වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
Block Busters

MADE IN CHINA
රඝු අත ගහන හැම ව්‍යාපාරයක්ම කඩා වැටුණ තරුණයෙක් . පියා අතින් ඔහු අතට පත් පවුලේ සියලු ව්‍යාපාර ඔහු අතින් ඇද වැටිලා. පවුලේ සෙසු සාමාජිකයන්ගෙන්වත් ඔහු ගැන අගය කිරිමක් නැහැ. එහෙත් ඔහු කිසිවිටෙකත් සිය ධනාත්මක චින්තනය බැහැර කර ගෙන නැහැ. කොහොම හරි පවුලේ වෙනත් ව්‍යාපාරික කටයුත්තකට මිනිහාට චීනයට යන්නට ඉඩ ලැබෙනවා. ඉතින් එහිදී අලුත් ව්‍යාපාරයකට අත ගහන්න රඝුට ඉඩ ලැබෙනවා. ව්‍යපාරය නැඟලා යනවා. ඉන්දියාව හොල්ලපු චීන නිෂ්පාදන මොනවාද? ඒක ගැන කියලා වැඩක් නැහැ. බලන්නම ඕනෑ. සාමාන්‍යයෙන් අපට ඉන්දියානු බඩු ගැනත් චීන බඩු ගැනත් තියෙන්නේ එකම අකල්පයක් නේ. ඒ නිසා චීනය හා ඉන්දියාව අතර කෙරෙන මේ වෙළෙඳ ගනුදෙනුව ගැන නම් බලන්නම වටිනවා. හොඳ ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. රාජ් කුමාර් රාඕ. මෞනි රෝයි, බෝමන් ඉරානි, අභිෂේක් බැනර්ජි, පරේෂ් රාවල් ආදින් මෙහි චරිත නිරූපණය කරනවා. මික්හිල් මුෂාලේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ.
NARAPPA
වසර 1980. ආන්ද්‍රා ප්‍රදේශයේ දුෂ්කර පළාතක් වූ ආනන්තපූර් දිස්ත්‍රික්කයේ කුඩා ගම්මානයක් අසලින් ගලන ගඟක් රහසේ තරණය කරන පිය පුතු දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා ළඟ ඇත්තේ බෝම්බ. ඒ ඔවුන් විසින්ම තනා ගන්නා ලද ඒවා. එම ගම්මානයේම මිනිසකු, ගැහැනියක හා දැරියක පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. මේ තාත්තා නරප්පාය. පුතා සීනප්පා. සෙස්සෝ නරප්පාගේ භාර්යාව, ඇගේ සොහොයුරා, හා දියණියයි. ඔවුන්ට වැඩිමහල් දරුවකු ද සිටියා. මේ පිරිස කලකට ඉහත ගමේ ගොවිතැන් බතක් කරගෙන නිහඬව ජීවත් වූ මිනිසුන්. ගැටලුව ඇති වනුයේ මේ ඉඩම් ධනවත් ඉඩම් හිමියකු වූ පණ්ඩුස්වාමිට අවශ්‍ය වූ විටයි. ඔහුටත් ඔහුගේ තරුණ පුතුටත් මේ අක්කර තුන අවශ්‍ය සිමෙන්ති කම්හලක් හදන්න. මේ වසරේ තෙළිඟු සිනමාවට එක් වූ අලුත්ම චිත්‍රපටය නාරප්පාට පාදක වනුයේ මේ කතාව. මෙයට පෙර මේ කතාව අසුරන් නමින් දෙමළ චිත්‍රපටයක් එළිදුටුවා. මේ එහි තෙළිගු නිර්මාණය. කොහොම වුණත් මෙයට පාදක වනුයේ 1968 වසරේ වසර ගණනාවකට පෙර තමිල්නාඩුවේ සිදු වූ සත්‍ය සිදුවීමක්. එය ඇසුරෙන් ලියැවුණු සිදුවීම සම්මානනීය සිනමාවේදී වෙට්‍රිමාරන් විසින් මුලින් සිනමාවට නැඟුවා. මෙවර තෙළිගු චිත්‍රපටයේ තිරනාටකයත් වෙට්‍රිමාරන්ගෙන්. මෙහි වෙන්කටේෂ් නාරප්පාගේ චරිතය රඟපානවා. දෙමළ චිත්‍රපටයේ මේ චරිතය රගපෑවේ ධනුෂ්. ප්‍රියමානි, අම්මු අභිරාමි, නසාර්,රාඕ රමේෂ් මෙහි සෙසු චරිත රඟපානවා. ශ්‍රීකාන්ත් අද්දාලා විසින් අධ්‍යක්ෂණය කරන ලද නාරප්පා නිෂ්පාදනය සුරේෂ් බාබු ගෙන්.
