට චිත්‍රපට මාලාවට අතුරු කතාවන් ලෙස ‘Droids’ සහ ‘Ewoks’’ යන නම්වලින් රූපවාහිනී කාටූන් කතා මාලා දෙකක් විකාශය විය. මින් ‘Droids’ කතා මාලාව, චිත්‍රපට මාලාවේ සුලබ චරිත දෙකක් වූ R2-D2 සහ C-3PO යන රොබෝවරුන් දෙදෙනා පදනම් කරගනිමින්ද,‘Ewoks කතා මාලාව, තෙවැනි StarWars චිත්‍රපටයේ දී දුටු ‘Ewoks’ නම් වූ කුඩා වලසුන් පෙනුමැති හුරුබුහුටිජීවී කොට්ටාසයක් පදනම් කරගෙනද නිර්මාණය විය. මීළඟ StarWars රූපවාහිනී කතා මාලාව - CloneWars නමින් 2003 වසරේ තවත් කාටූන් කතා මාලාවක් ලෙස විකාශය වූ අතර StarWars ෆ්‍රන්චයිසයට පළමු වරට පරිගණක සජීවීකරණ රූපවාහිනී මාලාවක් එක්වූයේ 2008 වසරේ ‘TheCloneWars’ යන නමිනි. Disneyසමාගම විසින් StarWars නිර්මාතෘ LucasArts සමාගම අත්පත් කර ගැනීමෙන් පසු මීළඟ ඉබචප එචපඵ රූපවාහිනී කතා මාලා නිර්මාණය වුණු අතර ඒවා පිළිවෙළින් ‘Rebels’ සහ ‘Resistance යන නම් වලින් 2014 සහ 2018 යන වසරවල

 විකාශය ඇරඹිණි. StarWars ෆ්‍රන්චයිසයට එක්වන ප්‍රථම සජීවී ක්‍රියාදාම රූපවාහිනී කතාමාලාව වන ‘TheMandalorian’ 2019 වසරේ විකාශය ඇරැඹි අතර මෙම ලිපියේ මතු කතාබහ ඒ ගැන වේ.

ඇමරිකානු අභ්‍යවකාශ-බටහිර (Spacewestern) රූපවාහිනී කතා මාලාවක් වන Mandalorian, starwars තෙවැනි චිත්‍රපටය වන TheReturnoftheJediහි සිදුවීම්වලින් වසර පහකට පසු කාලයක් පසුතලය කොට නිර්මාණය වූවකි. සිරුරම වැසී යන වානේ සන්නාහ කට්ටලයකින් සන්නද්ධ වූ ‘මැන්ඩලෝරියන්’ ජාතික ස්වාධීන මිනිස් දඩයම් කරුවෙකු ((BountyHunter) ගේ වික්‍රමයන් පදනම් කරගෙන මෙම කතා මාලාව නිර්මාණය වී ඇත. එක්තරා නීති මාලාවක් ගුරුකොට තබා ගන්නා චරිතයක් වන ඩින් ජරින් නම් මේ මැන්ඩලෝරියන් වරයාට භාර වන නවතම රාජකාරිය වනුයේ එක්තරා බලගතු සත්ත්ව කොට්ටසයකට අයත් ‘වසර 50ක් වයසැති ළදරුවෙකු’ පැහැරගෙන විත් මේ වනවිට පරාජිතව සිටින ‘අධිරාජ්‍යයේ’ නියෝජිතවරයෙකුට භාර කිරීමයි. StarWars චිත්‍රපට මාලාවේ එන ප්‍රමාණයෙන් කුඩා, නමුත් මානසික ශක්තියෙන් ඉහළ ‘යෝදා’ නම් ‘ජෙඩායිවරයාගේ’ වර්ගයේ ළදරුවෙකු ලෙස StarWars රසිකයින්ට සැණෙකින් මේ ළදරුවා හඳුනාගත හැකිය. ළදරුවා රැගෙනවිත් ඒ වෙනුවෙන් ඉතා වටිනා ත්‍යාග මුදලක්ද ලබා ගන්නා මැන්ඩලෝරියන් පසුව ළදරුවාගේ ආරක්ෂාව ගැන සැක කරන අතර නියෝජිතයාගෙන් නැවතත් ළදරුවා පැහැරගෙන පලා යයි. නීතිගරුක මැන්ඩලෝරියන්වරයෙකුට නොවටිනා මෙම ක්‍රියාවෙන් කුපිත වන නියෝජිතයා ළදරුවා හා මැන්ඩලෝරියන් දඩයම් කිරීමට මිනිස් දඩයම්කරුවන් යොදවන අතර වරෙක ඔවුන් මඟ හරිමින්ද වරෙක ඔවුන් හා සටන් වදිමින්ද දරුවා ආරක්ෂා කරගනිමින් සක්වළ ග්‍රහලෝක සිසාරා සක්මන් කිරීම හැර වෙනත් විකල්පයක් මැන්ඩලෝරියන්ට නොමැති වේ. ඒ ගමන්වලදී මේ දෙපළ මුහුණදෙන ත්‍රාසජනක අත්දැකීම්වලින් මෙම කතා මාලාව සමන්විත වේ.

