වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
මරාන්තික ආකර්ෂණය

ගැහැනුන්ගේ හැඟීම්, දැනීම්, මෙන්ම ආදරය, ආශාව, එමෙන්ම වෛරය හරි හැටි තේරුම් නොගත් මිනිසකුට සිදුවන ව්‍යසනය, අභ්‍යන්තරිකව හා බාහිරව ඉදිරිපත් කළ ‘සයිකලෝජිකල් ත‍්‍රිලර් හෙවත් ‘මනෝමූලික ත‍්‍රාසය’ විශිෂ්ට ලෙස ඉදිරිපත් කළ චිත‍්‍රපටයකි ‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්’. මිනිස්සුන් යමක් අයිති කර ගැන්මට දඟලන දැඟලිල්ලට වඩා, දැඟලිල්ලක් ගැහැනුන් දඟලන බවත්, එයම ඔවුනොවුන්ගේ විනාශයට හේතු වන බවත් කදිමට පෙන්වන නිදසුනකි ‘මාරක ආකර්ෂණය’ හෙවත් ‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්’ චිත‍්‍රපටය.
1980 වසරේ ඇමරිකානු ජාතික ජේම්ස් ඩෙයාර්ඩන් ‘ඩිවර්ෂන්’ යනුවෙන් කෙටි චිත‍්‍රපටයක් ලියා අධ්‍යක්ෂණය කොට ප‍්‍රදර්ශනය කළේය. ඉන් අවුරුදු 7 කට පසු ඇමරිකානු චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ ඒඩි‍්‍රයන් ලීන් ගෙන් තිර නාටකයක් ලිවීමට ජේම්ස් ඩෙයාඩර්න්ට ඇරැයුමක් ලැබිණි. ඒ වන විටත් ඒඩි‍්‍රයන් ලීන්න්ගේ චිත‍්‍රපට 3ක් ප‍්‍රදර්ශනය වී තිබුණි. ඒ 1980 වේ ‘ෆොක්සස්’ 1983 ‘ෆ්ලෑෂ් ඩාන්ස් සහ 1986 දී ‘9 1/2 වීක්ස්’ ය.
ඒඩි‍්‍රයන්ගේ එකී චිත‍්‍රපට අධ්‍යයනය කරන විට ජේම්ස් ඩෙයාර්ඩන් ට තේරුණේ ඒඩි‍්‍රයන් ශෘංගාරයට වැඩි තැනක් දෙන බවත්, ඒ සමානම ‘මොඩර්න්’ සංගීතයට ද දැඩි ඇල්මක් දක්වන බවකි. එලෙසම ඔහුගේ චරිත තුළ විශේෂයෙන් කාන්තාවෝ, සිගරට් හා විස්කි, ෂැම්පේන් බොමින්, අවස්ථා ලද සැණින් මත්ද්‍රව්‍ය හෝ ගන්නා අය මෙන්ම, වඩාත් රාග ක‍්‍රියාකාරිත්වයට යොමු වන බවකි. ඔහුගේ මුල් චිත‍්‍රපටය වූ ‘ෆොක්සස්’ තුළින් කියවුණේ එකල කෙල්ලන්, රාගය, සංගීතය, මත්ද්‍රව්‍ය සම`ගින් තම තරුණ වියට එළඹෙන අන්දමය. ඔවුන් තරුණ වියට එළැඹෙන විට ඇතැම් අය එකී අයාලේ ගිය ජීවිත නිසා විනාශ වී ගොස් ඇති අතර, ඇතැම් අය තම වැරදි අවබෝධ කරගෙන ජීවිතය නව මාවතකට හරවා ගෙන තිබුණි. එලෙසම ඒඩි‍්‍රයන්ගේ ‘ෆ්ලෑෂ් ඩාන්ස්’ චිත‍්‍රපටයෙන් කියවුණේ වාහන ගරාජයක මැකැනික් වරියක් ලෙස වැඩ කරන රූමත් යෞවනියක් මෙවන් පරිසරයක සිට හෝ තමන්ගේ එකම අභිලාෂය වූ ‘මොඩර්න් බැලේ ඩාන්සර්’ කෙනෙක් වීමය. අයිරින් කාරා ගයන ‘වටර් ෆීලින්ග්ස්‘ ගීතය අයත් වුණේද මේ චිත‍්‍රපටයටය. මෙය රොමැන්ටිකල් සාරය යටතේ හැදුණු චිත‍්‍රපටයක් නිසා එහි ශෘංගාර ජවනිකා එකතු කිරීමට ඒඩි‍්‍රයන් අමතක කළේ නැත. නමුත් ඔහු ඔහුගේ ‘9 1/2 වීක්ස්’ තුළින් නම් අධික ලෙස රාගීක ක‍්‍රියාකාරකම් පෙන්වන්නට විය. එය එකී කථා ශාරයට අවශ්‍ය වුවද, ඒඩි‍්‍රයන්ට අවශ්‍ය වූයේ එකී දර්ශන ස්වභාවිකවම පෙන්වීමටය.