IKKAT
මේ දවස්වල නිරෝධායන ඇඳීරි නීතිය නිසා ගෙදරට වෙලා ඉන්න කොට බලන්නම වටිනා චිත්‍රපටයක්. වාසු හා ජාන්වි තරුණ අඹු සැමි යුවළක්. වාසු නම් රැකියාවක් කරනවා. ජාන්විත් ඔය ටික් ටොක් ඉදිරිපත් කරනවා. හැබැයි ගෙදරට රිංගලා ඉන්න මකුලුවා එළවා ගන්න බෑ. දෙන්නගේ ඒතරම්ම වාදේ. මෙන්න එක පාරට නරේන්ද්‍ර මෝඩි අගමැති ටෙලිවිෂනයේ බ්‍රේකිං නිව්ස් එකක. රට දින විසි එකක් වහලා. කොවිඩ් හන්දා. එකිනෙකාට පෙන්න බැරි දෙන්නා ගෙදරට වෙලා ඉන්න එපායැ. කොහොම වුණත් ගෙදරට වුවමනා කරන බඩු බාහිරාදිය තෝරන විදියෙන්ම අවුල පේනවා. ඒ අතරේ අල්ලපුගෙදර ඉන්න හාදයාට නිරෝධායන නීති වලංගු නැති ගානයි. /////කොච්චරවත් මේ ගෙදරට රිංගන්න බලාගෙන. කාටත් හොරෙන් ටික් ටොක් තරුවක් ගෙට රිංගලා.////// ඒ ජාන්වි ගේ වීරයෙක්. තියන කෑම ටිකෙන් වාසුටත් හොරෙන් කෑම හදන්නත් වෙලා. ඒ අතරවාරයේ කවදාවත් ආවේ නැති නෑයෙක් ඇවිල්ලා. මේ කොරෝනා දවස්වල. කන්නඩ බසින් තැනුණ මේ චිත්‍රපටය මේ සංචරණ සීමා එක්කම හදපු චිත්‍රපටයක්. නාගභූෂනම්, බූමිකා ෂෙට්ටි, සුන්දර් වීණා ඇතුළු සිව් දෙනෙක් මේ චිත්‍රපටය රස ගන්වනවා. ඊෂම් හා හසීන් යන ඛාන් සොහොයුරන් දෙදෙනා තමයි මේ අපූරු චිත්‍රපටය තනා තියෙන්නේ.
REVENGE
ජේන් කියන්නේ දැක්කොත් ආපහු හැරී බලන්න හිතෙන තරුණියක්. ඇය සිය ධනවත් පෙම්වතා වූ රිචඩ්ගේ ආරාධනයෙන් ඈත කාන්තාර පෙදෙසක නිවාඩුවකට යනවා. ඔහු විවාහකයෙක්. මේ නිවාඩු කාලය අතරතුර රිචඩ්ගේ හොදම යාළුවෝ දෙන්නෙක් ස්ටාන් හා දිමිත්‍රි මේ දෙදෙනාට එක්වෙනවා. ජේන්ගේ රුවට වසඟවන ස්ටාන් අතින් ජේන් අතවරයට ලක්වනවා. ඇය හිතන්නේ රිචඩ් ඇයට උදව් කරාවි කියලා. හැබැයි එහෙම වෙන්නේ නෑ. සිදුවන දේ භයංකාරයි. හැබැයි පළිගැනීම එයටත් වඩා දරුණුයි. මේ අපූරු ප්‍රංශ ත්‍රාසජනක චිත්‍රපටයේ චරිත හතරයි. පවුලේ සියල්ලන්ට එකට සිට නරඹන්නට නම් අප නිර්දේශ කරන්නේ නැහැ. ටිකක් වයලන්ස් වැඩියි .මැටිල්ඩා ලුට්ස්, කෙවින් ජැන්සන්ස්, වින්සන්ට් කොලොම්බේ, ගිලමේ බෝෂේඩ් මෙහි චරිත මවනවා. කොරලි ෆෑජෙට් මේ චිත්‍රපටය නිර්මාණය කළා.
