සුපිර වීර සතුන්ගේ ගලවා ගැනීමේ මෙහෙයුම

The Legion of Super-Pet
ජූලි 28, 2022

 


හොලිවුඞ් චිත‍්‍රපට ඉතිහාසයේ සුපිරි වීර චරිත චරිත ආශ‍්‍රය කරගත් චිත‍්‍රපට වර්තමානයේ වැඩි වැඩියෙන් නිර්මාණය වන බව නොරහසක්. Statista'com නම් වෙබ් අඩවියට අනුව 2019 වසර අවසන් වන විට ‘මාවල් සිනමැටික් යුනිවර්ස්‘ සුපිරි වීර චිත‍්‍රපට විසින් අමෙරිකානු ඩොලර් බිලියන 22 කට වැඩි මුළු ආදායමක් ලබා තිබුණු අතර ‘ඞී. සී. එක්ස්ටෙන්ඩඞ් යුනිවර්ස්‘ චිත‍්‍රපට විසින් අමෙරිකානු ඩොලර් බිලියන 5 කට වැඩි මුළු ආදායමක් ලබා තිබුණි. එලෙසම සුපිරි වීර චරිත අලළා නිමැවුණු චිත‍්‍රපටයක ‘සාමාන්‍ය ආදායම‘ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ වී ඇත. සුපිරි වීර චරිතවලට ඇති ඉල්ලූ‍ම මෙලෙස තිබියදී මෙම චරිතයන්හි වීරත්වය, පෞද්ගලිකත්වය, සාර්ථක - අසාර්ථකභාවය හෝ අඳුරු බව පමණක් නොව සුපිරි වීරයන්ගේ පරම සතුරන් ගැන පවා මෑත කාලීනව චිත‍්‍රපට නිර්මාණය වූ බව පෙනේ. ‘අසාර්ථක‘ සුපිරි වීරයකු ගැන කියවෙන ‘හැන්කොක්‘ (2008), අඳුරු සුපිරිවීරයකු ගැන කියවෙන ‘බ‍්‍රයිට්බර්න්‘ (2019) සහ වීර චරිතයක පරම සතුරකු ගැන කියවෙන ‘ජෝකර්‘ (2019) මීට උදාහරණ වේ.

මේ වසරේදී දිග හැරෙන නවතම සුපිරි වීර චිත‍්‍රපටය The Legion of Super-Pet ලෙසින් නම් වී ඇත. ඇමරිකානු ත‍්‍රිමාණ පරිගණක සජීවකරණ සුපිරි වීර හාස්‍යමය චිත‍්‍රපටයක් වන එය ෘක්‍ චිත‍්‍රකතා සමඟ එන සුපිරි වීරයන්ගේ සුරතල් සතුන් සම්බන්ධ වූ කතාවක් ගෙන එයි. ඔයැ ඛැටසදබ දෙ ීමචැර-ඡුැඑි යනු ෘක්‍ විශ්වයේ සුපිරි බලැති සුරතල් සතුන්ගේ කණ්ඩායමකි. ක‍්‍රිප්ටෝ නම් සුපිරි සුනඛයා, ස්ටේ‍්‍රකි නම් සුපිරි බළලා, බෙප්පෝ සුපිරි වඳුරා සහ කොමෙට් නම් වූ සුපිරි අශ්වයා මෙහි මුල් සාමාජිකයෝ වෙති. තම

හැඩය වෙනස් කළ හැකි පිටසක්වළ පෝර්ටි ෂෂ කණ්ඩායමට පසුව එක් විය. මෙම සුපිරි සත්ත්ව කණ්ඩායම ප‍්‍රථම වරට පෙනී සිටියේ 1962 වසරේ පෙබරවාරි මස නිකුත් වූ ඇඞ්වෙන්චර් කොමික්ස් 293 සමඟිනි.

The Legion of Super-Pet චිත‍්‍රපටය ඇමරිකානු ජාතික තිරරචකයකු මෙන්ම චිත‍්‍රපට නිෂ්පාදකවරයකු වන ජෙරාඞ් ස්ටර්න්ගේ කුලූඳුල් චිත‍්‍රපට අධ්‍යක්ෂණය වේ. චිත‍්‍රපටයේ හඬ දායකත්වය වෙනුවෙන් හොලිවුඩයේ ජනප‍්‍රිය තරු රැසක් එක් වී සිටිති. ඞ්වේන් ජොන්සන් සුපර් මෑන්ගේ ලැබ‍්‍රඩෝ වර්ගයේ සුනඛ සුරතලා ක‍්‍රිප්ටෝ ලෙස ද කෙවින් හාර්ට් බැට් මෑන්ගේ බොක්සර් වර්ගයේ සුනඛ සුරතලා වන බැට් හොවුන්ඞ් ලෙස ද කේට් මැකිනන් ලූලූ‍ නම් කුඩා ඌරා ලෙසද ජෝන් ක‍්‍රසින්ස්කි සුපර් මෑන් ලෙස ද, කීනු රීව්ස් බැට් මෑන් ලෙස ද වැනෙසා බේයර් විශාල ඌරෙක් ලෙස ද ඔලිවියා වයිල්ඞ් ලූ‍විස් ලේන් ලෙසද ජමීලා ජමීල් වොන්ඩර් වුමන් ලෙස ද ජෙමයින් ක්ලෙමන්ට් ඇක්වාමන් ලෙස ද ජෝන් අර්ලි ෆ්ලෑෂ් ලෙස ද ඬේවීඞ් පොලන්කො සයිබෝග් ලෙස ද මේ වෙනුවෙන් හඬ දායකත්වය ලබා දෙති.

ක‍්‍රිප්ටෝ හෙවත් සුපර්-ඩෝග් සහ සුපර්මෑන් වෙන් කළ නොහැකි හොඳම මිතුරන් සේ බැඳි සිටිති. ඔවුහු සිය සුපිරි බලය බෙදා ගනිමින් මෙට්‍රොපොලිස් හි අපරාධවලට එරෙහිව සටන් කරති. ජස්ටිස් ලීග් නම් ඇමරිකානු සුපිරි වීර කණ්ඩායම බේරා ගැනීම වෙනුවෙන් ක‍්‍රිප්ටෝගේ මූලිකත්වයෙන් සුපිරි වීර සුරතලූ‍න්ගේ නව බලයන් ප‍්‍රගුණ කර ගලවා ගැනීමේ මෙහෙයුමක් සඳහා සැරසේ. එම මෙහෙයුම දැක ගත හැකි වන්නේ හෙට (ජූලි 29) සිට වෝනර් බ‍්‍රදර්ස් පික්චර්ස් නිකුත් කිරීමට සැලසුම් කර ඇති ෘක්‍ ඛැ්ටමැ දෙ ීමචැර-ඡුැඑ චිත‍්‍රපටයෙනි.