මේ සියල්ල හොඳින් අධ්‍යයනය කෙරූ ජේම්ස් ඩෙයාර්ඩන්, අවසානයේදී තීරණය කළේ තමා මීට අවුරුදු 7කට ප‍්‍රථම ලියා අධ්‍යක්ෂණය කළ කෙටි චිත‍්‍රපටය වූ ‘ඩිවර්ෂන්’ තේමාව ගෙන එය වෘත්තාන්ත චිත‍්‍රපටයකට සරිලන අන්දමට සකස් කිරීමය. ‘ඩිවර්ෂන්’ කෙටි චිත‍්‍රපටය නැරැඹු ඒඩි‍්‍රයන් ලීන්, ජේම්ස් ඩෙයාර්ඩන් ගෙ අදහස එක හෙළාම අනුමත කළේය.
ඒඩි‍්‍රයන් ලීන්ගේ හැම චිත‍්‍රපටයක්ම පාහේ කේන්ද්‍රීය කරගන්නේ ස්තී‍්‍රත්වයයි. ඔහුගේ ‘ෆොක්සස්’ චිත‍්‍රපටයේ ‘ජෙනි’ (ජූඩි ෆෝස්ටර්*, ‘ෆ්ලෑෂ් ඩාන්ස්’ චිත‍්‍රපටයේ ‘ඇලෙක්සැන්ඩ‍්‍රා’, (ජෙනිෆර් බේල්ස්*, ‘9 1/2 වීක්ස්‘ චිත‍්‍රපටයේ ‘එලිසබත්‘ (කිම් බැසින්ගර්*, ඉන්පසු කළ, ‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්’ හි ‘ඇලෙක්ස් ෆොරස්ට්’ (ග්ලෙන් ක්ලෝස්*, ‘ඉන්ඞීසන්ට් ප‍්‍රපෝසල්’ චිත‍්‍රපටයේ ‘ඩයනා මර්පි’ (ඩෙමි මුවර්*, හා ‘ලොලිටා’ 1997 වසරේ නැවත නිර්මාණය වූ චිත‍්‍රපටයේ ‘ලොලිටා’ (ඩොමිනික් ස්වේන්*යන චරිත, එයට කදිම නිදසුනකි.
‘ඩිවර්ෂන්’ තිර කථාව ජේම්ස් ඩෙයාර්ඩන් අතින් වෘත්තාන්ත චිත‍්‍රපටයකට අනුව ලියැවුණි. ඒඩි‍්‍රයන් එය ‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්‘ යයි නම් කළේය. තිරනාටයේ පුරාවටම ඉස්මතු වූයේ ‘ඇලෙක්ස් ෆොරස්ට්’ ගේ චරිතයයි.
ඩෑන් ගැලගර්, මෙහි ප‍්‍රධාන චරිතය මෙන්, කථාව ඔහු වටා ගෙතුණද, ඇලෙක්ස් ගේ චරිතය ඒ සියල්ල අබිබවා තිරනාටකය තුළින් මතුවන්නට විය. ඒඩි‍්‍රයන්ට අවශ්‍ය වූයෙත් එයමය.