Disney+ නාළිකාවේ 2019 නොවැම්බර් මස පළමුවරට විකාශය ඇරැඹි කතා මාලාවේ පළමුවන අදියර කොටස් අටකින් සමන්විත වූ අතර, 2020 ඔක්තෝබර් මස විකාශය ඇරැඹි දෙවැනි අදියරද කොටස් අටකින් සමන්විත විය. සම්මානලාභී ඇමෙරිකානු අධ්‍යක්ෂවරයෙක් වන ජොන් ෆව්රූ විසින් ප්‍රධාන වශයෙන් අධ්‍යක්ෂණය කෙරුණු මෙම කතා මාලාවේ ප්‍රධාන චරිතය වන මැන්ඩලෝරියන් ඩින් ජරින් ගේ චරිතය චිලියානු-ඇමෙරිකානු නළුවකු වන පෙද්‍රෝ පැස්කල් විසින් පණ ගැන්වේ.

TheMandalorian, 2020 වසරේ මිනිත්තු බිලියන 14.5 ක මුළු ප්‍රේක්ෂක කාලයක් නරඹා ඇති බව වාර්තා වන අතර,සාපේක්ෂ වශයෙන් කෙටි සම්පූර්ණ විකාශ කාලයකින් සමන්විත වූ මෙය ඒ අතින් ඉහළ ජනප්‍රියත්වයක් පෙන්නුම් කරයි. ජ්ධපඡඥඵ සඟරාවට අනුව විශිෂ්ට සාර්ථකත්වයක් පෙන්නුම් කළ කතා මාලාවක් වන මෙය විචාරකයින්ගේද ඉතා ඉහළ පැසසුමට ලක් වී ඇත. රෝටන් ටෝමැටෝස් අඩවියේ විචාරකයින් 36 දෙනෙකුගෙන් 93% ක් මෙය අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 7.97/10 ක් වේ. එහි පොදු විචාරයට අනුව මෙය “ක්‍රියාදාමයන්ගෙන් පරිපූර්ණ - ප්‍රවීණ මූර්තියකි. ස්ටාර් වෝස් විශ්වයට අගනා එකතුවකි. එලෙසම මැන්ඩලෝරියන් විසින් රැගෙන යන ‘පැකේජයේ’ (ළදරුවාගේ) හුරුබුහුටි බවින් ඔපවත් වී ඇත”. ‘Visual Effects Society Awards’ ද්විත්වයකටද ‘Primetime Creative Arts Emmy Awards’ සයකටද උරුමකම් කියා ඇති ‘TheMandalorian’මේ වන විට ලබා ඇති මුළු සම්මාන ගණන 11 ක් වන අතර, තවත් සම්මාන රාශියකට නාම යෝජනා වී ඇත.