POLAR
ඩන්කන් විසියා හෙවත් බ්ලැක් කයිසර් පනස්වැනි ජන්ම දිනය දවසේ සිය සේවයෙන් විශ්‍රාම යන්නට තීරණය කරනවා. ඔහු වෘත්තිය කුලී ඝාතකයෙක්. ඔහු සේවය කළ ආයතනය මඟින් මේ දක්ෂ කුලී ඝාතකයාට ගෙවන ලද විශ්‍රාම පාරිතෝෂිකය ඩොලර් මිලියන අටක්. මේ අතරවාරයේ ඔහුගේ පැරැණි සගයකු අලුත් කණ්ඩායමක් මඟින් ඝාතනය කරනු ලබනවා. සුන්දර පෙදෙසක ජීවත්වන්නට යන ඩන්කන්ට අලුත් අසල්වැසියකු පැමිණෙනවා. ත්‍රාසයත් භීතියත් රාගයත් යන කාරණා තුනම එකවර සංකලනයක් කළ චිත්‍රපටයක්. මැඩ්ස් මිකල්සන්, වැනෙසා හඩ්ගන්ස්, කැතරින් විනික්, මැට් ලුකස් ආදින් චරිත නිරුණය කළ පෝලා ජෝනාස් ඒකර්ලන්ඩ්ගේ අධ්‍යක්ෂණයක්.
SARVAM THALA MAYAM
මෘදංග නිර්මාණය කරනුයේ කොස් ගසත් හරක් හමත් යොදාගෙන. එය බෙහෙවින්ම සීරුවට කළ යුතු කාර්යයක්. එය හදන පරම්පරාවේ මිනිසුන්ට ඉන්දියාවේ කුල ක්‍රමය හේතුවෙන් වයන්න ලැබෙන්නේ නැහැ. පීටර් ජොන්සන් මේ මෘදංග හදන පරපුරක අලුත් සාමාජිකයෙක්. එමෙන්ම සුප්‍රකට සිනමා නළු විජයගේ රසිකයෙක්. වෙම්බු අයියර් කියන්නේ මෘදංග වාදනයේ සිටින විශිෂ්ටතම වාදකයා. මේ අපූරු සිනමා සිත්තම චමත්කාරජනක රූප ගැන්වීමක් සහ අපූර්වතම සංගීත නාද රටාවෙන් ඔබ මත් කරවනවා නිසැකයි. රජීව් මෙනන් නම් සම්මානනීය සිනමාවේදියා විසින් නර්මාණය කරන ලද සර්වම් තාල මායම් සංගීතවත් කරන ලද්දේ ඒ.ආර්.රෙහ්මාන් විසින්. ජී.වී.ප්‍රකාශ් කුමාර්, මෙහි පීටර් ලෙසත්, සුප්‍රකට මලයාලම් නළු නෙදුමුදි වේනු මෙහි වෙම්බු අය්යිර් ලෙසත් චරිත මවනවා. අපර්ණා බාලමුරලි. විනීත්, කුමාරවේල් මෙහි සෙසු චරිත නිරුපණය කරනවා.
HAPPY NEW YEAR
සියලුම කොවිඩ් -19 සීමාවන් දැඩි ලෙස පිළිපදින ශෘති හසන්, මෑතකදී එන්නත් දෙකම ලබාගෙන මාස තුනකට සිනමාවෙන් දුරස් විය. පසුගිය කාලයේ සීමාවන් ලිහිල් කළ අවස්ථාවේදී නිවාඩුව සඳහා විවේක ගත් පුද්ගලයන් ගැන ඇය මෑතකදී සිය අදහස් දැක්වූවාය.මේ අවස්ථාවේදී තමා කිසිවෙකු විනිශ්චය කිරීමට නොවන නමුත් තමාට අනුව වෛරසයෙන් ගැලවීමට හැකි යැයි සිතමින් සංචාරයේ යෙදෙන යමෙකු සිටී නම් ඔවුන් කනගාටුවට පත් විය යුතුයි. එවැනි අය බුද්ධිමත් පුද්ගලයන් නොව වගකීම් විරහිතව ජනතාව අතර වෛරසය ව්‍යාප්ත කරන බව ද ශෘති පැවසුවාය. මෙම කාලයේ සෑම කෙනෙකුගේම ක්‍රියාවන් අනෙකුත් සෑම කෙනෙකුටම බලපාන බව ද ඇය පෙන්වා දුන්නාය. කොරෝනා රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීමට සාමූහිකව කටයුතු කළ යුතු බවද ඇය පෙන්වා දෙන්නීය. තමාද පසුගිය කාලයට වඩා හැකි තරම් ප්‍රවේශම් වූ බව ශෘති පැවසුවාය.