චිත‍්‍රපටය පටන් ගන්නේ ඩෑන් හා ඔහුගේ බිරිඳ සැදෑ සාදයකට යෑමට ලෑස්ති වෙන දර්ශනයකිනි. එම අවස්ථාව අධ්‍යක්ෂකවරයා උපයෝගි කරගන්නේ ඩෑන් තම බිරිඳ හා කුඩා දියණිය සමඟ මොනතරම් සැහැල්ලූවෙන්, සමඟියෙන් හා සන්තෝෂයෙන් ගෙවනවාද යන්න පෙන්වීමටය. බිරිඳ සාදයට යෑමට මුහුණ සේදීම, ඩෑන් කුඩා දියණිය හා හුරතල් වෙමින්ම සාදයට යෑමට ලක ලෑස්තිවීම තුළ, ඔවුන් ගෙවන සුන්දර ජීවිතය අපට උවමනා කමින්ම අධ්‍යක්ෂකවරයා පෙන්වන්නේ ඉදිරියේදි සිදුවන්නට යන මහා ව්‍යසනයේ ඉඟියක් හෝ නොදෙන ලෙසටය.
සාදය බොහෝ දුරට වෘත්තිමය සාදයක් විය. බොහෝ වෘත්තිකයන් එතැන සිටින බවක් පෙන්වයි. ඩෑන්ගේ බිරිඳ ‘බෙත්’ ඉතාමත් රූමත්ව කැපී පෙනුණද, පේ‍්‍රක්ෂකයාගේ දෑස බොහෝ විට නතර වූයේ නම්, ‘ඇලෙක්ස් ෆොරස්ට්’ ළඟය. එක්වරම දුටුවිට ඇය එතරම් රූමත් තරුණියක් නොවීය. තාරුණ්‍යයෙන් මදක් ඉදිරියට ගිය පොඩි ‘පරිණත’ කමක් ඇයට තිබුණද, ඇයගේ මුහුණ පුරාවෙන්ම ගලන ශෘංගාරබවට, පේ‍්‍රක්ෂකයාගේ දෑස් ඇය ළඟ නතර වෙන්නට ඇත. පේ‍්‍රක්ෂකයා පමණක් නොව, ඩෑන් පවා ඇය දෙස උනන්දුවෙන් බැලූවේ ඒ නිසා ය.
චිත‍්‍රපටයේ දී ඩෑන් සහ ඇලෙක්ස් මුලින්ම මුණ ගැහෙන කලබලකාරී මත්පැන් බෙදන කවුන්ටරය ඇතුළු එකී දර්ශනය අධ්‍යක්ෂකවරයා, ඉමහත් උනන්දුවකින් කර තිබූ බවක් පෙනුනේ, චිත‍්‍රපටයේ මුල්ම කුතුහලය එතැන් සිට පටන් ගත් නිසාය. ඩෑන් හා ඇලෙක්ස් ගේ ඒ අහඹු හමුවීම විනාඩි දෙක තුනකට වඩා නොගියද, වචන කීපයකට පමණ සීමා වුණද, ඔවුන් අතරේ හදිසි ආකර්ෂණයක් ඒ සුළු මොහොතේ ඇතිවූ බවක් නම් ඔවුනොවුන්ගේ මුහුණුවලින් පිළිබිඹු විය. මුළු චිත‍්‍රපටයේම ඉදිරියේදී සිදුවන සිදුවීම් මාලාව, එතනින් කීමට නොහැකි වූවද, එයින් කිසියම් ව්‍යසනයක ලකුණු නොපෙනුණාම නොව.
ඇලෙක්ස් වෘත්තියෙන් පුවත් පත් කර්තෘවරියක් බව හඳුන්වයි. ඒ රොබින්ස් ඇන්ඞ් හර්ට්ස් පුවත්පත් සමාගමට අයත් පුවත්පතකය. එදා සාදයෙන් පසු ඩෑන්ට, ඇලෙක්ස්ව යළි මුණ ගැසෙන්නේ කිසියම් පුවත්පත් සාකච්ඡුාවකදීය. එහිදීද ඔවුන් ඔවුනගේ හිතවත් කම සුළු වශයෙන් අලූත් කර ගත්තද, එතැනින් එහාට විශේෂ යමක් සිදුවූයේ නැත. නමුත් මෙම සාකච්ඡුා ව නිමවී ඩෑන් එළියට යනවිට ඇති වූයේ මහ වැස්සකි. ඔහු එළියේ, වැස්සේ තෙමෙමින්ම තම කුඩා කුඩය ඉහළීමට උත්සහ කළද, එවෙලේ හමා ගිය තද සුළං නිසා ඔහුට ඒ කුඩා කුඩය ඉහළ ගැන්මට නොහැකි විය. ඔහු වැස්සේ තෙමෙමින්, කුඩයක් ඉහිළීමට කරන යුද්ධය ඊට තරමක් දුරින්, විශාල කුඩයක ආවරණයකින් සිටි ඇලෙක්ස් ගේ නෙත ගැටිණිි. ඇය වහා ඔහු වෙත පැමිණියේ ඔහු පත්වී ඇති අපහසුවෙන් මුදවා ගැන්මටය. මුදවා ගැනීම කෙතරම් දුර ගියාද කිවහොත් අවසානයේදී ඔවුන් දෙදෙනා නැවතුණේ ඉහළ පන්නයේ මත් පැන් අවහලක වයින් තොල ගෑමටය.
