වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
අනාගත බිරිඳකට අවැසි ගුණාංග ගැන කියන Mr. Malcolmzs List

සිංහල සංස්කෘතිය හා සබැඳි විවාහ චාරිත්‍ර බොහොමයකි. ඒ හා සම්බන්ධ සියලූ වැඩ අරඹනුයේ සුබ නැකත් අනුව වේ. විවාහ යෝජනාවකදී පැරැන්නන්් පළමුව සිදුකළේ යෝජිත තරුණයාගේ හා තරුණියගේ පොරොන්දම් බැලීමය. පොරොන්දම් ගැළපීම සතුටුදායක මට්ටමක පවතී නම් මනාලිය බැලීමට මනාලයා ඇතුළු පවුලේ සාමාජිකයෝ පැමිණෙති. අතීතයේ හෙළ සිරිතට අනුව යෝජිත විවාහයකදී මනාලයා මුල්වරට මනාලිය දකින්නේ එදිනය. එම හඳුනා ගැනීමෙන් අනතුරුව මනාපය මත විවාහය වෙනුවෙන් කටයුතු සැලසුම් කෙරේ.
ජූලියා තිස්ල්වයිට් යනු 9 වැනි ශතවර්ෂයේ එංගලන්තයේ විසූ ධනවත් තරුණියකි. ඇය වංශවත් ධනවතෙකු වන මැල්කම් මහතා සමඟ පේ‍්‍රමයෙන් බැඳෙන්නීය. මැල්කම් මහතා සතුව අනාගත භාර්යාවකට අවශ්‍ය ගුණාංග ලැයිස්තුවකි. බෝල්රූම් නර්තනයකට සහභාගි වූ එක් රාත්‍රියකට පසු මනාලිය වීම සඳහා අවශ්‍ය ලැයිස්තුවේ ඇති ගුණාංගයක් සපුරාලීමට අපොහොසත් වීමෙන් මැල්කම් මහතා විසින් ජූලියා ප්‍රතික්ෂේප කරනු ලැබේ. එයින් නින්දාවට පත් වූ ජූලියා මැල්කම් මහතා ගෙන් පළිගැනීම එකම අධිෂ්ඨානය කර ගනී. මේ අවස්ථාවේදී ජූලියාගේ උපකාරයට පැමිණෙන්නේ ඇගේ මිතුරිය වන සෙලිනා ඩෝල්ටන්ය. ජූලියා, සෙලීනා සමඟ එක්ව කරන්නා වූ මෙම රහස් සැලැස්මේ අවසානය කෙසේ විසඳෙනු ඇති දැයි දැක ගත හැකි වන්නේ පසුගිය 01 වැනිදා සිට තිරගත වීම ආරම්භ වූ Mr. Malcolmzs List චිත්‍රපටයෙනි.
ඇමරිකානු ලේඛිකාවක වන සුසෑන් ඕලයින් විස්න එනමින් රචිත නවකතාව ඇසුරින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ තිරරචනය කර තිබෙන්නේද සුසෑන් විසිනි. චිත්‍රපටය බි්රතාන්ය ජාතික අධ්‍යක්ෂිකා හෝලි ජෝන්ස්ගේ කුලූඳුල් වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණයයි. මීට පෙර ජෝන්ස් විසින් Mr. Malcolmzs List හි කෙටි චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කරන ලදී. Mr. Malcolmzs List චිත්‍රපටයේ ෆ්රීඩා පින්ටෝ, සෝප් දිරිසු, ඔලිවර් ජැක්සන් - කොහෙන්, ඈෂ්ලි පාර්ක්, සාවේ ඇෂ්ටන් සහ තියෝ ජේම්ස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. Mr. Malcolmzs List චිත්‍රපටයට රොට්න් ටොමැටෝස් අඩවියේ ලැබී ඇති ලකුණු ප්‍රමාණය 77%කි. විචාරකයන් පවසන්නේ යුගයක් නිරූපිත විශේෂිත, ආදර ප්‍රහසනයක් ලෙස මෙම චිත්‍රපටය හොඳ නිර්මාණයක් බවයි. එසේම ටෙලි කතා මාලාවක් වන Bridgerton හෝ Personal History of David Copperfield චිත්‍රපටයෙන් ආදර්ශයක් ගෙන ඇති බව පෙන්නුම් කරන බවත් ඇතැම්හු සඳහන් තර ඇත. මෙහිදී ඉන්දියානු නිළි ෆ්‍රෙඩා පින්ටෝ පේ‍්‍රමණීය ප්‍රධාන චරිතයක් ලෙසින් පැමිණීමත් විචාරක ප්‍රශංසාවට ලක් වී ඇත.