වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
වාසනාවේ දාදු කැටේ අපේ ජීවිතේ

සියොන්ග් ගි-හූන් ණය බරින් සිරවුණු පුද්ගලයෙකි. දිනක් දුම්රිය පොළකදී ඔහුට හොඳීන් ඇඳ පැලඳගත් අයෙක් මුණ ගැසෙන අතර තමා සමඟ කුඩා ළමයින්ගේ ක්‍රීඩාවක් වන 'ඩැඩ්ක්ජි' ක්‍රීඩාවෙහි නිරත වන ලෙසට ඔහු යෝජනා කරයි. යෝජිත ඔට්ටුව නම්, සියොන්ග් ජයග්‍රහණය කළහොත් ඔහුට කොරියන් වොන් ලක්ෂයක් (රුපියල් 17,000 ක පමණ මුදලක්) ලැබේ. පරාජය වුවහොත් අමුත්තා විසින් සියොන්ග් ගේ මුහුණට පහර දෙනු ලැබේ. ක්‍රීඩාව නීතිරීතීන්ට අනුකූලව සිදුවන අතර අමුත්තා විසින් ඔහුට ඇරැයුම් පතක් ලබා දෙන්නේ සුවිසල් මුදලක් දිනාගත හැකි ක්‍රීඩාවක් සඳහා ය. ගි-හුන් මේ යෝජනාවද පිළිගන්නා අතර සිහිසුන්ව ඇද වැටෙන ඔහු මීළඟට අවදි වන්නේ ගුප්ත ශාලාවකදී ය. ඔහු වැනිම තවත් ක්‍රීඩකයන් 455 දෙනෙකු ද මේ ස්ථානයේ සිටින අතර එකම ලෙස හැඳගෙන සිටින සියල්ලන්ගේම ඇඳුම්වල අනන්‍ය අංකයක් මුද්‍රණය කර ඇත. වෙස්මුහුණුවලින් මුව වසාගත් පිරිසක් විසින් මේ ස්ථානය පාලනය කරන බව පෙනේ.
ශබ්ද විකාශන යන්ත්‍රයකින් ක්‍රීඩකයන් ඇමතෙන අතර ඉන් කියවෙන්නේ ක්‍රීඩකයන් සියල්ලන්ම දැඩි මූල්‍ය අර්බුධයන්ගෙන් පෙළෙන්නන් බවත් තරග වට හයකින් සමන්විත මේ තරගාවලිය ජයග්‍රහණය කරන්නාට වොන් බිලියන 45.6 ක (රු. බිලියන 8 කට ආසන්න මුදලක්) ජයග්‍රහණය කිරීමට ලැබෙන බවත් ය. පසුව සියල්ලෝම ක්‍රීඩා පිටියකට කැඳවාගෙන යනු ලබන අතර පළමු ක්‍රීඩාව ආරම්භ වේ. ක්‍රීඩාවේ නීති ඉතා සරල වේ. තරගකරුවන්ට මීටර් ගණනාවක් දුරින් දිනුම් සීමාව වේ. ඉදිරියේ ඇති විශාල බෝනික්කෙක් විසින් 'කොළ එලිය' ලෙස නිවේදනය කළ විට තරගකරුවන්ට එදෙසට දිව යා හැකිය. 'රතු එලිය' යැයි නිවේදනය කළ විට තමා ඒ වන විට සිටින ඉරියවුවෙන්ම නැවතිය යුතු වේ. කොළ සහ රතු නිවේදන මාරුවෙන් මාරුවට කියවේ. රතු නිවේදනයේදී නොනවතින තරගකරුවන් එසැණින් තරගයෙන් ඉවත් කෙරේ. විනාඩි පහක් ඇතුළත තරගය නිම නොකරන්නන්ද තරගයෙන් ඉවත් කෙරේ. තරගයේ පළමු වටය එක තරගකරුවෙක් හැර සියල්ලන්ම නිම කරති. තරගකරුවන් 'ඉවත් කිරීම' යන්නෙන් ඇත්ත වශයෙන්ම අදහස් කෙරෙන්නේ ඔවුන් වෙඩි තබා ඝාතනය කිරීම බව වටහා ගන්නා තරගකරුවෝ අතිශය බියෙන් තැති ගනිති.
හ්වාං ඩොං-හියුක් විසින් නෙට්ෆ්ලික්ස් නාළිකාව වෙනුවෙන් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ‘Squid Game’ දකුණු කොරියානු ත්‍රාසජනක කතා මාලාව මෙලෙස ඇරඹේ. කොටස් නවයකින් යුත් මෙහි පළමු අදියර පසුගිය සැප්තැම්බර් 17 වැනිදා නෙට්ෆ්ලික්ස් විසින් මුදා හැරිණි. Squid Game එම සතියේ ලොව පුරා වැඩියෙන්ම නරඹන ලද නෙට්ෆ්ලික්ස් ටෙලි නාට්‍ය 10 අතරට පැමිණෙමින් ඉහළ ජනප්‍රියතාවයක් දිනාගෙන ඇති අතර නෙට්ෆ්ලික්ස් ජනප්‍රිය නාට්‍ය 10 අතරට පැමිණි පළමු කොරියානු කතා මාලාව බවටද පත් විය. ලී ජුංග් ජී, පාක් හේ සූ, හෝ යිඔන්ග් ජුංග් ඇතුළු කොරියානු නළු නිළි පිරිසක් මෙහි රංගනයෙන් දායකවන අතර ග්‍රෙග් චුන් ඇතුළු පිරිසක් විසින් මෙය ඉංග්‍රීසි බසින් හඬකවා ඇත. ඉඳභඪඤ ට්චථඥ ඉහළ විචාරක පැසසුම් ලත් නාට්‍ය මාලාවකි. රෝට්න් ටෝමැටෝස් අඩවියේ විචාරකයන් සත් දෙනෙකුගෙන් සියල්ලෝම මෙම කතාව අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 4/5 කි.