චිත‍්‍රපටය තුළ ඇලෙක්ස් යනු කුමන ආකාරයේ ගැහැනියක්දැයි විස්තර නොකළද, ඇය දරුණු ලෙස මානසික ආතතියකින් පෙළෙන්නියක් බව නම් වැටහෙන්නට විය. ඇය ජීවත් වූයේ තනිවමය. එලෙසම ඇය තාරුණ්‍යයෙන් පියමං වූ වයස 40කට කිට්ටු බවක් පෙනුණු අතර, ජීවිතය තුළ ඇය තනිවී සිටින බවක්ද පෙනෙන්නට තිබුණි.
මේ කිසිවක් නොදැන, නොඑසේ නම් ඒ ගැන කිසිවක් දැනගැන්මට උවමනාවක්ද නොවූ ඩෑන්, ඇයට යෝජනා කළේ පැය කීපයකට පමණක් සීමා වුණු රසයක් විදීමටය. ඇත්තෙන්ම ඩෑන්ට අවශ්‍ය වූයේ, එක් දිනෙක, එක් අවස්ථාවක ඇසුරකින් පසු, මෙය අමතක කර දැමීමටය. ඇලෙක්ස්ද එම ඉල්ලීමට එකඟ විය.
සිදුවීම එසේ සිදුවුණු අතර, ඇලෙක්ස්ගේ නිවසේ ඇය සමඟ ගතවූ එක්දින සබඳකම නිමකර යළි තම නිවෙසට, තම බිරිඳ හා දරුවා ළඟට යන්නට තැත් කෙරූ ඩෑන්ට සිදුවූයේ නොසිතු දෙයකි. ඇලෙක්ස් මුලින්ම ඩෑන් ට කීවේ එදින රාත‍්‍රියේ ඇය සමඟ නැවතී පසුවදා යන ලෙසය. එහෙත් ඩෑන් එයට එකඟ වූයේ නැත. එහෙයින් ඇලෙක්ස් කළේ තම අත් දෙක පිහියකින් දරුණු ලෙස කපා ගැනීමය. ලේ පෙරාගෙන තමා ළඟට පැමිණෙනු ඇලෙක්ස් දැක ඩෑන් ඇත්තටම බිය විය. ඒ බිය වීම ඇය දෑත් කපා ගැනීම හෝ ලේ පෙරාගෙන පැමිණි නිසාම නොව, ඇලෙක්ස් යනු කවුදැයි හරියටම දැනගැන්මට ඩෑන්ට හැකිවූ නිසාය. මේ ගැහැනිය තමා සිතූ සමාජශීලි සුන්දර ගැහැනිය නොවන බව ඩෑන්ට හැඟුණිි.
කෙසේ වෙතත් එදින රාත‍්‍රියේ ඔහුට ඇය සමඟ සිටීමට සිදුවුණු අතර, මෙය ඉදිරියේදි දරුණුතම ‘ව්‍යසනයක්’ වන බව ඩෑන්ට එවලේ වැටහී ගියේය.