RED SPARROW
ඩාමිනිකා රුසියාවේ සුප්‍රකට මුද්‍රා නාටක ශිල්පිනියක්. රුසියාව කොහොමටත් මුද්‍රා නාට්‍ය සම්බන්ධව අති ප්‍රසිද්ධයි. එහෙත් ඩොමිනිකා ඔත්තුකාරියක ලෙස කටයුතු කරන්නට යොදා ගන්නේ ඇයගේ රූමත් සිරුරයි. සුප්‍රකට සිනමා නිලි ජෙනිෆර් ලෝරන්ස් ප්‍රධාන චරිතය රඟපාන මේ අපූරු චිත්‍රපටය ත්‍රාසයෙන් යුතු සිනමා කෘති නරඹන්නට කැමැති ඔබට හොඳ චිත්‍රපටයක් වේවි. ෆ්‍රැන්සිස් ලෝරන්ස් විසින් නිර්මාණය කරන ලද මෙහි සෙසු චරිත සඳහා ජොයෙල් එඩ්ගර්ටන් ද දායක වනවා
CITY LIGHTS
සමහර දේවල් තියෙනවා කවදාවත් අගය අඩු වෙන්නේ නැති. මෙයට අවුරුදු 80 කට පෙර , ඒ කියන්නේ 1921 අවුරුද්දේ චාලි චැප්ලින් විසින් නිර්මාණය කරන ලද සිටි ලයිට්ස් චිත්‍රපටයත් එබන්දක්. හැම සිනහවක් යටම ඇත්තටම කඳුළක් තියෙනවා. ඒ කඳුළ වහගන්න අප සිනහවෙනවා. චැප්ලින් මේ අග්‍රගණ්‍ය සිනමා නිර්මාණය ඔස්සේ ලොවට පැවසූ එම සනාතනික ධර්මය අදටත් වලංගුයි. පාදඩයකු හා අන්ධ තරුනියක අතර ඇතිවන අපූරු හැඟීම කිසිකලෙක වචනයෙන් විස්තර කරන්නනට බැහැ. එය නැරඹිය යුතුයි. පාදඩයා ගැන අන්ධ තරුණිය සිතා සිටිනුයේ ඔහු තමාගේ හිත දිනූ ධනවත් තරුණයෙක් හැටියට. ඔහුත් ඒ ආකායෙන් පෙනී සිටිනවා. ඔහුගේ එකම අරමුණ ඇයට නැවත පෙනීම ලබාදීම. මේ චිත්‍රපටය වසර 80 කට පසුව නරඹද්දීත් ඔබ ඉල ඇදෙනකම් සිනහ වේවී. ඒ වගේම අවසාන රූප රාමුවේ ඔබ හඬා වැටේවි. සිනමාව කියන්නේ ඒතරම් බලසම්පන්න කතා කලාවක් කියලා දැනේවි.
GODS MUST BE CRAZY
එකෝමත් එක රටක ඈත වනාන්තරයක මිනිසෙක් ඔහුගේ භාර්යාවත් ළමයිනුත් සමඟ සතුටින් ජීවත් වෙනවා. එක් දවසක කුඩා ගුවන් යානයකින් අත අරින කොකා කෝලා බෝතලයක් මේ මනුස්සයාගේ හිසේ වදිනවා. මිනිහා හිතන්නේ මේ අලුත් වස්තුව දෙවියන් දුන්න එකක් කියලා. හැබැයි ටික දවසක් යනකොට මේ දේව තෑග්ග නිසා ගෙදර තිබුණ සමගිය සාමය නැතිවෙනවා. අන්තිමට මේ මනුස්සයා තීරණය කරනවා මේ තෑග්ග ලෝකේ කෙලවරට ගිහින් ආපහු දෙයියන්ටම බාර දෙන්න. හැබැයි ඒ ලෝකේ මේ වනාන්තරයට වඩා වෙනස්. මෙයට දශක කිහිපයකට පෙර කාන් සිනමා උලෙළේ තිරගතව ලොව පුරා අතිශය ජනප්‍රිය වූ බොට්ස්වානා චිත්‍රපටය අදටත් ඒ ආකාරයෙන්ම සිනහව උපදිනවා විතරක් නෙවේ. දේශපාලන වශයෙන් පවා අලුත් අදහසක් ගෙන එනවා. අමෙරිකානු ඩොලර් මිලියන 5 ක පමණ වියදමකින් තනපු චිත්‍රපටය ඒ කාලයේ විතරක් ඩොලර් බිලියනයකට වඩා ආදායමක් ලැබුවා. නරඹා නැති නම් අදම නරඹන්න. ජැමී උයිස් නිර්මාණය කළ මේ චිත්‍රපටය ජීවිතයේ එක්වරක් හෝ නැරඹිය යුතු චිත්‍රපටයක්.
