Beast සහ K.G.F: Chapter 2 මෙරට ආදායම් වාර්තා තබයි

අප්‍රේල් 28, 2022

 

Beast  සහ K.G.F: Chapter 2 චිත්‍රපට මෙරට ප්‍රදර්ශනයෙන් රුපියල් ලක්ෂ 400ක ආදායමක් වාර්තා කර තිබේ. රත්නපුරයේ පමණක් Beast  ප්‍රදර්ශනයෙන් ලද ආදායම රුපියල් ලක්ෂ 26කි. ජනප්‍රිය දකුණු ඉන්දීය නළු විජේ සහ පූජා හෙජ් ප්‍රධාන චරිතවලට පණ පොවන Beast  දෙමළ, ක්‍රියාදාම, හාස්‍ය චිත්‍රපටයකි. පසුගිය අප්‍රේල් 13 වැනිදා සිට තිරගත කෙරෙන එය රචනා කර අධ්‍යක්ෂණය කර තිබෙන්නේ නෙල්සන් විසිනි. එහි නිෂ්පාදන පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 150කි.

K.G.F: Chapter 2 චිත්‍රපටය 2021 වසරේ තිරගත කිරීමට නියමිතව තිබුණද කොවිඩ් වසංගතය හේතුවෙන් දින නියමයක් කල් දැමුණු අතර එය තිරගත කිරීම ආරම්භ කළේ පසුගිය අප්‍රේල් 14 වැනිදාය. එය K.G.F චිත්‍රපටයේ දෙවැනි දිගහැරුමයි. ම්.ට්.ජ් පළමු චිත්‍රපටය මෙන්ම K.G.F: Chapter 2 චිත්‍රපටයද අධ්‍යක්ෂණය කරන ලද්දේ ප්‍රශාන්ත් නීල් විසිනි. ඉන්දීය රුපියල් කෝටි 100ක් වියදමෙන් තැනුණු K.G.F: Chapter 2 චිත්‍රපටය කන්නඩ සිනමාවේ ඉහළම පිරිවැයකින් නිර්මාණය කළ චිත්‍රපටයද වේ. ඉන්දීය රුපියල් කෝටි 915ක ආදායමක් සමඟ එය මේ වන විට කන්නඩ සිනමාවේ ඉහළම ආදායම් චිත්‍රපටය මෙන්ම ඉන්දීය සිනමාවේ ඉහළම ආදායම් ලද චිත්‍රපට ලැයිස්තුවේ හය වැනි ස්ථානයට පැමිණ සිටී. ජනප්‍රිය කන්නඩ නළු යාෂ් විසින් ප්‍රධාන චරිතයට පණ පොවන මේ සමඟ බොලිවුඩ් නළු සංජේ දත් දකුණු ඉන්දියානු සිනමාවට පිවිසියේය. K.G.F 2 චිත්‍රපටයේ ඔහු ආදිරා නම් දුෂ්ට චරිතයට පණ පොවන්නේය. බොලිවුඩ් නිළි රවීනා තන්දන්ද මෙහි රංගනයෙන් දායක වී ඇත.