චිත‍්‍රපටය ටිකෙන් ටික උණුසුම් වන්නේ, ඇලෙක්ස් දැනුම් දීමකින් තොරව ඩෑන්ගේ කාර්යාලයට පැමිණීමෙනි. එය ඩෑන් කිසිසේත් බලාපොරොත්තු වීමක් නොවේ. ඇලෙක්ස් කියන්නේ තමා එදා තමාගේ අත් දෙක කපාගෙන කළ ක‍්‍රියාව වැරදි බවත්, එයට සමාව ඉල්ලා ගැන්මට තමා පැමිණි බවක්ය. එලෙසම ඊළඟ සතියේ පැවැත්වෙන ‘මැඩම් බටර්ෆ්ලයි’ ඔපෙරාව නැරැඹීමට ඇයට ප‍්‍රවේශ පත‍්‍ර දෙකක් ලැබුණු බවත් එය තමා සම`ගින් නැරැඹීමට ආරධනා කිරීමටද මෙසේ පැමිණීම තවත් හේතුවක් බවය. (සාමාන්‍යයෙන් ඔපෙරා නැරඹීමට ප‍්‍රවේශ පත‍්‍ර ගැනීම පහසු නැත. ඔපෙරාවට මාස හතර පහකටත් කලින් මෙම ප‍්‍රවේශ පත‍්‍ර විකිණී අවසන් වනු ඇත.* එයට ස්තුති කෙරූ ඩෑන්, තමාට ඔපෙරාව නැරැඹීමට පැමිණීමට නොහැකිබවත්. අන්අතට මෙම හමුවීම මෙතැනින් නතර කළ යුතු බවත්, ඔවුන්ගේ ඇසුර එක දවසකට පමණක් සීමා කළ බව ඔහු යළිත් ඇයට සිහිපත් කළේය.
මේවා ඩෑන් සිතූ තරම් පහසුවෙන් නතර වූයේ නැත. ඔහුට සිදුවුණේ ‘කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ’ යන න්‍යාය ය. ඇලෙක්ස් ඩෑන්ට දිගින් දිගටම දුරකථනයෙන් අමතන්නට විය. ඇතැම් විට පාන්දර 2ට, 3ට, තම බිරිඳ සමඟ නිදා සිටින විට අමතන්නට විය. ඔහු ඇයව ම`ග හරින්නට, තම දුර කථන අංකය මාරු කළේය. එහෙත් ඇලෙක්ස්ව මේච්චල් කරන්නට ඔහුට පහසු වූයේ නැත.
ඇලෙක්ස් කෙසේ හෝ තර්ජනය කිරීමෙන් පසු ඩෑන්ට ඇය කියන තැනට ඇයව හමුවීමට යෑමට සිදු විය. එහි දී ඇය කීවේ ඇය ගැබ්බර වී ඇති බවකි. ඔහු කීවේ එය වෙන කාගෙන් හරි සිදුවී ඇති බවය. එහෙත් ඇය කීවේ, ඇය වෙන කිසිවෙක් සමඟ මෑත කාලයේදී නොසිටි බවකි. එවිට ඔහු කීවේ, එය ගබ්සා කරගන්නා ලෙසය. එවිටද ඇය කීවේ, තමාට දැන් අවුරුදු 40කට කිට්ටු වී ඇතිහෙයින්, දරුවෙක් ගැන මින් පසු බලාපොරොත්තු තබා ගත නොහැකි නිසා මේ දරුවාව හදා ගන්නා බවය. දරුවන් හදා ගන්නා තනි අම්මලා ඕන තරම් මේ ලෝකේ සිටින බවක්ද ඇය කීවාය.
මේ සිදුවීම් සියල්ලෙන්ම තේරූම් ගියේ කුමන හේතුවක් නිසා හෝ ඇලෙක්ස්, ඩෑන්ව අත් නොහරින බවකි. ඇය ඇත්තෙන්ම ඩෑන්ට මේ දක්වන්නේ ආදරයක්ද? ඒ ආදරය මතින් ඇයට උවමනා ඔහුව අයිති කර ගැන්මටද?. ඇය එක් අවස්ථාවක, ඔහුට ආදරය බව කීවද, ඩෑන් එය සැහැල්ලූ ලෙස සලකා ඉවත දැමීය. නමුත් ඇලෙක්ස් නම් එය කිසිසේත් සැහැල්ලූවට ගෙන තිබුණේ නැත.
