තරුණියන් දෙදෙනකුගේ අතුරුදන් වීම

ජූලි 21, 2022


ප‍්‍රීති නම් තරුණිය අධිවේගී මාර්ගයේ රිය පදවන අතර ඇයගේ මෝටර් රථයේ දෝෂයක් හේතුවෙන් එය පසෙකට කර නතර කිරීමට සිදුවේ. මෙය දුටු නිලධාරි ඊබ‍්‍රහිම් ඇයට උදව් කිරීමට පැමිණේ. ප‍්‍රීති තම පියාට දුරකථනයෙන් ඇමතීමෙන් පසු ඔහු පැමිණෙන විට දැකගත හැකි වන්නේ ඇය අතුරුදන් වී ඇති බවයි. ඇය නිල් පැහැති මෝටර් රථයකට ගොඩ වූ බවත් එම මෝටර් රථයෙන් පැමිණියේ ඇයගේ පියා යැයි තමා සිතූ බවත් ඊබ‍්‍රහිම් පවසයි. ප‍්‍රීතිගේ මව්පියන්ගේ මිතුරකු වන විශ්වනාත්, ඊබ‍්‍රහිම් ක‍්‍රියා කළ ආකාරය අවිශ්වාසයෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමේ පියවරට පැමිණේ.

වික‍්‍රම් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියකු වන අතර මිනීමැරුම් පරීක්ෂණ කණ්ඩායමට අනුයුක්තව සේවය කරයි. ඔහු ඉතා දක්ෂ හා තියුණු වන අතර අසීරුතම තත්ත්වයන්හිදි පවා තොරතුරු ග‍්‍රහණය කර ගැනීමේ හැකියාවෙන් තීරණාත්මක නඩු විසඳයි. නමුත් ඔහු පශ්චාත් කම්පන ආතතියෙන් පීඩා විඳී. ඔහු පේ‍්‍රමයෙන් බැඳි සිටින නේහා නම් තරුණිය අතුරුදන් වන්නේ ඔහු ප‍්‍රතිකාර වෙනුවෙන් මාස හයක නිවාඩුවක් ගෙන සිටියදීය. මේ වන විට තරුණියන් දෙදෙනකු අතුරුදන් වී අවසන්ය. ඒ සමඟ ප‍්‍රතිකාර කටයුතු පසෙක දමා වික‍්‍රම් නැවත පැමිණේ. ප‍්‍රීති සහ නේහාගේ අතුරුදන්වීම් පසුපස හඹා යන වික‍්‍රම්ගේ කතාව දැක ගත හැකි වූයේ සයිලේෂ් කොලනු අධ්‍යක්ෂණය කළ 2020 වසරේදී තිරගත වූ ්‍යෂඔ ථ ඔයැ ත්‍සරිඑ ක්‍්ිැ තෙළිඟු‍, ක‍්‍රියාදාම, ත‍්‍රාසජනක චිත‍්‍රපටයෙනි. විශ්වක් සෙන්, රුහනි ශර්මා, චේතන්‍ය සගිරාජු, බ‍්‍රහ්මාජි, හරි තේජා, මුරලි ශර්මා ඇතුළු පිරිසක් එහි රංනයෙන් දායක වූහ.

තෙළිඟු‍ සිනමාවේ ආදායම් වාර්තා තැබූ HIT : The First Case හින්දි බසින් නිර්මාණය වූයේ ද සයිලේෂ් කොලනුගේ අධ්‍යක්ෂණයෙනි. පසුගිය ජූලි 15 වැනිදා සිට තිරගත කෙරෙන එහි පොලිස් නිලධාරි වික‍්‍රම් ලෙසින් පණ පොවන්නේ රාජ්කුමර් රා ඕය. මෙම චිත‍්‍රපටය රා ඕගේ ප‍්‍රථම ක‍්‍රියාදාම චිත‍්‍රපටයද වේ. ඔහුගේ පළමු ක‍්‍රියාදාම රංගනය විචාරකයන්ගේ ප‍්‍රශංසා හිමි කර ගැනීමට සමත් වී තිබේ. ”‍ඔබ රාජ්කුමාර් රා ඕ වෙතින් ශක්තිමත් රංගනයක් සොයන්නේ නම්,HIT එම බලාපොරොත්තු සුන් නොකරනු ඇත”‍ විචාරකයෝ පවසති. අධ්‍යක්ෂ සයිලේෂ් කොලනු පවසා සිටින්නේ ඔහුගේ HIT : The First Case චිත‍්‍රපටය හින්දි භාෂාවට ප‍්‍රතිනිර්මාණය කිරීමේදී වික‍්‍රම්ගේ චරිතය වෙනුවෙන් සිය ලැයිස්තුවේ සිටි එකම පුද්ගලයා රාජ්කුමර් රා ඕ බවයි. ”‍වික‍්‍රම් වෙනුවෙන් මට අවශ්‍ය වුණේ වැඩි කතා නොමැතිව බොහෝ දේ සන්නිවේදනය කළ හැකි නළුවෙක්. වික‍්‍රම් කතා කරන්නේ ඉතා අඩුවෙන්. නමුත් ඔහුගේ ඇස්වලින් බොහෝ දේ පවසයි. මගේ විශ්වාසය වුණේ එය කළ හැකි වන්නේ රාජ්කුමාර් රා ඕ හට පමණක් බවයි”‍ සයිලේෂ් පැවසීය.