TOOFAAN
ටූෆාන් එහෙම නැත්නම් සුළිසුළඟ කියලා හඳුන්වනුයේ බොක්සිං ක්‍රිඩකයකු වූ අසීස් අලිගේ අන්වර්ථ නාමය. කලහකාරයකු වන ඔහුට තරුණ වෛද්‍යවරියක වන අනන්‍යා මුණ ගැසෙනුයේ මේ ගෝරියක දී ඇතිවුණ තුවාලවලට බෙහෙත් දාගන්න ගියාම. හැබැයි එය ආදර කථාවක් වනවා. ඒ විතරක් නෙවෙයි මොහමඩ් අලිගේ බොක්සිං තරගයක් වීඩියෝ මාර්ගයෙන් දැක ගන්නා ඔහු බොක්සිං ක්‍රිඩාව පුරුදු වෙනවා. අනන්‍යාගේ ප්‍රශ්නය ඔහු බොක්සිං ක්‍රිඩකයකු වනවාද නැතිනම් චණ්ඩිවකු වන්නේ ද යන්න. ටිකක් දිග චිත්‍රපටයක්. ෆර්හාන් අක්තාර් මෙහි අසීස් අලි ගේ චරිතය මවන අයුරු සිත් ගන්නාසුලුයි. රකේෂ් ඕම්ප්‍රකාශ් මෙහෙරා විසින් නිර්මාණය කරන ලද අලුත් ම චිත්‍රපටය. බොක්සිං ක්‍රිඩාවත් පවුල් ජීවතයත් පිලිබඳ තැනුණු චිත්‍රපටයක්.
JUNE AND KOPI
ජූන් කියන්නේ මහ පාරේ ඇවිද යන සුදු පැහැති බල්ලෙක්. පොඩි එවුන් ටිකක් මේ දඩාවතේ ඇවිද යන බල්ලාට හිරිහැර කරද්ද් ඌ බේරෙන්නේ අයා ළගට ඇවිත් ඊට පස්සේ එයා අයා පස්සේ ගෙදරටම එනවා. අයා හා ඇගේ සැමියා ආලේ අලුතින් විවාහපත් යුවළක්. ඒ ගෙදර සිටින අනිත් බල්ලගේ නම කොපි. දඩාවතේ යන බල්ලාට ජූනි කියලා නම තියන්නේ අයා. ඒ අතර ගෙදරට අලුත් අමුත්තියක් එනවා. ඒ අයා හා ආලේගේ පුංචි දරු පැටියා. දැන් මේ කතාව සුන්දර චිත්‍රපටයක් වනවා. ඉන්දුනිසියාවේ හැදුණු මේ චිත්‍රපටය ගෙදර කාටත් බලන්න ,රස විඳීන්න හොඳ චිත්‍රපටයක්. නවියේන්ද්‍රා සන්තෝශා මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ.
THE SKIN OF THE WOLF
ස්පාඤ්ඤයේ සීතල හිම පිරි කදුවැටි පිරි නිම්නයක වෙසෙන මාටිනන්ගේ රැකියාව කැලේ සැරිසරන වෘකයන් මරා සම් විකිණීම. මේ දෙවෙනි ලෝක මහා සංග්‍රාමය ආසන්නයේ කතාවක්. සතියට වතාවක් ඔහු වනාන්තරය සිසාරා ගොස් මෙසේ දඩයමේ යෙදෙනවා. මේ වනාන්තරයේ ජීවත්වන ඔහුට විවාහයක් හෝ දරුවන් සැදීම සිහිනයක්. එක් දවසක් නගරයේ වෙළෙන්දෙක් ඔහුට විවාහ යෝජනාවක් ගේනවා. ඒ සුරූපි තරුණියක් පිළිබඳව. අනතුරුව ඔහු ඇයත් සමග මේ වනාන්තරයට පියමං කරනවා. එහෙත් මේ සිදුවීම මේ සොඳුරු වනාන්තරය ඇතුළේ අපූරු කතාවක් මවනවා. සුන්දර පරිසරයක් සාමු ෆුවෙන්ටස් නම් ස්පාඤ්ඤ් සිනමාවේදියා සිය කතාන්තරය කියන්නට අපුරුවට උපයෝගි කරනවා. මාරියෝ කසාස්, අයිරින් එස්කෝලර් මෙහි චරිත නිරුපණය කරනවා.