එය මනාව ඔප්පු වූයේ, ඇය දිනක් ඩෑන්ගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳ හා කුඩා දියණියව බැලීමට ගිය අවස්ථාවෙන්ය. ඩෑන් කාර්යාලයේ සිට නිවසට එන විට ඇලෙක්ස් සිටියේ ඔහුගේ බිරිඳ බෙත් සමඟ සතුටු සාමිචියේය. ඒ වන විට ඩෑන්ගේ නිවස විකිණීමට දමා ඇති හෙයින්, ඇලෙක්ස් එම නිවසට පැමිණියේ එම නිවස ගැනීම සඳහා බැලීම මුවාවෙනි. එලෙසම ඩෑන් හා ඇලෙක්ස් බෙත් ඉදිරියේදී එසේ මුණගැසුණද, ඔවුනොවුන් හඳුනන බවක් නොපෙන්විය. එහෙයින් බෙත්ට සිදුවූයේ ඇලෙක්ස් ට තම සැමියා ඩෑන්ව හදුන්වා දීමටය.
දැන් නම් මේ උගුලෙන් ගැලවීම කිසිසේත් පහසු නොවන බව හරියටම ඩෑන්ට වැටහුණේ මෙම සිදුවීමේදීය.
‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්’ ත‍්‍රිලිං ශානරය යටතේ දැඩි කුතුහලයකින් අපට නැරඹීමට හැකි වූවද, මෙම කථා සාරය තුළ ඊට එහා ගිය දැඩි මානුෂීක සබඳතාවක් ගැඹුරින් ම විග‍්‍රහ කරන බවක් ඉඳුරාම පෙනී ගියේය. ඇලෙක්ස් වැනි ආත්මාර්ථකමිත්වයේ පතුළටම ගිය, ගැහැනියක් තම ආශාවන් කෙසේ හෝ ඉෂ්ට කරගන්නට, අහිංසක මිනිසකු උපයෝගී කර ගන්නා අන්දම, තිව‍්‍ර ලෙස ‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්’ තුළින් පෙන්නුම් කිරීමට, සංවේදී මෙන්ම කිළිපොලා යන සිදුවිම් කීපයක්ම ඉන්පසු එකතු විය. ඩෑන්ගේ හා බෙත්ගේ දියණියව ඇලෙක්ස් විසින් රැගෙන යාම, ඇයව සෙවීම පිණිස ගිය බෙත් රිය අනතුරකට පත් වීම, ඩෑන්ගේ කාරය මතට ඇසිඞ් දැමීම, වැනි සිදුවීම් තුළින්, ඇලෙක්ස් තම පළිගැනීමේ ක‍්‍රියාවලිය අත් හරින්නේ නැති බව ප‍්‍රත්‍යක්ෂ විය.
ඒඩි‍්‍රයන් ලීන් මේ සිදුවීම් පෙළ හරි අපූරුවට ඉදිරිපත් කොට තිබුණි. බෙත් රෝහලෙන් නිවසට පැමිණි දින ඇයගේ මුලූතැන්ගෙයි ගිනි උඳුනක ස්වයංක‍්‍රීය පිහුම් භාජනයක් තුළ රත් වෙන්නේ කුමක්දැයි විමතියෙන් බැලීමට යන තප්පර කීපය, ඩෑන් හා බෙත්ගේ කුඩා දියණිය, තම හා පැටියා සිටින කූඩුව දෙසට දිව යන දර්ශනය බද්ධ කිරීමත්, බෙත්, එකී පිහුම් භාජනයේ පියන විවෘත කරන නිමේෂයේම ඔවුන්ගේ දියණිය හාපැටියා සිටින කූඩුව විවෘත කිරීමත්, එම කූඩුව තුළ හාපැටියා නොමැති වීමත් ඒ තප්පරයේම රූප රාමුව බෙත් ගේ පිහුම් භාජනය විවෘත කරන දෙසට යොමු වීමත්, එය විවෘත කරන විට ඒ තුළ, අර හාපැටියා, මරා දමා, උණුවතුරේ තැම්බෙමින් සිටීම යන රූප රාමු සිනමාත්මකව සම්බන්ධ කිරීම ඒඩි‍්‍රයන් ලීන් ගේ විශිෂ්ටතම ඉදිරිපත් කිරීමක් විය.
චිත‍්‍රපටයේ අවසන් දර්ශන පෙල ඉතාමත් උද්වේගකර හසුරුවා තිබුණි. හා පැටියාව මරා භාජනයේ දමා පිලිස්සීමට ඉඩ හැරියේ කවුදැයි තමා දන්නා බව කී ඩෑන්, ඇලෙක්ස් සමඟ ඇතිවූ සියලූ සිදුවීම් බෙත්ට කීය. එලෙසම ඇය තමා නිසා ගැබ්බර වී ඇති බවත් කීය. එය බෙත්ට දරා ගැන්මට නොහැකි වූ අතර ඒ හේතුවෙන් දින කීපයකට බෙත් හා ඩෑන් වෙන්වී සිටියහ.
මේ අතර, ඇලෙක්ස්, කෙසේ හෝ බෙත්ව සදහටම ඩෑන්ගෙන් ඉවත් කිරීමට උත්සහ කළ අතර, ඇය ඩෑන්ට කීවේ, ඔහු , තමාගෙ කුසේ සිටින දරුවාගේ වගකීම භාර ගත යුතු බවය. මේ හේතුවෙන් ඩෑන් ඇයගේ නිවසට ගොස් ඇයට දරුණු ලෙස පහර දෙන්නට විය.
නැවත බෙත් හා ඩෑන් එකතු වී සිට්න බව දැනගත් ඇලෙක්ස් ඔවුන්ගේ නිවසට පැමිණ බෙත්ව නාන කාමරය තුළදී මරාදමන්නට තැත් කළාය. ඩෑන් පැමිණ බෙත්ව බේරා, ඇලෙක්ස් සමඟ මරාන්තික ලෙස සටන් කරන්නට විය. අවසානයේදී ඔහු ඇයව නාන බේසමේ වතුරේ ඔබා මරණයට පත් කළේය. නමුත් ඇය මිය ගියේ නැත. ඇය යළිත් ඩෑන් සමඟ සටනට ආයේ ය. එවිට ඇයව මරණයට පත් කළේ බෙත්ය. ඒ ඇය විසින් ඇලෙක්ස්ට වෙඩි තැබීමෙනි.
‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්‘ 1987 වර්ෂයේ ප‍්‍රථම තිර ගත කිරීමේදි, ඇමරිකාව තුළ ඉමහත් ජනප‍්‍රියට පත් වූ චිත‍්‍රපටයක් විය. පසුව මෙය ලොව පුරා ප‍්‍රදර්ශනය වූ පසුද, විශාල ජනප‍්‍රසාදයක් දිනා ගති. විශේෂයෙන් ම ඇලෙක්ස් ෆොරස්ට්‘ ලෙස රඟපෑ ග්ලෙන් ක්ලෝස් ගේ අද්වීතිය රඟපෑම පේ‍්‍රක්ෂක, විචාරක දැඩි පැසසුමට ලක් විය.
එවර ඇමරිකානු ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානයටද ග්ලෙන් ක්ලොස් නිර්දේශිත වූයේ , ‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්‘ හී ඇලෙක්ස් ෆොරස්ට් ගේ චරිතයටය. එලෙසම ‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්‘ එම සම්මාන උලෙළේදී ‘හොඳම චිත‍්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සහය නිළිය, හොඳම තිර නාටකය, හා හොඳම සංස්කරණය යන සම්මානවලටද නිර්දේශිත විය.
ඇලෙක්ස් ෆොරස්ට් ලෙස ග්ලෙන් ක්ලෝස් මෙන්ම, ‘ඩෑන් ගැලගර්‘ නීතිඥවරයා ලෙස මයිකල් ඩග්ලස් හා, ඔහුගේ බිරිඳ වූ ‘බෙත් රොජර්සන්‘ ලෙස ඈන් ආර්චර් රඟපෑ ‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්’ ඇස්තමේන්තු කර තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 4 කටය. එහෙත් එහි බොක්ස් ඔෆිස් ආදායම පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 320 ඉක්ම විය.
මෙය ලෝකය තුළ කෙතරම් ජනප‍්‍රියත්වයක් ලැබුවාද කිවහොත්, වෙනත් රටවල්වල සිනමාකරුවෝද, මේ තේමාව ඒ ආකාරයෙන්ම සිනමාවට නඟන්නට උත්සහ කළහ.
වර්ෂ 1989 දී ඉන්දීය අධ්‍යක්ෂකවරයකු වූ අශෝක් කුමාර් මේ තේමාවෙන් ‘අන්දෘ පෙයිඩා මසායිල්’ නමින් දෙමළ චිත‍්‍රපටයක් නිර්මාණය කළේය. ”සිල්ක් ස්මිතා” නම් ජනප‍්‍රිය නිළිය ඇලෙක්ස් ෆොරස්ට්ගේ චරිතයට ආදේශ විය. සරත් බාබූ, හා සරාන්‍යා අනෙක් ප‍්‍රධාන චරිත රඟපෑහ.
එලෙසම වර්ෂ 2000 හීදී හින්දි චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ සංජේ ගුප්තා මේ තේමාව හරහා චිත‍්‍රපටයක් නිර්මාණය කරන්නට සැරසුණිි. මනීෂා කොයිරාල, අනිල් කපූර් හා ජූහි චව්ලා, ප‍්‍රධාන චරිතවලට ගෙන ආරම්භ කරන්නට සැරසුණද, එය අතර ම`ග නතර විය. එහෙත් වසර 2001 දී හින්දි චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ රාජත් මුඛර්ජි මේ තේමාව අනුව ‘ප්‍යාර් තූනේ ක්‍යා කියා’ නමින් හින්දි චිත‍්‍රපටයක් නිර්මාණය කළේය. එහී ඇලෙක්ස් ෆොරස්ට් ගේ චරිතය නිරූපණය කළේ උර්මිලා මතෝන්දකාර් නම් නිළියයි. ෆර්ඩින් ඛාන් හා සොනාලි කූල්කානි සෙසු ප‍්‍රධාන චරිත රඟපෑහ.
උදයකාන්ත වර්ණසූරිය මේ තේමාව සිංහලයට හැරවුවේ 1999 දීය. ඒ ‘බහු භාර්යා’ නමිනි. එහි ඇලෙක්ස් ෆොරස්ට් ගේ ආදේශිත චරිතය රඟපෑවේ සංගීතා වීරරත්න ය. සෙසු ප‍්‍රධාන චරිත, රන්ජන් රාමනායක සමඟ වසන්ති චතුරාණි රඟපෑහ.
තිරගත වී අවුරුදු 35 ක්ම ගත වුණද, ‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්’ චිත‍්‍රපටය අදටත් නැවුම් චිත‍්‍රපටයක් ලෙස සැලකිය හැකිය. එකී තේමාව, අදටත්, මතුවටත් යාවත්කාලීන වේ.
ඒඩි‍්‍රයන් ලීන් ‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්’ චිත‍්‍රපටයට පසු ‘ජේකොබ්ස් ලැඩර්’, (1990*, ‘ඉන්ඞීසන්ට් ප්‍රොපෝසල්’,(1993*, ‘ලොලිටා, (1997*, ‘අන්ෆේත්ෆුල්’ (2002* යන චිත‍්‍රපට අධ්‍යක්ෂණය කළ අතර ඒ සියල්ලම ලොව තුළ ජනප‍්‍රිය වූවා සේම, ඒවා සාර්ථක, නිර්මාණ ලෙස පිළිගැනීමට ලක් විය. ඔහුගේ නවතම චිත‍්‍රපටය තිරගත වූයේ මෙම වසරේ එනම් 2022 දීය. එය බෙන් එෆ්ලෙක් රඟපාන ‘ඞීප් වෝටර්’ චිත‍්‍රපටය යි.
‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්’ ‘නෙට්ෆ්ලික්ස්‘ හරහා නැරැඹීමට හැකි අතර, මෙය මෙරට සැටලයිට් නාළිකාවන් වූ ‘හිට් ටීවී’ ‘නෙට්ෆ්ලික්ස්’ ‘එච්.බී. ඕ’. ම`ගින්ද නැරැඹිය හැකි අතර, ඉංග‍්‍රිසි චිත‍්‍රපට අලෙවි කරන ඞී.වී.ඞී. සාප්පුවලින් ඞී.වී.ඞී. තැටිය සොයා ගත හැකි ය. එලෙසම යූ ටියුබ් සමාජ මධ්‍ය තුළින්ද බාගත හැකිය.
විශිෂ්ටතම රඟපෑම්, මෙන්ම දක්ෂතම අධ්‍යක්ෂණයෙන් සපිරුණු ‘ෆේටල් ඇට‍්‍රැක්ෂන්’ යළි යළිත් නැරැඹිය යුතු චිත‍්‍රපටයක් බව නම් කිව යුතුමය.